ඇෆ්ගනිස්තාන මැතිවරණ කොමිෂන් සභාව අද (18) නිකුත් කළ අවසන් නිල ප්‍රතිඵලවලට අනුව අෂ්රෆ් ඝානී දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපති ධූරයට තේරී පත්ව ඇත.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 28 වැනිදා ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණය පැවැත්විණි. එහි අවසන් ප්‍රතිඵල නිකුත් කෙරුණේ අද (18) ය.
‘‘අෂ්රෆ් ඝානී සමස්ත ඡන්දවලින් සියයට 50.64ක ප්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා’’ යැයි කාබුල් නුවරදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඇෆ්ගනිස්තාන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හාවා අලාම් නුරිස්තානි ප්‍රකාශ කළාය.
‘‘ඇෆ්ගනිස්තාන ජනතාවට සේවය කිරීමට දෙවියන් ඔහුට උදවු කරාවි. ඒ වගේම අපේ රටට සාමය උදාවේවා යැයි මා යාඥා කරනවා’’ යැයි ද ඇය පැවැසුවාය.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී මෙන්ම ඡන්දය ගණනය කිරීමේ කටයුතුවලදී අක්‍රමිකතා සිදුව ඇතැයි චෝදනා එල්ල වූ නිසා ප්‍රතිඵල නිකුත් කිරීම මාස පහක් මුළුල්ලේ ප්‍රමාද විය. එසේ චෝදනා එල්ල වීම නිසා ඡන්දය නැවත ගණන් කරන්නැයි ඇෆ්ගනිස්තානයේ ප්ර ධාන විධායක තනතුර හොබවන අබ්දුල්ලා අබ්දුල්ලා තදින් ඉල්ලා සිටියේය. අබ්දුල්ලා අබ්දුල්ලා, අෂ්රෆ් ඝානීගේ ප්රලධාන ප්‍රතිවාදියා ය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා ඇෆ්ගනිස්තානය තුළ නව දේශපාලන අර්බුදයක් ද නිර්මාණය විය. මේ අතර කාලයේදී ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර ද සාම සාකච්ඡා පැවැත්විණි.
ආරක්ෂාව තහවුරු කරන්නේ නම් තමන් හමුදා ඉවත් කරගන්නා බව ද ඇමෙරිකාව එහිදි සඳහන් කර තිබිණි. එම ගිවිසුම සාර්ථක වුවහොත් ඇෆ්ගන් රජය සමඟ සාකච්ඡා පවත්වන බවට ද තලේබාන් සංවිධානය පොරොන්දුවක් ලබා දී තිබිණි.
සියල්ල හොඳින් සිදු වුවහොත් ඇෆ්ගනිස්තානයේ අනාගතය තීන්දු කරන සාකච්ඡා මේසයේ එක් පැත්තක අෂ්රෆ් ගානී අසුන් ගන්නා අතර අනෙක් පැත්තේ තලේබාන් සංවිධානයේ නායකයන් අසුන් ගනු ඇත.
වංචනික ලෙස නිකුත් කරන ලද ප්‍රතිඵල පිළිනොගන්නා බව අබ්දුල්ලා අබ්දුල්ලාගේ කණ්ඩායම මේ සතිය මුලදී ප්‍රකාශ කළේය.
වංචනික ප්‍රතිඵල නිකුත් කළහොත් තමන් ද සමාන්තර ආණ්ඩුවක් පිහිටුවනු බවට ඇෆ්ගනිස්තානයේ වත්මන් උප ජනාධිපති අබ්දුල් රෂීඩ් දොස්තුම් අනතුරු ඇඟවීය. අබ්දුල් රෂීඩ් දොස්තුම් ඇෆ්ගනිස්තානයේ බලවන්ත පුද්ගලයකු ලෙස සැලකෙන අතර හෙතෙම ඇෆ්ගනිස්තානයේ ජීවත් වෙන උස්බෙක් ජන කොටසට අයත් වන්නෙකි. එමෙන්ම ඔහු හිටපු සන්නද්ධ නායකයෙකි.
2014 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ද අබ්දුල්ලා, අෂ්රෆ් ඝානීට පරාජයට පත්විය. එහිදි ඇමෙරිකා එක්සත්ජ ජනපදයේ මැදිහත්වීමෙන් අබ්දුල්ලා අබ්දුල්ලා සහ අෂ්රෆ් ඝානී අතර බලය බෙදීමේ ගිවිසුමක් ඇති කරන ලදි.
ජනාධිපතිවරණයේදී මිලියන 2.7ක් ඡන්දය ප්‍රකාශ කළහ. විවිධ අක්‍රමිකතා නිසා ඉන් ඡන්ද මිලියනක් ඉවත් කරන ලදි. ඒ අනුව එය ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයක් වාර්තා වූ මැතිවරණය විය.
අවසානයේදී ගණනය කරන ලද්දේ ඡන්ද මිලියන 1.8ක් පමණි. ඇෆ්ගනිස්තානයේ ජනගහනය සැලකීමේදී එය සුළු ගණනකි. ඇෆ්ගනිස්තානයේ ජනගහනය මිලියන 35ක් වන අතර ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යව මිලියන 9.6කි.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අෂ්රෆ් ඝානී ඇෆ්ගනිස්තාන ජනාධිපති ධූරයට