යේමනයේ අගනුවර සනා හි අවමංගල්‍යය උත්සවයක් පැවැත්වෙන ස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ලවීමෙන් 140ට වැඩි පිරිසක් මියගොස් 500ක් පමණ තුවාල ලබා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යේමන සම්බන්ධීකාරක ජැමී මැක්ගෝල්ඩ්‍රික් විදෙස් මාධ්‍යයට පවසා ඇත.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ හවුති ගරිල්ලන් විසින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස නම්කර ඇති ගලාල් අල් රවිශාන් නම් පුද්ගලයාගේ පියාගේ අවමගුල් උත්සවය පැවැත්වෙන අවස්ථාවේදීය.
ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන සිටින හවුති ගරිල්ලා පාලන ඒකකය සෘජුවම චෝදනා කරන්නේ සෞදියෙන් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. නමුත් සෞදි රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමෙරිකාවෙන් ගැහුවා නම් සාධාරණයි. වෙන කවුරු හරි ගැහුවා නම් පරීක්ෂණ පවත්වන්ට සිද්ධ වෙයි.(හේ)