අවමඟුල් උත්සවයක දී පිලිගැන්වූ බීර පානය කිරීමෙන් මොසැම්බික් රාජ්‍යෙය් ටෙලේ ප්‍රාන්තයේ 69 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. තවත් 36 දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති. බීර බිව් තවත් 149 දෙනකු වෛද්‍ය පරීක්ෂණවලට ලක්කැර ඇත.

ඔවුන් පානයකැර ඇත්තේ මොසැම්බික් රාජ්‍යයේ සම්ප්‍රදායික බීර වර්ගයකි. උදේ කාලයේ බීර පානය කළ පිරිසට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවූ බවත් පස්වරුවේ දේහය සුසාන භූමියට ගෙනයාමෙන් පසු බීර පානය කළ පුද්ගලයන්ට එ්වා විෂ වී ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. මේ බියර් ගෙන ආ කාන්තාව ද මියගියාය.

රස විශ්ලේෂකයන් පවසන්නේ මේ බීරවලට කිඹුලකුගේ පිත මිශ්‍රවන්නට ඇති බවයි. මියගිය අයගේ රුධිරය හා ඉතිරි වූ බීර සාම්පල පරික්ෂා කැර බැලීමට  මොසැම්බික් අගනුවරට යවා ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.