ගුරුත්ව බලයෙන් ජව ගැනිවිය හැකි විදුලි පහනක් හදුන්වාදීමට බ්‍රිතාන්‍යයේ ඩෙසිවොට් නම් සමාගමක්
සමත්ව සිටී.
'ගුරුත්ව පහන' යන නාමයෙන් හැදින්වෙන මේ නිර්මාණය ඉන්දියාවේ හා අප්‍රිකාවේ අති දුෂ්කර
ප්‍රදේශවල වෙසෙනා ජනයා ඉලක්ක කර ගෙන නිපදවා ඇත. ඒ එවන් ප්‍රදේශවලට බොහෝ අවස්ථාවන්හි
විදුලි බලය මෙතෙක් සපයා දීමට බලධාරීන් අපොහොත්ව තිබීම නිසාය.තවද විදුලි බුබුලූ වලට ආදේශක ලෙස කුප්පි ලාම්පු ලන්තෑරුම් ආදිය භාවිතා කරන මෙවන් ජනයා ඒවා නිසාම අනතුරට පත්වීමේ අවදානමද ඒවාට භාවිතා වන භූමිතෙල් වැනි ඉන්ධන වලට ඔවුන්ට දැරීමට වන වියදමද ගුරුත්ව පහණේ නිර්මාපකයන් සැළැකිල්ලට ගෙන තිබේ.
ඉතා සරල ඇටැවුමක් වන මෙහි ඇත්තේ ආලෝක විමෝචක (එල්.ඊ.ඩී) වර්ගයේ පහණකි.එය ඩයිනමෝවක් සහිත වූ පරිපථයකට සම්බන්ධ කර ඇත.ඩයිනමෝ පරිපථයෙන් පහළට විහිදෙන රැහැන් දෙකකි.එයින් එකකට වැලි පිරැවූ මල්ලක් එල්වනු ලබයි.අනෙක් රැහැනේ ආධාරයෙන් මේ වැලි පැරැවූ මල්ල ඉහළට එසැවිය හැකි අතර ඉහළට ඔසවා අවසානයේ එය ගුරුත්වය යටතේ සෙමෙන් පහළට වැටීමට සළස්වා ඇත.මෙසේ නිදහසේ පහළට වැටෙනා වැලි ගොනිය හා සම්බන්ධ රැහැන ඇදීයාම නිසා ඩයිනමෝව කැරකැවේ. එයින් උපදින විදුලිය පරිපථයේ ගබඩා වී එල්.ඊ.ඩී පහණ දල්වයි.
වරක් ඇදීමෙන් විනාඩි 30 ක පමණ කාලයක් පුරා පහන දල්වා තිබිය හැකි බව මෙහි නිර්මාපකයන් කියයි.මෙවන් ඒකක 1000 ක් පමණ දැනටමත් ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශවල ජනතාව අතර ඛෙදා දීමට සැළැසුම් කර ඇතැයි සදහන්ය.ඉදිරියේදී ජංගම දුරකථන ආදී උපකරණද ජව ගැන්වීමට මෙය දියුණු කිරීම ඩෙසිවොට් සමාගමේ අරමුණයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිගවන බලශක්තියට කදිම විසදුමක්. අගය කල යුතුයි (ස)
හොඳ භාණ්ඩයක් , විශිෂ්ටයි ශ්‍රී ලංකා (ස)
වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍යයෙන්ම වියයුතුයි. (නි)
හදිසි අවස්ථාවන්ට ඉතා වටිනා නිර්මාණයක්.ගුරුත්ව බලයෙන් වැඩකරන මෝටර් මේ වනවිට නිපදවා තිබෙනවා. ලංකාවෙත් ගැජට් වැඩට දක්ෂ අයට මෙන්න ලින්ක් එකක්. http://www.youtube.com/watch?v=287qd4uI7-E (ස)
නියමයි (ස)
හොද නිපැයුමක් අගය කළ යුතුයි...!(නු)