( තිළිණි ද සිල්වා)
අරාබි සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමේ අරමුණෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නුවරදී විසි පස්වැනි වරටත් පැවති ‘‘අරාබි සංචාරක වෙළඳ පොළ ‘‘ සඳහා ශ්‍රී ලංකාව ඉතාම සාර්ථක ලෙසින් ඉකුත්දා සහභාගී වූ බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකා සංචරණ ක්ෂේත්‍රෙය් නියුතු සංචාරක සේවා සපයන ආයතනයන් 60 ක නියෝජිතයින් පිරිසක් මීට සහභාගී වූ අතරම ,රජය නියෝජනය කරමින් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග ,සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයද මීට එක් වූහ.
මෙම සංචාරක ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාව සභාගීවූ 15 වැනි වතාව අතර එහිදී ශ්‍රී ලංකා කුටිය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත විණි.මේ අවස්ථාවට ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක නියෝජිතයින් පිරිසක්ද එක්වූහ.
ඇමෙරිකා ඩොලර් 2.5 ආයෝජන පිරිවැය දරමින් පැවැති මෙම අරාබි සංචාරක වෙළඳ පොළට ලොව පුරා විසිරී සිටින සංචාරක් නියෝජිතයින් 40,000 අධික පිරිසක් පැමිණීම විශේෂත්වයකි.
සිව් දිනක් පුරා පැවති මෙම වෙළඳ පොළේදමෛරට සංචාරක නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ඇති ආකර්ශනීය ස්ථාන සහ ඓතිහාසික ස්ථාන පිළිබඳ පැමිණ සිටි අමුත්තන්ව දැනුම්වත් කරන ලදී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක මාකට් එකක් මතම යැපෙන්න එපා. තේ වගේ මේකත් මැදපෙරදිග මත යැපෙන එක බයානකයි. තේ එපා කියල, ශ්‍රමිකයොත් එපා කියල, සංචාරකයන්ටත් යන්න එපා කිව්වොත් ලංකාව වැටෙනවා නේද?