IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අයි ෆෝනය ගන්න ගිහින් කාණුවේ හිර වේ

කාණූවට වැටුණු අයි ෆෝනය සොයා ගැනීමට කාණුවට බැස එහි හිරවු  තරුණියක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වේ. ඇය 16 හැවිරිදි එලා සැන්කි නැමැති තරුණිය ගොඩ ගැනීමට ලන්ඩනයේ ගිනි නිවන  භටයන් කැඳවීමට සිදු විය.

දිනක් සැන්කි තම බල්ලා සමග පාරේ ව්‍යායාම කරමින් දුරකථන ඇමතුමක් අවසන දුරකථනය තම සාක්කුවට දමද්දී අසල කාණුවකට වැටිණි. එය සති දෙකකට පෙර මිලඳී ගත්තකි.

 ඇය කාණුවෙහි පියන ගලවා කාණුවට බැස්සාය. දුරකථනය සොයා ගැනීමට නොහැකි විය.ඇයට නැවත ගොඩ ඒමට ද නොහැකි විය.

ඇයගේ කෑ ගැසීම ඇසී එහි පැමිණි මව ජොවෑන් බි‍්‍රචිනෆ් (36) හදිසි ඇමතුම් අංශයට (999) දුරකථන ඇමතුමක් දුන්නාය. වහා ගිනි නිවන භටයෝද ආහ. ඇය කාණුවෙන් ගොඩ ගත්හ. අසල සිටියෙක් රහි ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරියේය.

මෙය තමාට කිසිදින අමතක නොවන අත්දැකීමක් වන අතර දැන් එම ස්ථානය තමාට හාස්‍ය උපදන ස්ථානයක් වී ඇති බව සැන්කි සිනාසෙමින් පැවසීය. ‘දැරිවියට අනතුරක් නැති නමුත් දුරකථනය කම්මුතුයි’ යනුවෙන් විදුහලේ ඇගේ යෙහෙළියෝ විහිලූ කරති.

වත්මන් තරුණ පරපුරට දුරකථනය කොපමණ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී ඇත්ද යත් තම ජීවිතය ගැන පවා නොසිතන අන්දම පෙන්වීමට මෙය කදිම නිදසුනක් බවට එරට බලධාරීන් පෙන්වා දෙයි.

 



අදහස් (0)

අයි ෆෝනය ගන්න ගිහින් කාණුවේ හිර වේ

විරාජ් Sunday, 06 April 2014 07:38 AM

චන්දී, ඔයා පුංචි ළමයෙක් වගේනේ. අයියෝ! අපේ ගෙදර කාර් දෙකක්, ශීතකරන දෙකක් තිබෙනවා. තව මොනවද එහෙම තියෙන්නේ කියලා මම මේ කල්පනා කළේ. (නි)

:       0       0

ඉන්දික ගම්පහ Sunday, 06 April 2014 11:19 AM

චන්දී, ප්‍රවේශම් කරලා තියාගන්න හො‍ඳේ (නි)

:       0       0

චන්දි Saturday, 05 April 2014 02:20 AM

මා ළඟත් අයි ෆෝන් දෙකක්ම තිබෙනවා (නි)

:       0       0

නීලමනී Saturday, 05 April 2014 07:51 PM

අයියෝ තව පොඩ්ඩෙන් ෆෝන් එකක් නිසා හැමදෙමනති වෙනවා (දී)

:       0       0

රත්න Sunday, 06 April 2014 12:43 PM

අනේ මෙහෙමත් ආශාවන්? (නි)

:       0       0

නිල්මිණි තාරා Saturday, 05 April 2014 09:11 PM

අයියෝ මෙහෙමත් මෝඩ වැඩක් (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 06 April 2014 02:20 PM

ඇඟේ හැටියට මොලේ නෑනේ? තාප්පයක පොඩි කව්ලුවකින් රිංගපු පසුව තණ කොළ කාලා නැවත එලියට එන්න බැරිවුණ එළුවා මතකද?(දිල්)

:       0       0

චන්දි Sunday, 06 April 2014 02:32 PM

ලක්ෂ්මන් ජයවර්ධන කාටද මටද ඔය කිවුවේ. (ස)

:       0       0

කුමාරි Friday, 04 April 2014 04:44 PM

අප්පා එංගලන්තේ තියා දැන් ලංකාවේ ළමයින්ටත් ඔය අටමගලේ නැතිවම බැහැනේ.(නදී)

:       0       0

ක්‍රිශාන්ති Sunday, 06 April 2014 05:27 PM

තමන්ගෙ ඇඟේ සයිස් එක දැනගෙන එපාද කාණු වලට බහින්න! (ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 05 April 2014 11:22 AM

ජිවිතයට වඩා දුරකථනය වටිනා යුගයක අපි ඉන්නේ (දී)

:       0       0

රොෂාන්‍ Sunday, 06 April 2014 02:31 AM

එයාට 16ද? (නි)

:       0       0

සරත් Friday, 04 April 2014 05:59 PM

තාක්ෂණය සමග ඉපදෙන්න, එයත් සමග ජිවත් වෙන්න අවසානයේ තාක්ෂණයත් සමග මියයන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site