කාණූවට වැටුණු අයි ෆෝනය සොයා ගැනීමට කාණුවට බැස එහි හිරවු  තරුණියක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වේ. ඇය 16 හැවිරිදි එලා සැන්කි නැමැති තරුණිය ගොඩ ගැනීමට ලන්ඩනයේ ගිනි නිවන  භටයන් කැඳවීමට සිදු විය.

දිනක් සැන්කි තම බල්ලා සමග පාරේ ව්‍යායාම කරමින් දුරකථන ඇමතුමක් අවසන දුරකථනය තම සාක්කුවට දමද්දී අසල කාණුවකට වැටිණි. එය සති දෙකකට පෙර මිලඳී ගත්තකි.

 ඇය කාණුවෙහි පියන ගලවා කාණුවට බැස්සාය. දුරකථනය සොයා ගැනීමට නොහැකි විය.ඇයට නැවත ගොඩ ඒමට ද නොහැකි විය.

ඇයගේ කෑ ගැසීම ඇසී එහි පැමිණි මව ජොවෑන් බි‍්‍රචිනෆ් (36) හදිසි ඇමතුම් අංශයට (999) දුරකථන ඇමතුමක් දුන්නාය. වහා ගිනි නිවන භටයෝද ආහ. ඇය කාණුවෙන් ගොඩ ගත්හ. අසල සිටියෙක් රහි ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරියේය.

මෙය තමාට කිසිදින අමතක නොවන අත්දැකීමක් වන අතර දැන් එම ස්ථානය තමාට හාස්‍ය උපදන ස්ථානයක් වී ඇති බව සැන්කි සිනාසෙමින් පැවසීය. ‘දැරිවියට අනතුරක් නැති නමුත් දුරකථනය කම්මුතුයි’ යනුවෙන් විදුහලේ ඇගේ යෙහෙළියෝ විහිලූ කරති.

වත්මන් තරුණ පරපුරට දුරකථනය කොපමණ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී ඇත්ද යත් තම ජීවිතය ගැන පවා නොසිතන අන්දම පෙන්වීමට මෙය කදිම නිදසුනක් බවට එරට බලධාරීන් පෙන්වා දෙයි.