කාන්තා ඇදුමින් සැරසී ඉරාක ආරක්ෂක අංශ අතරින් ලිස්සා යෑමට තැත් කළ අයිඑස් අන්තවාදීන් යැයි කියන පිරිසකගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කිරීමට ඉරාක ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
එම ඡායාරූපයන් අතර කාන්තා ඇදුමින් සැරසුණු තරුණයින් මෙන්ම වැඩිහිටියන්ද සිටී.
අයිඑස් අන්තවාදීහු කාන්තාවක අතින් මරණයට පත්වීමට දක්වන්නේ දැඩි භීතියකි.එසේ කාන්තාවක අතින් මරණයට පත්වුවහොත් සුරලොව සියළු සැපසම්පතින් පිරි දිවිය අහිමි වන බව ඔවුහු විශ්වාස කරති.එසේ විශ්වාස කරනා ඔවුන්ම කාන්තාවන්ගේ ඇදුම් වල පිහිට පැතීම විහිලූවකි.
ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ මෙම පුද්ගලයින් සටන් වලට මුහුණදීගත නොහැකිව පලා යන්නන් බවයි.අයිඑස් අන්තවාදීන්ගේ බසට රැවටී ආවද සටන් කිරීමට අණ ලැබුණු සැනෙන් බොහෝ දෙනා ඇත්ත තේරුම් ගන්නා බව ඉරාක ආරක්ෂක අංශ කියයි.
අයිඑස් අන්තවාදීන්ට එරෙහිව ඉරාක ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.ඒ සදහා ඇමරිකාව හා ඉරානයද සහය දක්වයි.
අයිඑස් බලකොටුවක් වන ටක්රිට් නගරය අත්පත් කර ගැනීම ඉරාකයේ අපේක්ෂාවයි.එම නගරය අත්පත් කර ගැනීම ඉරාකයට මූලෝපායික වශයෙන් වැදගත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිශාෆ්...ඔය ගොල්ලොන්ගේ ආගමේ කියන අය අපරාද කරන්නේ අනික් ආගම් වල අයට විරුද්දව. ඉතින් ඒක හැමෝටම අදාලයි. (බ)
ලෝකේ බෞද්ධයෝ නිසා ආගම් ප්‍රශ්න ඇතිවෙලා නැ. බෞද්ධයන්ට තමා ප්‍රශ්න වෙලා තියෙන්නේ අනිත් අයගෙන්. (ම)
සෑම ආගමකම අන්තවාදීන් සිටිනවා විය හැකිය. නමුත් බෞද්ධ අන්තවාදීන් ලොවේ කිසිම කෙනෙකුට කරදර නොකරන පිරිසක්. මොකද බෞද්ධ අන්තවාදීයෙක් කවදාවත් සාමාන්‍ය ජන සමාජයේ ජීවත් වෙන්නේ නැහැ. එයාල මිනිසුන් ගෙන් ඈත්වෙලා වනගතව ජීවත්වන පිරිසක්. (ර)
සෑම ආගමකම අන්තවාදී කොටස් ඉන්න පුළුවන් (හේ)
අපේ වගේ රටවල නීති මීට වඩා තදවෙන්න ඕනෑ. නැත්නම් බෞද්ධ ධර්මිෂ්ඨ පිළිවෙත් විතරක් නෙමෙයි, මුළු රටම විනාශ වෙනවා. (නි)
මේ අය හිතාගෙන ඉන්න විදිය ගැන ඔවුන්ට කිසි ලැජ්ජාවක් නැති හැටි? ජීවත්වෙන කාලේ හැමෝම එක්ක හොඳින් ඉඳලා මැරෙන්න දන්නෙ නැහැනේ! (නි)
මේගොල්ලෝ අදහන දෙවියෝ හැර වෙන කෙනෙක් නැහැ කියල අරාබි අකුරු වලින් ලියපු කඩුවක් ඇදපු ස්ටිකර් ගහගෙන ඕන තරම් වාහන කොළඹ දුවනවා! (අ)
මේ වගේ ඇඳුම් ඇදගත් අය මව්වරුන් කියාගෙන පාසල් තුළට රිංගනවා. කිසිවෙකුත් දන්නේ නැහැ ඇතුළෙ ඉන්නෙ කවුද කියලා. අඩුම ගණනේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව ගැනවත් හිතලා මේ අය පාසල් ඇතුළට යැම ගැන තීරණයක් ගන්න බැරිද? (නි)
මාලිගාවත්තේ කුඩු රජාවත් ඇල්ලුවේ ඔහොම ඇදුමක් අස්සේ හැංගිලා යනකොට කියලා මතකද?(දිල්)
මෙය සියලුම දේවල් නාඩගම්....... (ස)
අපි එක්ක සටන් කරපු වීරයෝ නම් යටත් උනේ ඇඳුම් නැතිව .. අහිංසක දරු පැටවුන්ගේ කරේ සයනයිඩ් බැඳලා ඉස්සරහට යැව්වත් ලොකු උන් එකෙක් වත් සයනිඩ් කෑවේ නැහැ . ගැහැණු අස්සේ හැංගිලා ඉඳලා මැරුම් කෑවා.. ඔන්න ත්‍රස්තවාදීන් ගේ වීර කම. (ස)
තමන්ගේ ආගමේ නොවන වෙනත් ආගම් සහ ධර්මයන් පිළිගන්නා අයවලුන් මරා දැමීමට හෝ හිරිහැර කිරීමට අනුබල දෙන ආගමක් යයි කියාගන්නා යමක් වේ නම් එය ආගමක් නොව මිනිස් කමට නිගා දෙන ම්ලේච්ඡ ව්‍යාපාරයකි. එවැනි මතවාද සහ දේව නියමයන් සහිත ම්ලේච්ඡ ආගම් අත්හැරදමා අවිහිංසාවාදය පෙරදැරිකරගත් බුදු දහම වැනි බුද්ධිමත්, යහපත් මිනිසුන් වෙනුවෙන්ම ඇති මිත්‍යා දෘෂ්ඨික නොවන දහමක් පිළිගැනීම මුළු ලෝකයේම යහපත සඳහා හේතුවේ. නැතිනම් වන්නේ තිරිසනුන් මෙන් කා කොටාගෙන මුළු මිනිස් සංහතියම විනාශ වී යාමයි. (ස)
ලෝකෙට කරන විනාසයක තරම!! (ස)
ගැහැණූ හමුදාවක් සටනට යනවා නම් ඉවරයි වැඩේ. (ම)
අන්තවාදයේ සැබෑ මුහුණ... ලැජ්ජයි.. ත්‍රස්තවාදී ගෑණු ඇදුමේ.. ඔක්කොම ඔහොම තමයි..(බ)
"මේගොල්ලෝ ඔක්කොම" කියන්නේ ඇයි? අල්ලපු ඉරාක හමුදා සාමජිකයනුත් මෙයාලා තමා (ම)
රිශාෆ්ගේ කතාව සම්පුර්ණන ඇත්ත. වෙන කිසිම ආගමක ත්‍රස්තවාදය නෑ.(ම)
අපේ ආගමේ දේවල් අනික් ආගම වල අයට අදාළ නැහැ (ම)
මේ දේවල් වලින් අන්තිමට වෙන්නේ මේ ඇඳුම් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රශ්න මතුවීමයි (නි)
ගැහැනියකගෙන් උපදින්න හොඳයි ගැහැනියකගෙන් මැරෙන්න බැහැ (බ)
කොහොමත් මේ ගොල්ලේ බෝමයක් වාසියට කබරයා තලගොයා කරන ජාතියක් බව ලෝකයම දන්නවා (අ)
පණපිටින් හම ගහන්න ඕනේ කරන අපරාද වලට (අ)
පණපිටින් හම ගහන්න ඕනේ (අ)
අපේ කට්ටියත් ඇඳ හෝ නොඇඳ හෝ වෙස්මූණු නම් දාගෙන ඉන්නවා නිකන් වෙලාවෙත්.(හේ)
මහා ලොකු චන්ඩි ලැජ්ජාවේ බැහැ (බ)
එතකොට මොකද ඔය දෙවියෝ ගැහැණු මැව්වේ සුර ලෝකෙට යන්න බැරි වෙනවනම්??(ම)
හැම තැනම වෙස්මුහුණු -සබැ මුහුණ සැඟවුණු (අ)