ගල් ගැසීමෙන්, ඔවුන්ගේ ගෙල කැපීමෙන්,පුළුස්සා දැමීමෙන්,උස් ගොඩනැගිලි වලින් පහළට තල්ලූ කර දැමීමෙන් සිරකරුවන් මරා දමා ම්ලේච්ඡ ආශ්වාදයක් විදින අයි.එස් අන්තවාදීන් තම ම්ලේච්ඡ ස්වභාවයන් අලූත් මානයකට ගෙන යමින් අලූත් ආකාර වලට සිරකරුවන් ඝාතනය කෙරෙනු දැක්වෙන දර්ශනයන් පෙළක් රැගත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබේ.
වීඩියෝව ආරම්භ වන්නේ යකඩ කූඩුවක සිරගත කර සිටිනා සිරකරුවන් ලෙස සැළකිය හැකි පුද්ගලයින් පස් දෙනෙකු එම කූඩුවත් සමග පිහිනුම් තටාකයකට පහත් කෙරෙන දර්ශනයකිනි. මුලින් සන්සුන්ව සිටියද කූඩුවට ජලය ගලා එන විට එම පුද්ගලයින් කලබල වීමත්, ජීවිතය ඉල්ලා යැදීමත් එහි සටහන්ව ඇත. කූඩුව සම්පූර්ණයෙන්ම ගිල්වා විනාඩි කිහිපයකින් නැවත ගොඩට ගැනෙන අතර පුද්ගලයින් පස් දෙනාම එකා මත එකා වැටී නිසොල්මන්ව සිටිනු දැකගත හැකිය. ඔත්තු බැලීමට දෙන දඬුවම මෙය යැයි වීඩියෝව දිවෙන අතරේ පසුපසින් ඇසෙන හඬකින් පැවසයි.
දෙවැනි දර්ශනයේ සිටින්නේ මෝටර් රථයකට දමා සිරකර සිටින පුද්ගලයින් පිරිසකි. තමන්ට මොනවා වනු ඇත් දැයි ඔවුන් නොදන්නා බවක් පෙනේ. අනතුරුව කැමරාව යොමුවන්නේ ඈතින් සිටින ආර්.පී.ජී අවියක් අතින් ගත් අයි.එස් සාමාජිකයෙකු වෙතටය. ඒ සමඟම ඔහු ඉලක්කය ගෙන අවිය කි‍්‍රයාත්මක කරයි. උණ්ඩය වැදෙන මෝටර් රථය ගිනි ජාලාවකින් වැසී යන්නේ නිමේෂයකිනි.
තෙවැනි දර්ශනයේ සිටින්නේ පුපුරණ ද්‍රව්‍ය අන්තර්ගත කර ඇති බව කියන පටියක් ගෙල බැඳ සිටිනා සිරකරුවන් පිරිසකි. ඔවුන් පෝලිමට බිම දණගසාගෙන සිටීයි.පසුපසින් ඇසෙන කඩහඬ අණ දුන් වහාම අයි.එස්.සාමාජිකයෙක් ඩෙටනේටරය කි‍්‍රයාත්මක කරයි. සිරකරුවන්ගේ ගෙල බැඳ ඇති පටි පුපුරා යන්නේ ඔවුන්ට දරුණු තුවාළත් සමඟ මරණය ද ගෙන දෙමිනි.
මෙම වීඩියෝව මුළු මහත් ලෝකයම ඉතාම පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබෙන අතර වෙනත් අන්තවාදී කණ්ඩායම් ද මෙයට විරෝධය පළකරමින් ප‍්‍රකාශයන් නිකුත් කර තිබේ. මිනිසෙකුට මෙතරම් දරුණු විය හැකිදැයි ඔවුන් සියලූ දෙනාම අසන පැනයයි.
තම බලය යටතේ පවතින ප‍්‍රදේශවල ජනතාව ම්ලේච්ඡත්වයෙන් බිය ගන්වා ගෙන, ඔවුන්ට තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් පවා සපුරාගැනීමට ඉඩ නොමැති අන්තවාදී පාලනයක් ගෙන ගියද අයි.එස්. අන්තවාදීන් නම් සියලූ සැප සම්පතින් පිරි දිවියක් ගත කරමින් සිටින බව පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා වලින් අනාවරණය කර තිබේ. තමන්ට අවනත නොවන කවරෙකු හෝ ඉතා දැඩිව මර්දනය කිරීමට ඔවුන් පසුබට නොවන බවද එම වාර්තාවන්ගේ සඳහන් විය.
අයි.එස්.අන්තවාදීන්ට එරෙහිව ප‍්‍රහාරයන් දිගින් දිගටම කි‍්‍රයාත්මක වුවත්, අයි.එස්. නායකයින් ඇතුලූ සාමාජිකයින් සිය ගණනින් ඒ ප‍්‍රහාර හමුවේ මරුමුවට පත්වන වාතාවරණයක් තිබියත් සංවිධානයේ සංවිධානාත්මක ශක්තිය හමුවේ එම ප‍්‍රහාර වලින් වැඩක් සිදුවන බවක් පෙනෙන්නට නැත. අහිමි වන සාමාජිකයින් වෙනුවෙන් තවත් දහස් ගණනක් සාමාජිකයින් බදවා ගැනීමේ හැකියාවක් අයි.එස්. සංවිධානයට තිබෙන අතර ඒ සඳහා ඔවුන් සමාජ ජාල වෙබ් අඩවි ආදිය ඉතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදාගනිමින් සිටී.
මේ නිසාම එවන් කටයුතු පිළිබඳව තොරතුරු ලබාදීමට එවන් වෙබ් අඩවි වල පරිපාලකයින් කටයුතු කළ යුතුව ඇතැයි මතයක් දැන් ඇතිව තිබේ.ඒ සදහා අවැසි නීති සම්පාදනය කිරිමේ කටයුතු වල ඇමරිකාව,බි‍්‍රතාන්‍යය ආදී රටවල් දැනටමත් යෙදී සිටී.
අයි.එස්.සංවිධානය බිද දැමිය හැක්කේ ඇසට ඇසක් යන න්‍යායෙන් නොව,සංවිධානාත්මකව,පියවරෙන් පියවර කි‍්‍රයාත්මක කෙරෙන මෙහෙයුම් වලින් බව ආරක්ෂක විශේෂඥයෝ පවසති.

![29E3B2C200000578-3135913-image-a-4_1435059855494[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29E3B2C200000578-3135913-image-a-4_14350598554941.jpg)
![29E3B4E700000578-3135913-image-a-20_1435060076406[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29E3B4E700000578-3135913-image-a-20_14350600764061.jpg)
![29E3B24D00000578-3135913-image-a-3_1435059852646[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29E3B24D00000578-3135913-image-a-3_14350598526461.jpg)
![29E3B1F500000578-3135913-image-a-2_1435059849509[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29E3B1F500000578-3135913-image-a-2_14350598495091.jpg)
![29E3B01400000578-3135913-image-a-6_1435059911886[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29E3B01400000578-3135913-image-a-6_14350599118861.jpg)
![29E3B04500000578-3135913-image-a-8_1435059937009[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29E3B04500000578-3135913-image-a-8_14350599370091.jpg)
![29E3B31400000578-3135913-image-a-5_1435059904411[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29E3B31400000578-3135913-image-a-5_14350599044111.jpg)
![29E3A9E800000578-3135913-image-a-27_1435061222409[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29E3A9E800000578-3135913-image-a-27_14350612224091.jpg)
![29E3A9EE00000578-3135913-image-a-17_1435060017083[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29E3A9EE00000578-3135913-image-a-17_14350600170831.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනෙත් හේමන්ත, ඔයා කිවුවාට පසු මමත් හොඳින් නිරීක්ෂණය කළා. ඒ වගේ තමයි පෙනෙන්නේ. අනේ මන්දා...? (නි)
අය්සිස් ත්‍රස්තවාදීන්ට කඩේ යන්නේ ඇත්තෙන්ම ආගම පිළිබඳව කිසිම දැනුමක් නොමැති පිරිසයි. අය්සිස් මිනීමරුවන් ඇත්තෙන්ම ඉස්ලාම් ආගමට වක්‍රාකාරව අවමන් කරන පිරිසකි. මේ පිළිබඳව නිවැරදි දැනුමක් නොමැති අපේ සමහර අය අය්සිස් එක සාදාරනය කරනවා. සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිදානය අය්සිස් සංවිධානය ඉස්ලාමීය සංවිධානයක් නොවන බවට ෆත්වා (ආගමික පැහැදිලි කිරීමක් ) නිකුත් කරා. ලෝකයේ ඉන්නවා මුල් පෙලේ සියලුම ඉස්ලාමිය උගතුන් මොවුන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කර තිබෙනවා. (ස)
රුවා මොනවා ගැනද ඔයා ලියල තියෙන්නේ.(නදී)
ලංකාවේ සිදුවන අපරාද සසඳා බෙලුවම අයි එස් ත්‍රස්තයන්ට වඩා පාපතරන් ලංකාවේ ඉන්නේ. තම වැදු මව මරණ, තම නැගණිය දුෂණය කරන රුපියල් සත වලට මිනි මරණ විස්තර සැමදා ලංකාදීපයෙන් දකින විට, මේවා මොනාද කියා සිතෙනවා (නදී)
රූපරාමු බොරු නෙමේ ලොකු කරලා බලන්න!(හේ)
පහන්, පටලවාගන්න එපා. මම කිව්වේ මේ රූප රාමු වල මම දැකපු දේ. අයි.එස්. දරුණුයි කියා මම දන්නවා. (නි)
මේවා කවදා අවසානයක් වේද? (නි)
මොවුන්ට වැඩිකල් මේවා කරන්න ලැබෙන්නේ නැහැ. ඕනෑතරම් කට්ටිය හිටියේ නැද්ද? ළඟදීම කනවා කට්ටිය. නැත්නම් බුදුදහම බොරු. (නි)
මට නම් බලන්නත් බැහැ (නි)
සුනෙත්, බොරුද කියලා බලන්න හිස්තම්බුල් වලින් බැහැලා සිරියාවට ඇතුළුවෙලා ඇවිදලා බලන්න. (නි)
මුන්ට පිස්සු , (නදී)
ඇමරිකානුවන් ගුවන්තනාමෝ සිරගෙදර සිටිනා සිරකරුවනට දෙන්නේ මීට වඩා දස වධ. අයි එස් ත්‍රස්තයන් පුහුණුව ලැබුවේද ඇමරිකානුවන් විසින් සිරියාවේ අසාද්ට විරුද්ධව සටන් කිරීමට.එනිසා ඔවුන් ගුරුවරයාගේ පාරේ යන්නේ (නි)
මෙම රූප රාමුවල දිය යට ගිල්වා මරණයට පත් කරවන කූඩුවේ සිටින වයස්ගත පුද්ගලයත්, බෙල්ලේ පුපුරන පටියක් බැඳ මරණයට පත් කරවන රූපයේ දෙවෙනියට සිටින වයස්ගත පුද්ගලයත් එකම අයෙකු බව මගේ අදහස. එහෙම උනොත් මෙය බොරුවකි. (ස)
මේ සංවිධානයට විරුද්ධව පෙළ ගැසිය යුතුය.(හේ)
ජලාල්,අනේ මම දැක්කේ නැහැනේ ඔයගොල්ලෝ මේ ත්‍රස්තවාදීන්ට විරුද්දව හර්තාලයක්,උද්ගෝෂණයක් කොහෙවත් කරනවා! මොකද දන්නේ නැහැ ඒ?(අ)
මේක රගපෑමක් වගෙයි. (අ)
මේ වැඩෙත් මම අනුමත කරන්නේ නැහැ. එත් මේක එක ජාතියක් එම ජාතියම විනාශ කිරීමක් බව දැනගන්න. (අ)
ජලාල්,ඔයාට කියන්න තියෙන දේ මෙතන ලියන්න බැහැ! (නි)
මිනිස්සු තිරිසන් වෙලා තියෙන තරම.ආගමේ නාමයෙන් කරන තුච්ච වැඩ. (ස)
මේවා ඔක්කම ඇමරිකන් ගැට මෙතන ඔක්කමලා වලිගෙ පාගාගෙන දගලනවා ඕනෙනම් විමලේ ගෙන් අහල බලන්න.(අ)
මේ ආගම අදහන අය කවුද (බ)
නොදකින් මුන්ට සාප වේවා! (බ)
තිරිසනුන්,, ඕනවට වැඩිය ඕන දෙයක් ඔලුවට ගත්තොත් මේක තමා වෙන්නේ,, එ්ක ආගමටත් අදාල වේ. (බ)
මෙහෙමත් සිත් තිබෙනවද? හිතාගන්නත් බැහැ.ලෝකයේ සමහර ජන කාණ්ඩයකට මෙතන යම් සතුටක් ඇති.නමුත් මෙම ලොව උපන් සෑම සත්වයකුටම ජීවත්වීමේ අයිතියක් ඇත. (නි)
මේ සංසාර ගමනේ මේ වගේ දේවලට ඔබද මමද අනන්තවාර මුහුන දී ඇත. ගවයන් උෘරන් කුකුලන් බැටලුවන් මසුන් මාංශ පිනිස මරන්නේ තිරිසන් විදිහට නොවේද?. මනුෂ්‍ය වර්ගයාත් සංශාර චක්‍රයේ එක් සත්වයෙක් වන අතර ගවයන් කුකුලන් වැනි සතුන්ද එම ගමනේ එක් සත්වයෙක් පමණි. මෙම සංසාර ච්‍රක්‍රය අවබෝද කරගෙන මෙයින් එතෙර විමට නුවන පහළකර ගැනිම එකම විසදුමයි. නැත්නම් ඔබටත් මටත් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්නට වෙන එක වලකා ගත නොහැකියි. (නදී)
මම නම් කියන්නේ ලෝකයේ මිනිසුන් මේ හැමදේම කරන්නේ ආගම පටලවාගෙන. (අ)
හොඳට බලන්න මේ හැම පින්තුරයකම ඉන්නේ එකම කට්ටිය එක මිනිහෙක් දෙතුන් පාරක් මරන්න බැහැ මේවා මිනිස්සු බය කරන්න හදපු චිත්‍ර පටියක් වගේ මට පෙනෙන්නේ , (නදී)
ජලාල්, මියන්මාරයේ මැරුනෙ අහින්සක මිනිස්සු නෙවේ,අනුන්ගේ රටවල් වලට රින්ගගෙන නොපනත්කම් කරන ඔහේල වගේම කට්ටියක්. ඔය සමහර ලෝක ජනමාධ්‍ය මියන්මාරය ගැන බොරු පතුරවන එකයි කරන්නෙ.(නදී)
මේක හරියට චැනල් 4 දර්ශන වගෙයඅර වයසක මනුසය දෙවිදිහක මරනවද ??මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ .(අ)
ජලාල්, ඔයාට මාර දැනුමක්නේ තියෙන්නේ. ඔයාගේ ටිකිරි මොළේ! (නි)
සරත්, එහෙනම් මියන්මාරයේ ඉන්නේ බෞධයෝ නෙමේද ? එහිකරපු ජන සංහාරය හිතනකොටත් ඇගේ හිරිගඩු පිපෙනවා (නදී)
මියන්මාරයේ සිව්ර ඇදගත් හාමුදුරුවෝ අහිංසක මිනිසුන් පණපිටින් පුළුස්සන කොට, එලව එලවා කපා, කොටා ඝාතනය කරනකොට මේ කොමෙන්ට් දාපු අය කොහෙද හිටියේ? (නදී)
දකින්නවත් කැමැති නැහැ මෙවන් දසුන්. ඇයි මිනිසුන් මෙතරම් දරුණු (නදී)
ත්‍රස්තවාදීන් සමග සටන්කරන හැටි කිසිම ආගමක් කියල නැහැ.(අ)
මේ පිස්සු විකාර ලෝකෙන්ම තහනම් කර ඉවත් කර දැමිය යුතුයි.(නදී)
තිලක් ඩුබායි සත්‍ය වශයෙන්ම ඩුබායි වලද? බටහිර රටවල් පවා ඊයේ පිලිගත්තා අයි.එස් සටන්කාමීන්ට ආයුධ ලැබුනේ ලිබියාවේ ඇරඹි අරාබි වස්නත්යෙන් කියලා. එම සත්‍යය දකිත්දිත් අවස්ථාවාදී ප්‍රකාශ කරන්න එපා ලාංකික ආරක්ෂක උපායමාර්ග විවේචනය කරලා. ඔබ මෙම සිද්ධියේ සාහසිකත්වය වසන්කරන්න තරම් බොළඳ වීම ගැන කනගාටුයි. මෙය ලියන විටද ත්‍රස්තයන් ප්‍රංශයේ, ක්වෛට්, ටියුනීසියා වල පහරදීම් කරලා. ඔවුන් සන්නද්ධ උනේ බටහිර යුධ උදව් වලින්. බටහිර අධිපතිවාදී පෙළඹවීම් වලින්. (නදී)
මේවා ලංකාවට ආවත් අපි බය නැහැ මොකද තවත් පොන්සේකලා වගේ නායකයන් අපට සිටිනවා (නදී)
හොදට බලන්න මේ හැම තැනම ඉන්නේ එකම කට්ටිය. මේවා මිනිස්සු බයකරන්න කරන වැඩ (නදී)
සිහිනෙකින්වත් මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවෙමි (නි)
තිරිසනෙකුටවත් මෙහෙම නොවේවා! මෙහි අදහස් දා ඇත්තේ පසුගිය කාලයේ ලංකාවේ හිටපු අය නෙමෙයි (නි)
ත්‍රස්තවාදීන්ට කඩේයන අයට මේවා නොපෙනේද? (නි)
මේවා කරලා බලපොරොත්තු වෙන්නේ මොනවාද? (නි)
මේ ලෝකය දියුණු කළේ මිනීමරු ගල් යුගයේ මිනිසුන් නොවේ. මහන්සිවෙන දහදිය හෙළන මිනිසුන් විසිනි. (නි)
නාමල්, පැහැදිලි කරන්න ගල් යුගයේ මේවා තිබුනද කියලා.ගල් යුගයේ ආහාර සඳහා තරඟයේදී මිනිසා මිනිසා මැරූ බවට සාධක තිබෙනවද?කීප දෙනෙක්ම මේ ගල් යුගය ගැන කියා තිබුනා.දන්නේ නැති හින්දා ඇහුවේ.ගල් යුගය හොඳයි.පරිසර දුෂණයක් නැතුවවත් හිටියා. ගල් යුගයට අපහාස නොකරන්න. (නි)
මැදපෙරදිග ගැහැණු පිරිමි දෙපක්ෂයම ගැන අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
සියලු මිනිසුන්ගේ සිත්තුල මෛත්‍රී කරුණ ගුණ දියුණු වේවා ! සියලු සත්වයෝ තමා මෙන් ම මරණයට බිය බව වටහා ගනිත්වා ! මේ ලෝකයේ කිසිම තැනක රැකවරණයක් කොයින් ද ? ඔබව බේරා ගැනීමට ඔබ ම මිස වෙන කිසිවකු කොහෙවත් නැත. ඔබේ සිත දියුණු කර ගන්න. කොහොම මැරුණත්, මැරුවත් මරනානුස්සතිය දියුණු කරගෙන එයට මුහුණ දීමයි කලයුත්තේ. උපතත් සමඟ අප සියලුදෙනා ලබා ගත එකම ත්‍යාගය මරණයයි. එය සෑම මොහොතකම සිහියට ගන්න. මේ සිදුවීමට මුහුණ දෙන්නේ ඔබ යයි සිතා මේ මොහොතේ පටන් මරණ සතිය වන්න. සන්සුන් මනසින් එයට මුහුණ දෙන ශක්තිය ඔබතුලම ඇත. සියලු සත්වයෝ සුවපත් වේත්වා ! (අ)
හාමුදුරුවරු කියන දේ දැන්වත් ඇහුවේ නැත්නං අපිටත් වෙන්නේ ඕකම තමයි.(අ)
දිට්ට ධම්ම වේදනීය කර්ම මෙවන් තිරිසනුන්ට අනිවාර්යයි "කරන කළට පව් මිහිරිය මී සේ "විදින කලට පව් දැඩි වෙඉ ගිනි සේ " අවි ගත්තෝ අවියෙන්ම නැසෙති . කරුමෙට මේ තිරිසනුන් මේවා දන්නේ නැහැනේ (අ)
අනේ දෙවියනේ, කොයි ලොව යන්නේ මරණින් මත්තේ.... (නි)
මේවා දෑසින් දකින්න අපි කොච්චර පවු කරන්න ඇද්ද? (නි)
මතු දිනක මෙවැනි දේ ලංකාවෙත් සිදුවිය හැකියැයි බියක් පවතී! (නි)
මේ වගේ ප්‍රශ්න ලංකාවට ඒමෙන් වැළකීමට අපි කටයුතු කළයුතුය (නි)
මේවට ඇමරිකාව වගකිය යුතුයි.හේතුව වක්‍රාකාරයෙන් නයින්ට කිරි පෙවීමයි.ඔවුන් යන සෑම රටකටම අත්වෙන ඉරණම තමයි මේ ... (නි)
මෙන්න මේවා තමයි අද ලෝකයේ තිබෙන ලොකුම ප්‍රශ්න. අපි දේශපාලනයක් අල්ලාගෙන දඟලනවා. (නි)
මේ මිනිසුන්ව කොහොම මැරුවත් කවුරුවත් කියනවද මේවා වැරදියි කියලා? (නි)
මගේ නම් ඇඟේ හිරිගඬු පිපුණා (නි)
ලෝකයට කරන විපතක තරම (ම)
මිනිසුන් විසින් ඇයි මිනිසුන්ට මෙහෙම කරන්නේ? (නි)
ලංකා තිලක් එම සිද්ධීන් ඔබට මට මතක් වුනාට අපේ උසස් යැයි කියන ලොකු ලොක්කන්ට ඒවා අමතකයි එ්කට හොද උදාහරණයක් තමයි හමුදා සෙබළෙකුට මරණ දණ්ඩනය නියම කරපු එක කාට කියන්නද මේවා ලිවට පලවෙන්නෙත් නැතිකොට (බ)
කරපු එවුන්ට හෙන හතම ගහපන්. (බ)
අයි.එස්.අන්තවාදීන්අතර 40% ඉන්නේ යුරෝපයෙන් සහ අමෙරිකාවෙන් ආපු උගත් සටන් කාමීන්..මෙය ඉස්ලාම් භක්තිකයන් සම්පුර්ණයේම හෙළාදකි , අයි.එස්.අන්තවාදීන් ට මුලින්ම නවීන අවි සැපයුවේ ඇමෙරිකාව බව මුළු ලෝකයම දනී. මැදපෙරදිග ඇති ඛනිජ සම්පතට කෑදර කම නිසා බටහිර රටවල කුමන්ත්‍රණයක් මේක.(බ)
හෙන හත වැදියන් මේ වගේ ජඩ වැඩ කරන මිනිස් වෙසින් මෙලොවට පැමිණි අමනුස්සයින්ට. (බ)
අනේ දෙවියනේ! (නි)
මරණයට බය, පෞරුෂත්වයක් නැති,අන්ත බියගුල්ලෝ තමයි මේ වගේ ම්ලේජ්ඡ විදියට මිනීමරලා තමුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න හදන්නේ (නි)
මිනිසුන් අතර ඉපදුන තිරිසන්නු..(ම)
මිනි කන මෝරුන්ට බිලි වුනෙත් අපේම රටේ මිනිසුන් සහ සුනකයෝ.(නදී)
අනේ නිළමේ,මේවා මොනවද? (නි)
නූගත් ගල් යුගයේ වගේ... (ර)
දෑසින් මෙවන් දර්ශන නැවත නොදකීවා! (නි)
ලෝකයේ දරුණුම ගනයේ අයි.එස් අන්තවාදීන්ට කුඩු සහ අවි පහසුකම් සපයන්නෝ හොයන්න දැනටමත් ලෝකය විසින් පරීක්ෂණයක් ආරම්බ කරලයි තියෙන්නේ. (නදී)
ලෝකයේ දරුණුම ගනයේ අයි.එස් අන්තවාදීන් ගේ ආර්.පී.ජී අවි අපේ දේශප්‍රේමින් විසින් පාවෙන අවි ගබඩාවෙන් යවපුවා කියල ඔප්පු වුන දවසට මෙතන අදහස් දාන අයගේ ඇස් ඇරේවි.(නදී)
ලෝකයේ මෙතරම් බලවත් රටවල් තියෙද්දී ඇයි ඔය වගේ පාපතරයින් නැතිකර දමන්න බැරි. හිතක් පපුවක් නැති අදමයන් නිසා අහිංසක මිනිසුන් ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕනි. (නදී)
බටලන්ද වධකාගාරය මතකයි අපිට. ඒකේ වුණා කියන්නෙත් ඔයිට වැඩිය දරුණු දේවල්නේ. (නි)
සහගහන අපරාධ. සත්තකින්ම බටහිර රටවල් පොදුවේ වගකියන්න ඕනෑ අරාබි වසන්තයක් මේ විදිහට ගෙන ආවාට. ශිෂ්ඨ සම්පන්න ලෝකය එකාවන්ව මෙයට විරුද්ධ වියයුතුයි. සාමය ප්‍රියකරන ලංකාවේ මුස්ලිම් ජනයා ලෝකයේ දුවන මෙම සංහාර ව්‍යාපෘතියට විරුද්ධත්වය දක්වන්න පෙරමුණ ගන්න ඕනෑ. සිංහල බෞද්ධයින් මුලිකත්වය ගත්තොත් ජාතිවාදී ලේබලය අලවාවි. ලංකාතිලක කිව්වා දෙයට මමත් එකඟයි. (නි)
ඕවා මොනවද, අර කොටි ඒ කාලේ කරපු දේවල්වල හැටියට. ලංකාවේ ආණ්ඩුවෙන් නිරායුධ කර හිටිය පොලිසියේ නිලධාරීන් සිය ගණනක් වධ දීලා මරලා තිබුනේ.ගම් වල හිටි අහිංසක මිනිස්සු දහස් ගණනක් කපල කොටලා මැරුවේ. පුංචි අතදරුවෝ මරලා හිටියේ වැට කණු උඩ ඇනලා. අරන්තලාවේ හාමුදුරුවරු මරපු හැටි එහෙම මීටවඩා ම්ලේච්ඡයි.අන්තිම දවස් වල මරාගෙන මැරෙන ඇඳුම් අන්දවලා කුඩා ළමයි එව්වේ. අපේ කට්ටියට ඉතින් දැන් ඒවා අමතකයි. පිටරටක මොනවා හරි වුණොත් ඒකේ වටිනාකම වැඩියිනේ (නි)
කෝ අර තිලක් ඩුබායි කියන කෙනා? මේවට මොකුත් ලියන්නේ නැද්ද? (නි)