අයිඑස් සංවිධානය විසින් ඉරාකයේ කාන්තාවන් හා ළමයින් 3500ක් වහලුන් ලෙස රඳවාගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති වාර්ථාවක සඳහන් වන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙලෙස රඳවාගෙන ඇති පිරිසෙන් වැඩි කොටසක් යසිදි නම් ජන වර්ගයට අයත් අය බවත් වෙනත් ආගමික නිකායන්ට හා ජනවර්ග වලට අයත් සුළුතරයක්ද සිටින බවත් මෙම වාර්ථාවේ වැඩිදුරටත් සඳහන් වේ.
අයිඑස් සංවිධානය විසින් පනවා ඇති කුරිරු දඬුවම් වන වෙඩි තැබීම, හිස ගසා දැමීම, පුළුස්සා මරා දැමීම, උස් ගොඩනැගිලි මතින් බිමට තල්ලු කිරීම, වැනි ක්‍රියා වලින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්කරන බවත් වාර්ථාව පවසයි.
ඉරාකයේ නගරයක් වන මොසුල් හි පමණක් දරුවන් 900ක් පමණ පැහැරගෙන ගොස් ළමා සොල්දාදුවන් ලෙස ත්‍රස්තවාදී කටයුතු වලට පුහුණු කර ඇත.
2014 වර්ෂයේ ජනවාරි සිට 2015 ඔක්තෝබර් දක්වා ඉරාකයේ සාමාන්‍ය වැසියන් 18 802ක් ඝාතනය කර ඇති අතර තවත් 36 245ක් තුවාල ලබා ඇති අතර මිලියන 3.2ක ජනතාවක් අවතැන් වී ඇත. යුද්ධයට මැදිවීමෙන් පමණත් නොව ආහාර, ජලය හා වෛද්‍ය පහසුකම් නැති වීමෙන්ද මෙයින් වැඩි පිරිසක් මරණයට පත්වී ඇති බව මෙම වාර්ථාව පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද සෞදි , අපි දන්නා හැටියට නම් බටහිර රටවල් රුසියාව සමඟ එකතු වී මේගොල්ලන්ට ගුවන් ප්‍රහාර එල්ල කරනවා. (නි)
ත්‍රස්තවාදය මුලු ලෝකෙන්ම තුරන් කළයුතුය (නි)
තමන්ගේ අසල් වැසි රටකට විපතක් වෙනකොට ලංකාවේ පරීක්ෂණ කරන්න එන කුමාරවරුන් නිහඬ ඇයි.? (බ)
මේ ත්‍රස්තවාදය මුළු ලොවින්ම තුරන් කළ යුතුයි.(හේ)
මුළු ලෝකෙම එකතුවෙලා මේ පිළිලය මුලිනුපුටා දැමිය යුතුයි. මේ රටවල දරුවන් සහ ස්ත්‍රීන් අපා දුක් විඳිති. (ර)