පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වරදකරුවී වසර 4 ක සිර දඬුවමකට යටත්ව සිටින වෛද්‍ය කොන්ඩුඞ් මරේ එම තීන්දුවට විරුද්ධ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තමාට වත්කමක් නැතැයි කියා සිටී. තමාගේ අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා රජයේ නීතීඥයකු ලබා දෙන්නැයි ඉල්ලමින් වෛද්‍ය මරේ, ලොස් ඇන්ජලීස් හි උපරිමාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. අභියාචනයක් ඉදිරිපත් කිරීමට ආර්ථික අතින් ශක්තිමත් තත්ත්වයක නැති විත්තිකරු හට නැහැ යනුවෙන් වෛද්‍ය මරේ සිය ඉල්ලීමෙහි සඳහන් කර තිබේ. 58 හැවිරිදි වෛද්‍ය මරේ හට ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් හිතාමතා සිදු නොකළ මිනීමැරුම් චෝදනා යටතේ පසුගිය මාසයේදී වසර හතරක දඬුවමක් නියමවුණි. තමා එම මරණයට වරදකරු කිරීම හා සිර දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන් සිටියත් ඊට අදාල ලේඛන විධිමත් ලෙස සකස් කර කැලිෆෝනියාවේ අභියාචනාධිකරණය වෙත මෙතෙක් බාරදී නැතැයි වෛද්‍ය මරේ වාර්තාකරුවන්ට පැවැසීය.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd