
යුක්රේනයට ඇතුළු වුණු රුසියන් හමුදා සොල්දාදුවන්ට යුක්රේන සිවිල් වැසියන්ගෙන් ද අභියෝගයක් එල්ල වී තිබේ.
ඒ නිරායුධ යුක්රේන වැසියන් වීදි බැස ආයුධ සන්නද්ධ රුසියානු සොල්දාදුවන් සමග බහින්බස් වීමත් සමගය.
බය පැත්තකට දැමූ යුක්රේන කාන්තාවක ආයුධ සන්නද්ධ රුසියන් සොල්දාදුවකු සමග ඉදිරියට ගොස් එම සොල්දාදුවා සමග බහින් බස් වන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙමින් පවතී.
‘නුඹ මොකටද මෙහෙ ආවේ. මොකක්ද නුඹේ අරමුණ? ආපසු පලයන් නුඹේ රටට’ එම කාන්තාව රුසියන් සොල්දාදුවාට දොස් නගන අයුරු වීඩියෝවෙන් අසන්න ලැබේ.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd