IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


අනුන්ගෙන් කොපි කළ නිබන්ධනයක් පෙන්වා ආචාර්ය උපාධියක් අරන්

අනුන්ගේ කෘතිවලින් කොටස් කොපි කර, ව්‍යාජ ලෙස නිබන්ධනයක් පළ කර, ආචාර්ය උපාධිය ලබා ගත් බවට චෝදනා එල්ල වී, ජනතා අප‍්‍රසාදයට ලක් ව සිටි හංගේරියා ජනාධිපති පෑල් ෂ්මිට් ඊයේ (3) සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ජනාධිපති ෂ්මිට්ට විරුද්ධව ජනතාව මෙහෙයවූයේ හංගේරියා විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. නිබන්ධනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ පසුගිය දින කීපය පුරාම ජනපතිවරයාට එරෙහිව විරෝධතා රැුලි පැවැත්විණි. විරෝධතාකරුවන් ප‍්‍රශ්න කළේ නිබන්ධනයක් ව්‍යාජ අයුරින් සකස් කළ තැනැත්තකු සාධාරණ අයුරින් රටක් පාලනය කරන්නේ කෙසේ ද යන්නයි. ෂ්මිට්, එම නිබන්ධනය සකස් කර ඇත්තේ 1992 වසරේදීය. ජනපතිවරයාගේ එම ඉල්ලා අස්වීමෙන් පසු දින 30 ක් ඇතුළතදී නව ජනපතිවරයකු පත් කර ගත යුතුව ඇත. එතෙක් අන්තර්වාර ජනපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ කතා නායක ලස්ලෝ කෝවෝ කටයුතු කරනු ඇත. වසර 2010 දී බලයට පත් ෂ්මිට්, වත්මන් හංගේරියානු අගමැති වික්ටර්  ඕස්බෝන්ගේ ද සමීපතම මිතුරෙකි. ෂ්මිට් ආචාර්ය උපාධිය සඳහා පළ කළේ ඔලිම්පික් කී‍්‍රඩාවේ ඉතිහාසය නැමැති නිබන්ධනයයි. එහි වෙනත් කෘතිවල කොටස් ඒ අයුරින්ම ඇතුළත් කර ඇති බවට මුලින්ම චෝදනා කරමින් බුඩාපෙස්ට් නුවර සෙමෙල්ව්ට්ස් විශ්ව විද්‍යාලය, ෂ්මිට්ගේ ආචාර්ය උපාධිය අවලංගු කළේ ඉකුත් සිකුරාදා (30) ය.



අදහස් (0)

අනුන්ගෙන් කොපි කළ නිබන්ධනයක් පෙන්වා ආචාර්ය උපාධියක් අරන්

සංජය Wednesday, 04 April 2012 10:25 AM

අපරාදෙ ලංකාවට ආවනම් නිබන්ධන නැතුව උපාදි ගන්න තිබුණා.

:       0       0

කලු සුදු Wednesday, 04 April 2012 12:08 PM

ලංකාවෙ සීයක් ගත්තොත් 95ක්ම හොර උපාධි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1324 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1244 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site