කිසිදිනක නොවූ තරම් අධික සීතල සහිත කාළගුණික තත්වයක් මෙම ශීත සෘතුවේ ඇතිවීම නිසා පසුගිය සති අන්තයේ පමණක් පෝලන්තයේ 21දෙනකු පමණ මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්ථා කරයි. පෝලන්ත කාලගුණික දෙපාර්තමේන්තු බලධාරීන් පවසා ඇත්තේ සති අන්තයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 18කට පමණ අඩු වූ බවයි. මෙම මාරාන්තික සීතල තත්වයෙන් පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා 39දෙනකු පමණ මියගොස් ඇතැයිද මාධ්‍ය වාර්ථා පෙන්වා දෙයි.
ජර්මනියේ බර්මන් නගරයේ තාවකාලික කූඩාරම් වල සිටින සංක්‍රමණික ජනතාවද අධික සීතලට ගොදුරු වීමෙන් බොහෝ පීඩා විඳින බව වාර්ථා වී ඇත. මෙම සංක්‍රමණිකයන්ට සරණාගකයන් ලෙස ලියාපදිංචි වීම සඳහා එළිමහනේ අධික සීතල තත්වයන් දරාගෙන පෝලිම් වල පැය ගනන් හිටගෙන සිටීමට සිදුවී ඇත. ඔවුන්ගේ කූඩාරම් වලට සපයා තිබූ උණුසුම්කරන ක්‍රියාවලිය හා ජල සැපයුම් ක්‍රියාත්මක නොවන බවද ජර්මන් මාධ්‍ය වාර්ථා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතලට විදින වැක්සින් එකක් තියනවා නේද ?ඒකට උන ගන්නේ නෑ නේද ?