හිරු එළියේ පහස ලැබ ගන්නට කණ්ණාඩි වල පිහිට පතන නගරයක් නෝර්වේ රටේ ඇත.
නෝර්වේහි ටෙලිමාර්ක් ප්‍රදේශයේ පිහිටි රජුකාන් නගරයට සෑම වසරකම මාර්තු සිට සැප්තැම්බර් අතර කාලයේදී හිරු එළිය නොවැටේ.සූර්යයාගේ පිහිටීම මෙම කාල වකවානුවේදී වෙනස් වන අතර එම වෙනස් වීම නිසා සූර්ය කිරණ පතනය වන්නේ නගරය මත නොව පසෙකින් පිහිටි කදුවැටිය මතය.එම නිසා රජුකාන් වැසියන් වසරේ මේ කාලය ගතකරනුයේ අදුරේය.ඇතැම් අවස්ථාවන්හි ඔවුන් කදුවැටිය තරණය කර සූර්ය කිරණ වල ආශ්වාදය විදගෙන යළි අදුරු නගරය වෙත පැමිණෙති.
නමුත් නව සැළැස්මකින් යෝජනා වී ඇත්තේ හිරුඑළිය පතනය වන කදු මුදුනේ කණ්ණාඩි සවි කර ඒවායින් හිරුඑළිය නගරය වෙත පරාවර්තනය කර ගැනීමටයි. දැනටමත් විශාල ප්‍රමාණයේ දර්පනයන් කදුමුදුනේ සවිකෙරෙමින් පවතින අතර බළධාරීන් උත්සාහ කරන්නේ මුළු නගරයටම නොව අඩුම තරමේ නගරයේ කොටසකටවත් හිරුඑළිය පතනය කර ගැනීමටයි.
මෙම කණ්ණාඩි වල පිහිටීමද සූර්යයාගේ පිහිටීම අනුව වෙනස් කළ හැකි වනසේ සැකසෙනු ඇත.සූර්යයා කුමන පිහිටීමේ තිබුණද නගරය වෙත නොකඩවා හිරුඑළිය පතනය කර ගැනීම මෙහි අරමුණයි.
COMMENTS
මේ ලෝකය විටක පුදුමාකාරයි විටෙක ලස්සනයි විටෙක භයංකාරයි කොහොම වුනත් මේ ලෝකය සුන්දරයි ඒ සුන්දරත්වය විනාශ කරනුයේ මිනිසාමයි (නි)