IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අත දරුවා සුක්කානමේ ගැටගහලා

මෝටර් රථයේ සුක්කානමට තම අත දරුවාව ගැටගසා සුක්කානම කැරකවූ තායිවාන ජාතික පියෙකුට එරෙහිව කාන්තා හා ළමා අයිතිවාසිකම් සංවිධානයන් අවි අතට ගෙන තිබේ.

ගැටගැසූ දරුවා ඇති සුක්කානම ඔහු වටයක් කරකවනුත් එක් අවස්ථාවක දරුවා උඩු යටිකුරව සිටිනුත් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත පෙර අවස්ථාවකදී එක් කර තිබුණි.දැන් එය ඉවත් කර ඇත.

වීඩියෝව එක්කර ඇත්තේ මෙම දරුවාගේ මව බව පැවසේ.බොහෝ දෙනා මෙය වරදවා වටහාගෙන ඇති බවක් පෙනෙන හෙයින් වීඩියෝව ඉවත් කළ බව ඇය සඳහන් කර ඇත.

කලබල වෙන්න වුවමනා නැහැ.ඒ වෙලාවේ වාහනය තිබුණේ නතර කරලා.දරුවාට හානියක් කරන්න අපේ කිසිම අදහසක් තිබු‍ණේ නැහැ.විනෝදයට වගේ තමයි මේ වගේ දෙයක් කළේ.දරුවාත් සතුටෙන් හිටියේ. ඇයගේ සටහනේ දැක්වේ.

කාන්තා හා ළමා හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ මෙම යුවළ ඔවුන්ගේ දරුවාට අන්තරායක් විය හැකි කටයුත්තක නියැළී ඇති බව කියමිනි.එනිසා ඔවුන්ව වහාම අත්අඩංගුවට ගත යුතුව තිබෙන බව එම සංවිධාන පවසයි.

නමුත් තායිවාන බළධාරීන් මේ ගැන වැඩි අවධානයක් යොමු කර නැත.දරුවාට අන්තරායක් විය හැකි බව සත්‍ය වුවත් මේ දෙමව්පියන් සිතාමතා එවැනි දෙයක් කර ඇතැයි නොපෙනෙන නිසා ඔවුන්ට දඩුවම් පැමිණවීමේ හැකියාවක් නැති බව බළධාරීන්ගේ අදහසයි.

 

2599FC7900000578-2950813-image-a-40_1423750946819

 

2599FC9900000578-2950813-image-a-48_1423751044736

 



අදහස් (0)

අත දරුවා සුක්කානමේ ගැටගහලා

දුමින්ද Friday, 13 February 2015 06:07 AM

අබුද්දස්ස කාලේ (නදී)

:       0       0

අනුරාධා Friday, 13 February 2015 07:01 AM

මේ ඇත්ටම තාත්තා කෙනෙක්ද? මෙයාලට නිසි දඩුවම් දෙන්නන ඕනේ. (ර)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 February 2015 07:15 AM

අනේ විකාර , තායිවානේ පිස්සු වැඩ අපිට මොකටද අපි අපේ දෙයක් බලාගමුද ? මේ පහුගිය සතියේ අපේ රටේ අවරුදු 6 දරුවෙක් තාත්තයි උගේ යාළුවයි එක්ක එකතු වෙලා දූෂණය කරලා තිබුනේ ඒ නිසා අනුන්ගේ පොල් කෙන්ද දිහා නොබලා අපේ පොල් පරාලේ ගැන බලමුද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site