ඕස්ට්‍රේලියාවේ උතුරුදිග ක්වීන්ස්ලන්තයේ කැලයේ නිරාහාරව දින 17 ක සිට  අතරමන් ව සිටි  ලීහ් ෆෙෂර්ස් නම් කාන්තාවක් සොයාගැනීමට හැකිවි ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තිස්වියැති ඇය තම සැමියා සහ තවත් පුද්ගලයෙක් සමග ගෝල්ඩන් හෝල් නැමැති නාන තටාකය වෙත සැප්තැම්බර් 21 දින ගොස් ඇති අතර එහිදී මෙම අතුරුදන් වීම සිදුවී තිබේ. දැන් ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් ප්‍රකෘති තත්වයට පැමිඅණෙමින්  සිටින අතර ඇගේ ශරීරයේ ආසාදිත තුවාල සහ හිරු රෂ්මියෙන් වු තදබල කැලැල් පවතින බව වාර්තාවේ.

ෆෙෂර්ස් මහත්මිය දක්නට නොලැබිමත් සමග ඇගේ සැමියා හා ඔහුගේ මිතුරා අනතුරු ඇඟවීමේ සංඥා ලබා දුන් නමුත් ඇය වාහනයට පැමිණීමට අපොහොසත් වී තිබේ.

දරුවන් තිදෙනෙකුගේ මව වු ෆෙෂර් සෙවීම සඳහා පොලිස් නිලධාරින් සහ රාජ්‍ය හදිසි සේවා නිලධාරින් 25 දෙනෙක් එක්වි සිටියහ. කිමිදුම් කරුවන් පොකුණ ගැන සොයා බලද්දී අනෙක් නිලධාරින් අවට පරිසරයේ විපරම් කැර ඇත. හෙලිකොප්ටර් යානා ද පිරික්සුම්වලට යොදා තිබිණි. පිරික්ෂක කංඩායම් විවිධ වර්ණයෙන් යුත් සලකුණු බිමට දමා තිබේ.

ෆෙෂර්ස් ගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඇය විසින් මෙම සළකුණු අතරමංව සිටි කැලයෙන් එළියට පැමිණීම සඳහා මං සලකුණු ලෙස යොදා ගෙන තිබු බවයි.

ඇය එළියට පැමිණී පසු පළමුව දැක ඇත්තේ අන්නාසි වෙළෙන්දෙකි. පසුව ඔහු විසින් මෙම කාන්තාව වහාම ලඟම පිහිටි රෝහල වෙත යවා ඇත.

පවුලේ සාමාජිකයන් මාධ්‍යයට පවසා ඇත්තේ ඇය සුරක්ෂිත වි ඇත්තේ කුඩා කලපුව, කුඩා මාළුන් සහ කෘමින් බවයි. තම සිරුරේ තිබූ තුවාල කලපුවේ ජලයේ දමා ගෙන දින තුනක් ඉඳගෙන සිට ඇත.

ඔවුන් තවදුරටත් පැවසුවේ ඇයට කිඹුලන්ගෙන් ද ආරක්ෂා වීමට ද සිදුවූ බවයි.

ෆෙෂර්ස් ගේ කිලෝ ග්රෑම් 90 ක් වු බර ඇය අතුරුදන්ව සිටි කාලයේ දී කිලෝ 16 කින් අඩුවූ බව වෛද්‍යවරු කියති.

ෆෙෂර්ස්ගේ සැමියා වන හේත් කැසඩි පැවසුවේ ඇයගේ ශරීරය පුරාම සීරිම් සහ කැලැල් අධිකව තිබෙන බවයි. කැසඩ් පවසන්නේ ඇය ජීවත්ව සිටීම පුදුම උපදවන කරුණක් බවයි.

ඇගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය තවමත් පරික්ෂණ පවත්වමින් සිටින අතර එහි ප්‍රකාශකයෙක් වාර්තාවකරුවන්ට පවසා ඇත්තේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකසහිත තත්වයක් නොමැති බව පෙනෙන්නට ඇති බවයි.Australian 2 - Copy Australian 1