ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයෙන් අතුරුදන් වූ බව කී දැරියන් තිදෙනක වසර 10 කට පසු ක්ලීව්ලන්ඞ්හි නිවසක රඳවා සිටිද්දී සොයා ගැනීමට පොලිසිය ඊයේ (7) සමත් විය.
මෙසේ හමුවී ඇත්තේ ඇමැන්ඩා බෙරී, ජීනා ඩෙජීසස් සහ මිෂෙල් නයිට්ය. මොවුන් තිදෙනා ඒරියල් කස්ත්‍රෝ නමැත්තා සහ ඔහුගේ සොහොයුරන් දෙදෙනා විසින් පැහැර ගෙන ගොස් ක්ලීව්ලන්ඞ්හි නිවසක බිම් මහලේ සිරකරගෙන සිට ඇත.
ඇමැන්ඩා පැහැර ගෙන ඇත්තේ 2003 දීය. එවිට ඇගේ වයස අවුරුදු 16 කි.
කස්ත්‍රෝ සොහොයුරන් ජීනා සහ මිෂෙල් නයිට් පැහැර ගෙන ගොස් ඇත්තේ 2000 වසරේදීය. එම අවස්ථාවේ ජීනාට වයස අවුරුදු 14 කි. මිෂෙල්ගේ වයස අවුරුදු 20 කි.
මොවුන් පැහැරගෙන ගොස් දස වසරක් සිරකර ගෙන සිටි ඒරියල් කස්ත්‍රෝ 56 හැවිරිදි විශ‍්‍රාමිකයෙකි. ඔහුගේ සොයුරන් දෙදෙනා 50 හැවිරිදි සහ 54 හැවිරිදි වියෙහි පසුවන බවත් මොවුන් තිදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.
ඇමැන්ඩා, ජීනා සහ මිෂෙල් සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඔවුන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක ඔවුන් සිර කරනු ලැබ සිටි නිවසින් බේරී පලා ඇවිත් පොලිසියට ඒ ගැන දැනුම් දීමෙන් පසුවය.
මොවුන් තිදෙනාගෙන් එක් තැනැත්තියකට දරුවකු ද සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේ ලංකාවේ උනානම, ආස්චර්ය මේකද කියල අහවි.(ස)
විශාලත්වෙන් ඇමරිකාව ලොව තුන්වෙනි තැන ඉන්නේ. ජනගහනය අතින් ලොව තුන් වෙනි තැන. අපරාද කොච්චර නුහුරුද කියනවා නම් මේ ප්‍රවෘත්තිය සි එන් එන්,බිබිසි ඇතුළු ලොව සියලු ප්‍රධාන මාධ්‍ය වල මුල්ම ප්‍රතෘත්තිය. අන්න ඒ අර්ථයෙන් ලංකාව වගේ පොඩි භූමියක් ඇතුලේ කුඩා ජනගහනයක අපරාධ අතිශය සාමාන්‍ය වීම ආශ්චර්යයක් නොවේද? (නි)
රන්ජනී, මේක ලංකාවේ ආශ්චර්ය වුනාට ඇමරිකාවේ දුරාචාර්ය. (නි)
එහෙමයි මුතුකුඩ එහෙමයි (නි)