ඉන්දුනීසියාවට 2004 වසරේදී කඩා වැදුණු මහා සුනාමියට හසුවී මුහුදට ගසාගෙන ගොස් පණ බේරා ගත් දැරියක, සුනාමි ව්‍යසනයෙන් සත් වසරකට පසු යළි ඇගේ මාපියන් සොයා ගැනීමට සමත් වූවාය. 15 වියෙහි පසුවන මේරී යුරන්ඩා නැමැති එම දැරිය සුනාමියට ගසාගෙන යද්දී ඇයගේ වයස අවුරුදු 8 කි. එම අවස්ථාවේදී වාසනාවකට මෙන් දිවි බේරා ගත් ඇය, මාපියන්ගෙන් වෙන්වූ අතර වෙනත් කාන්තාවක ඇය දරුකමට ගෙන ඇත. එම කාන්තාව තමා හිඟමනේ යෙදවූ බව මේරී යුරන්ඩා පවසයි. ඇයගෙන් බේරී පැනගොස් තමා පදිංචිව සිටි මෙලාබෝ නමැති ගම්මානයට පැමිණීමට මේරී යුරන්ඩාට හැකියාව ලැබී ඇති අතර පසුගිය සතිඅන්තයේදී ඇය යළිත් මාපියන් සොයා ගැනීමට සමත්වූවාය. ”ලැබුණු විස්තර අනුව මා මගේ අම්මා තාත්තා සොයා ගෙන ආවා. හුඟක් අය මට උදව් කළා. වසර හතකට පස්සේ මට මගේ අම්මා යළි දකින්න ලැබුණා. ඇයට මුලදී මාව හඳුනා ගන්න බැරිවුණත් ඇය මගේ අම්මා බව මා ඇය දුටු ගමන්ම දැනගත්තා” යැයි මේරී යුරන්ඩා පවසයි. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා හටගත් සුනාමියෙන් ඉන්දුනීසියාවට පමණක් නොව ශ්‍රී ලංකාවට ද මහා විනාශයක් සිදුවිය. සුනාමියට හසුවීමෙන් මියගිය ගණන 230,000 කට වැඩිය. සුනාමියෙන් වැඩිපුරම බලපෑම් එල්ල වූයේ ඉන්දුනීසියාවටය. සුනාමිය හටගත්තේ ඉන්දුනීසියාව අසල මුහුදු පතුළේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 9.1 ක ප‍්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් හේතුවෙනි.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුනාමියෙන් මිය ගියැයි කී දැරියක් වසර හතකට පසු ගෙදර ඇවිත්