IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මා බටහිර රූකඩයක් නොවේ: පාකිස්තාන දැරිය මලාලා කියයි

තමා බටහිර රූකඩයක් නොවන බවත්, පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සුරැුකීමට තමා කැපැවී කටයුතු කරන බවත් පාකිස්තාන ජාතික මලාලා යූසොෆ්සායි දැරිය කියා සිටින්නීය.

16 හැවිරිදි මලාලා, මේ බව කියා සිටියේ පෙරේදා (13) ඇමෙරිකානු සංචාරයකින් පසු යළි බි‍්‍රතාන්‍යයට පැමිණ එරට බී.බී.සී. රූපවාහිනිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වූ අවස්ථාවේදීය.

ඇතැම් පකිස්තානුවන් මලාලා ‘බටහිර රූකඩයක්’ යැයි හඳුන්වා දී ඇතැයි සාකච්ඡාව මෙහෙයවූ නිවේදකයා මලාලාට පැවැසුවේය.
‘අධයාපනය කියන්නේ අධ්‍යාපනයට. ඒකට බටහිර හෝ නැගෙනහිර කියා භේදයක් නැහැ. මා නැගී සිටින්නේ පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන්. මා මහන්සි වන්නේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සුරැකීමටයි.” යැයි මලාලා දැරිය පිළිතුරු දෙමින් කියා සිටියාය.

පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සංවිධානයේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වී දිවි ගලවා ගත් මාලාලා  පසුගිය සතිඅන්තයේ ධවල මන්දිරයේදී ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා හමුවූවාය.

මලාලා, ධවල මන්දිරයට ගියේ ජනපති බැරැක් ඔබාමාගේ ආරාධනාවකට අනුවය. මාලාලා සහ ජනපති ඔබාමා අතර සුහඳ හමුවක් පැවැත්වුණු අතර, එම අවස්ථාවට ඔබාමා බිරිය මිෂෙල් සහ දියණියෝ දෙදෙනා සාෂා සහ මලීයා ද එක් වූහ.

පසුගිය සතියේ මලාලා අන්තර්ජාතික සම්මාන රැසකින්  ද පිදුම් ලැබුවාය. ඒ ඇය බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් කරන මෙහෙවර ඇගැයීමට ලක් කරමිනි. මෙවර නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ද මාලාලා දැරියගේ නම යෝජනා වී තිබුණු නමුත් සාම ත්‍යාගය ඇයට හිමි නොවිණි.

මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වූවාය. හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙණු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය. දැන් ඇය ජීවත් වෙන්නේ බි‍්‍රතාන්‍යයේය.
 



අදහස් (0)

මා බටහිර රූකඩයක් නොවේ: පාකිස්තාන දැරිය මලාලා කියයි

සරිත් Tuesday, 15 October 2013 10:11 AM

ම්ලේච්ජ ගල් යුගයේ ආගමේ ඇර අන් ආගම් වලින් මිනිස්සු ඇද බැඳ තබාගෙන මරන්නේ නැහැනේ. මොකක්ද මේ ම්ලේච්ඡ ත්‍රස්තාවාදී ආගම? (ස)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 15 October 2013 10:57 AM

සරිත් දන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් ගිහින් අහගන්න. (ස)

:       0       0

අනිල් Tuesday, 15 October 2013 04:48 PM

ආගමකට ගරහන්න හොඳ නැහැ. නමුත් අද මේ වෙනකොට ලෝකේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ මුස්ලිම් බහුතරය ඉන්න රට වල. (ස)

:       0       0

පැංචි Wednesday, 16 October 2013 04:23 AM

බටහිර රූකඩයක් නෙමෙයි..හ්ම්ම්... (නි)

:       0       0

සරිත් Tuesday, 15 October 2013 11:15 AM

රිෂාර්ඩ්, මම ඇහුවා මගේ මිතුරන්ගෙන් එයාලා ඔක්කොම කිව්වෙ ලෝකෙ දරුණුම ආගම ඉස්ලාම් කියලා. තවත් අය කිව්වා ඉස්ලාම් තියන යුද්ධ ගිනි නැති එකම රටක්වත් නැහැ කියලා. අපේ රටෙත් ඔය කූරගල, මුහුදු මහා විහාරය, දුටු ගැමුණු රජු සෑය විනාශ කරලා යුද්දෙකට ඇදල දාන්න හැදුවෙ මුසල්මානුවො නේද? රිෂාර්ඩ් ඔයා දන්නව නම් කියන්නකො ඉස්ලාම් තියන ආගමික නිදහසක් තියන අන් ආගමිකයන්ට හිරිහැර කරන්නැති රටක්. (ස)

:       0       0

සුනිල් යහම්පත් Wednesday, 16 October 2013 02:28 PM

කෙවින් ඔබ කියනා සෞදි ආරාබි ගෑණුන්ගේ ගෙවල් වල කක්කුස්සි සෝදන්නේ . උයන්නේ පියන්නේ අපේ මේ කියනා උගත් අයගේ සහෝදර සහෝදරියන් අම්මාවරුන් පියවරු. ඊට අමතරව ඔවුන්ගේ වාහන පදවන්නේ . ඔවුන්ට වහල් ස්වභාවයෙන් වැඩ කරන්නේ අපේම උගත් අය නේද .? එහෙ ගියාම බුද්ධාගමේ අයත් කියන්නේ අපි ක්‍රිස්තියානි කියල සති අන්තයට නිවාඩුවක් ගන්නට . බුද්ධාගමේ කියන්නේ නැහැ නිවාඩුව නොලේබන නිසා . තවත් අපේ උගත් සහෝදරියන් මව්වරුන් ඔවුන්ගෙන් ළමයින් බිහි කරගෙන ලංකාවට එන්නේ . පළමුව ඔබලා කල යුතු මේවා නතර කිරීමයි . ඔය අනුන්ට ගරහන කී දෙනෙක්ගේ පවුල් වල අය අද වන විට මැද පෙරදිග රැකියා කරනවාද ? මේවා ඉතින් වීදුරුවක් ඇතුලේ කුණාටුව වගේ. (ස)

:       0       0

දිනේෂ් Tuesday, 15 October 2013 05:52 PM

මා ඇයට ගරු කරනවා (නි)

:       0       0

විජේසිංහ Tuesday, 15 October 2013 12:11 PM

තාක්ෂණෙත් දැන් දියුණුයි නේ. ඉස්සර වගේ මුලු ගන්වලා තියන්න බැරිවෙයි ඔයාලගේ ඔය ආගමට (ස)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Wednesday, 16 October 2013 03:48 PM

නියම කතාවක් තමා යහම්පත් ඔයා කිව්වේ . අපේ මෝඩ හරක් ජාතිවාදය ආගම් බේද වපුරනවා ගිය ගිය තැන . අම්මා නංගිව අක්කව අරින්නේ රස්සාවට, අරාබි කාරයෝ ගාවට (ස)

:       0       0

රනිල් Wednesday, 16 October 2013 07:47 AM

නීරෝ ගුණ, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ධර්මවල මුලික සිද්ධාන්ත එක වගේ වෙන්න ඇති. එහෙත් බෞද්ධ දර්ශනයේ සිද්ධාන්තය ඒවාට වඩා සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ වෙනස ඉතාම සරලවම කිව්වොත්, ක්‍රිස්තියානි ආගමේ තිබෙන්නේ "බලාපොරොත්තුව", ඉස්ලාම් ධර්මයේ තිබෙන්නේ "විශ්වාශය" , බෞද්ධ දර්ශනයේ තිබෙන්නේ "අධිෂ්ඨානය" ඒ නිසා මේවා පැහැදිලිවම වෙනස්. අචාන් චා හාමුදුරුවන්ගේ පොත් ටිකක් අරන් කියවන්න ධර්මය පැහැදිලිව වැටහෙයි. යු ටියුබ් එකේ තියනවා මුස්ලිම් සහෝදරයෙක් ප්‍රශ්න 10 අහනවා බෞද්ධ දර්ශනය ගැන. ඊට කෙනෙක් පිළිතුරු දෙනවා. ඒක හොයලා අහන්න බලන්න. හරිම වැදගත්. (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 15 October 2013 06:36 PM

මාගේ මුස්ලිම් සහෝදරවරුන්ට කියන්නේ, මෝඩයන් සමග තර්ක කරන්න එපා. සිදුවෙන දේ හරියටම සිදුවෙනවා. දුක්වෙන්න එපා. ජය නියතයි!!!! (නි)

:       0       0

බටු Tuesday, 15 October 2013 06:41 PM

මුස්ලිම් රටවල ප්‍රශ්න ආවේ මේ මෑතක ඉඳලා. මේකට බටහිරය වගකියන්න ඕනෑ. (නි)

:       0       0

සංජීව Tuesday, 15 October 2013 12:48 PM

රිෂාර්ඩ් නිකං මෝඩ චූං කෙනෙක් වෙන්නැතිව පාඩුවේ ලංකාවට වෙලා ඉන්නව නම් ඉන්න. නැත්නම් ඕගොල්ලන්ගෙ ත්‍රස්තවාදී ආගමේ මුලස්ථානය [සෞදි අරාබියට] යන්නකෝ (ස)

:       0       0

දුමින්ද Tuesday, 15 October 2013 12:52 PM

මුස්ලිම් ආගම ගැන ඇති වී තිබෙන ත්‍රාසය විරෝධයට මුස්ලිම් සමාජය වග කිව යුත්තේ අනිත් අය නොවන බව හිතට ගන්න. (ස)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 15 October 2013 06:50 PM

සජිත්,ඔය ඉතිහාසය ඉගෙන ගත්තේ කවදාද ?යුද්ධය කොහෙත් තිබෙනවා. ඕවට කවුරුත් මුහුණපානවා.අපි බලන්නේ ධර්මය දෙස මිස කෙනෙක්ගේ වචන නොවේ (නි)

:       0       0

කෙවින් Wednesday, 16 October 2013 05:06 PM

මම ඉන්නේ මෙදපෙරදිග නිසා - සුනිල් යහම්පත් සහ හේෂාන් කියන දේට මම එකග වෙනවා .ඔබලා කියන දේ හරි.අරාබි රටවලට අපේ කාන්තාවන් වහල් සේවයට යවන්න හොද නැහැ . මම කිව්වේ . අරාබි රටවල ඉන්න අයගේ නුගත් කම ගැන .(දිල්)

:       0       0

මොහමඩ් ෆාරුක් Tuesday, 15 October 2013 01:15 PM

සංජිව මහතාට . ඔබගේ අනුවන කමට බෙහෙත් නැත . ඔබගේ අන්තවාදී අදහස නිසා ඉස්ලාම් ආගම දරුණු ආගමක් වශයෙන් ඔබට පෙනේ . නමුත් සත්‍යය ඉස්ලාම් ආගම දරුණු නොව එය වෙනස් කර තමන්ගේ අදහස් ආදේශ කරගත් අන්තවාදී මුස්ලිම් කල්ලිවාදී කොටසක් නිසා ඉස්ලාම් ආගම නොදන්නා අය පතුරවන අදහසක් මේක . උදාහරණයකට අද රාවන බලය සහ බොදු බල සේනාව කරන්නා මෙන් . අද බුද්ධාගමද ලංකාවේ දරුණු හිංසා කාරී ආගමක් හෙටියට ලෝකයේ ප්‍රසිද්ධය . එය බුදු දහමේ වරද නොව . එයට තමන්ගේ අන්තවාදී සග ජාති වාදී අදහස් ආදේශ කරගත් එකතරා හිමි වරු සහ සිංහලයන් කොටසක් නිසාය . නමුත් බුදු දහම අවිහිංසා වාදී උතුම් දර්ශනයක් . මම ඔබ මෙන් ආගමකට හෝ ජාතියකට දොස් නොනගිමි . සුළු කොටසක් කරනා වෙරදී වලට මුළු ජාතියම ආගම ට බෙනීම මන්දබුද්ධික ක්‍රියාවකි ( සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගිවෙවා දුකින් මිදේවා සේපතට පත් වේවා ) පතමි .සම්මා සංකල්ප සහ සම්මා දිට්ටි සම්මා වායා ඔබ දන්නවවනම් ඔබ ඔබගේ අදහස් වෙනස් කර ගනු එත සිකුරුය (දිල්)

:       0       0

බලන්ගොඩ සිංහ Tuesday, 15 October 2013 07:16 PM

රිෂාර්ඩ්, ඔබගේ ප්‍රතිචාරය පැහැදිලියි. එහෙත් අපි දකින අහන දේවල් වල විශේෂයෙන් ලෝකය සම්බන්ධයෙන් ඔය කියන ආගමේ අය හොද නැහැ. ලංකාවේ ඔයාලා වුණත් ඔය විදිහට හොදට හැසිරෙන්නේ සිංහල බුද්ධාගමේ ක්‍රියාවන් නිතරම දකින ගැවසෙන නිසා. බුද්ධාගමේ අය සියඑ මානව සත්ත්වයන්ට, ඇසට නොපෙනන අයට පවා කරුණාව දක්වන පිරිසක් බව දැනුවත් වෙන්න (නි)

:       0       0

සුජිත් Tuesday, 15 October 2013 01:17 PM

මලලා බාලිකාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හඞ නගන එකට අපේ සුභ පැතුම්, නමුත් ඔයා බටහිර රූකඩයක් වෙලා ඉවරයි. (ස)

:       0       0

අමින්ද Tuesday, 15 October 2013 07:34 PM

ඉස්ලාම් අයගේ තියන ප්‍රධන වැරැද්ද තමය් අන් ආගම ඉවසන්නේ නැති එක. කුරුසයක් ගෙන සෞදි අරාබියට ගියොත් එයාර් පෝර්ට් එකේදීම ඒක කුණුබක්කියට දානවා. මේ කියන්නේ අනිත් අය මිත්‍යාදුෂ්ටික නිසා ඒ අය විනාශ කරන්න ඕන කියන ඒකය්. (අ)

:       0       0

සේකර Tuesday, 15 October 2013 01:46 PM

“අද බුද්ධාගමද ලංකාවේ දරුණු හිංසාකාරී ආගමක් හැටියට ලෝකයේ ප්‍රසිද්ධය“ ගල් පැලෙන බොරු කියන්න එපා හලෝ.... ඔහොම කියලා ඔයාලා වගේ අය තමා ඇෆ්ගනිස්තානයේ බුදු පිලිම වලට බෝම්බ තිබ්බෙ. මට පේනවා ලංකාවේත් ඔහොම කරන්නෙ මොහොමඩ්ලාම තමයි කියලා. (ස)

:       0       0

උඩුමලගල ගමගේ Tuesday, 15 October 2013 01:58 PM

තලේබාන් කියන්නේ දරුණු ම්ලේච්ච ත්‍රස්තවාදී සංවිධානයක්. මේ වගේ පොඩි ගැහැණු ළමයෙක් පාකිස්තානයේ සිට ඔවුන්ට විරුද්ධව හඬ නැගීම මහා වීර ක්‍රියාවක්. ඒ නිසා ඇයට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වෙන්න තිබුනා. ඒ නිසා ඇය වීරවරියක්. ඒත් ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු ප්‍රහාර නිසා මිය ගිය අහිංසක ළමුන් ගණන කොපමණ දැයි කියන්න බැහැ. ඒ වෙනුවෙන් හඬ නගන කිසිවෙකුට බටහිර රටවල් වලින් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම මලාලා වීරවරියක්. ඒත් දැන් ඇයව පාවිච්චි වෙන්නේ බටහිර රූකඩයක් විදියට. මලාලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී කරපු කතාව පවා ඇයට ලබා දුන් පිටපතක් කියලයි කියන්නේ. මේක තමයි යථාර්තය. මලාලා මේක තේරුම් ගත්තත් කරන්න දෙයක් නැහැ. මොකද ආපහු තමුන්ගේ රටට ආවොත් වෙඩි කන්න වෙනවා. බටහිර ඉන්නවා නම් ඔවුන්ට අවනත වෙන්න වෙනවා. ඇත්තම කියනවා නම් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලත් තියෙන්නේ තලේබාන් වගේම අන්තවාදී ත්‍රස්තවාදයක්. ඒත් ඒක ඔවුන්ගේ මාධ්‍ය ආධිපත්‍යයෙන් යට කරගෙන ඉන්නවා. මලාලාට දැන් කියන්න තියෙන්නේ "අපිට හොරෙන් අපි විකිනෙන පුදුම ලොවක් මේක" කියලා තමයි. (ස)

:       0       0

මදූ Tuesday, 15 October 2013 02:15 PM

සරිත් ඔබ හරි..... (ස)

:       0       0

වෙලුම් Tuesday, 15 October 2013 08:38 PM

රිෂාර්ඩ්, කෙනෙකුගේ හිස් වචන වලට රැවටිලා නැත්තම් බෙල්ල කපනකොටත් අර විදියට කෑගහයිද? මතකද රිසානා නෆීක්? (නි)

:       0       0

කමල් Tuesday, 15 October 2013 02:30 PM

කවුරුත් දන්නේ නැහැ කවුරු කාගේ රූකඩද කියලා, නටවන අය පමණි එය දන්නේ. (නි)

:       0       0

කෙවින් Wednesday, 16 October 2013 10:51 AM

මුලික අධ්‍යාපනයක් නැතුව ගෙදරටම හිර වෙලා ආගමේ නීති දහසකට යටත් වෙලා ඉන්න ගැහැණුන්ගෙන් ඉපෙදන දරුවන් උපතින්ම මෝඩයි .අද සෞදි අරාබිය වගේ රටවල ඉන්නේ වැඩි හරියක් ඒ වගේ අය. (ස)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 15 October 2013 10:22 PM

අමින්ද සත්‍ය ඔප්පු කරලා පස්සේ එක දාගෙන ගියොත් කිසිස්ම ප්‍රශ්නයක් නැහැ,අපි කිසිම ආගමක දේවල් අපේ ජීවිතවලට ආවඩන්නේ නැහැ කියල දන්නවනේ.තව එකෙක් මේ ළඟකදී ඉඳන් කට්ටියක් අවිහින්සාවදී මුවාවෙන් එක එකදෙවල් කරනවා මේවගේ තමඊ අනිත් රටවලත් වෙලා තියෙන්නේ .ඔයා හරි සමයෙන් හිටියොත් සාමයෙන් ඉන්නවා ඒක ඕනම කෙනෙකුට තියෙන දෙයක් (අ)

:       0       0

ප්‍රදීප් Tuesday, 15 October 2013 03:03 PM

අප රටේ බොහෝ දෙනාටද මේ දැරියට නොතේරෙන දෙය නොතේරේ. (නි)

:       0       0

යු. එස්. ඒ Tuesday, 15 October 2013 11:47 PM

මොහමඩ් ෆාරුක් කියලා තිබෙන කතාව සම්පුර්ණ සත්‍යයක්. සමහරු දමන ප්‍රතිචාර වලින් පෙනෙන්නේ අන්තවාදය සහ ආගම්වාදයයි.අද ලංකාවේ බෞද්ධ භික්ෂුන් තලේබාන්, අල්කයිඩා වාගේ වෙලා. මේවා සමහරුන්ට පෙනෙන්නේ නැහැ. මනස අන්ධ වෙලා (නි)

:       0       0

නීරෝ ගුණ Wednesday, 16 October 2013 12:04 AM

කාටවත් කියන්න බැහැ ඉස්ලාම් කියන්නේ නරක ආගමක් හෝ ක්‍රිස්තියානි හෝ යුදෙව්වන්ගේ ආගම නරක කියා. මුලිකව මෙම ආගම් වල මුලික සිද්ධාන්ත එකය. හොඳම දෙය අන්ධව යමක් නොදැන එකිනෙකාට දොස් නගා ගන්නවාට වඩා සියලුම දෙනා සියලුම ආගම් ගැන අවබෝධයක් ලබා ගැනීමය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 208 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 125 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 113 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 304 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 136 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site