IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාවහන් බේරා ගනී

තම පාවහන් නොතෙමි තබා ගැනීමට සාමාන්‍ය වැසියෙකුගේ කරෙන් ගිය චීන රජයේ නිළධරයෙකු සේවයෙන් පහ කිරීමට යයි.

ගංවතුරින් හානියට පත්වූ චීනයේ සෙජෑන්ග් ප‍්‍රාන්තයේ අවතැන් වූවන් පිළිබද කරුණු සොයාබැලීමට යැවූවෙකු බව චීන මාධ්‍ය වාර්තා කරයි.

ප‍්‍රාන්තයේ ඇතැම් ප‍්‍රදේශ තවමත් වතුරින් යටවී ඇති බැවින් හෙතෙම ‘‘වතුර තරණය‘‘ කැර ඇත්තේ සාමාන්‍ය වැසියෙකුගේ කර මතිනි .

කර මතින් යාමට ඔහු ගෙනහැර පා ඇතැයි යැයි කියන හේතුවත් කදිමය.එනම් තම මිල අධික පාවහන් යුගල වතුරෙන් පෙඟී යාම ආරක්ෂා කර ගැනීම සදහාය.

නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරන සෙජෑන්ග් ප‍්‍රාන්ත රජය පවසන්නේ වැසියන් එම නිළධාරියා කර මතින් රැගෙන ගොස් ඇත්තේ කිසිදු බලපෑමකට යටත්ව නොව සිය කැමැත්තෙන්ම බවයි.

එම  නිළධාරියා සේවයෙන් පහ කර දමා ඇත.හේතුව කුමක් වුවද රාජ්‍ය සේවකයෙකු තමන් සේවය කිරීමට බැදී සිටින සාමාන්‍ය වැසියෙකුගේ කර මතින් යාම නොමනා බව චීන රජය තීරණය කරයි.

 



අදහස් (0)

පාවහන් බේරා ගනී

දුමින්ද Wednesday, 16 October 2013 01:46 PM

ලංකාව මෙම සිද්ධිය උනා නම්? (ස)

:       0       0

මර්විල් Wednesday, 16 October 2013 02:18 PM

දුමින්ද, චීනයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (ස)

:       0       0

චාමික Wednesday, 16 October 2013 02:25 PM

ලංකාවේ ඉන්න, රෝගීන්ගේ කරේ යන්න හදන දොස්තරලටත්, හෙදියෝන්ටත්, දෙමව්පියන්ගේ කරේ යන්න හදන ගුරුවරුන්ටත්, ජනතාවගේ කරේ යන රාජ්‍ය සේවකයෝ සහ දේශපාලකයෝන්ටත් තව තවත් කර උඩ නගින්න ඉඩ දෙන ලාංකිකයන්ට හො පණිවිඩයක්. (ස)

:       0       0

කපිල Wednesday, 16 October 2013 02:43 PM

දැන් බලාගන්න අනිත් රටවල මානව හිමිකම් සුරකින හැටි. (ස)

:       0       0

චමත් Thursday, 17 October 2013 12:18 AM

අල්ලලා ගස් බඳින්න තියෙන්නේ. (නි)

:       0       0

සිසිර Wednesday, 16 October 2013 04:14 PM

මෙහනම් ඔක්කම කරපිටින්න නේ යන්න (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 16 October 2013 06:12 PM

ලංකාවෙ නම් අරන්ගිය මනුස්සයව හිරේ දමාවි නිලධාරියාව බලෙන් අරන් ගියා කියල (අ)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 06:51 PM

ඒකට අපේ රටේ සාමාන්‍ය වැසියෝ, රජයේ නිලධාරීන්ව කරතියාගෙන යන්නේ. කාටද ආඩම්බර? (නි)

:       0       0

සුදර්ශනී Wednesday, 16 October 2013 07:42 PM

ඔහොම යමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 227 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 141 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 123 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 29 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 310 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 137 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site