IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉස්ලාම් දහමට නිග‍්‍රහ කළ ඇමෙරිකානුවා මැරුවොත් පාකිස්තාන ඇමැතිවරයකුගෙන් ඩොලර් ලක්ෂයක්

මුස්ලිම් ලොව කලඹවමින් නබි නායකතුමාටත් ඉස්ලාම් දහමටත් නිගරු වන අන්දමේ චිත‍්‍රපටය නිර්මාණය කළ ඇමෙරිකානු ජාතිකයා මරා දමන අයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක මුදලක් පිරිනැමීමට තමන් සූදානම් යැයි පාකිස්තාන දුම්රිය කටයුතු පිළිබඳ ඇමැති ගුලාම් අහ්මඞ් පවසයි. ”ඉස්ලාම් දහමටත් නබි නායකතුමන්ටත් නිගරු කළ ඇමෙරිකානුවා මරා දමන්න  ඕනෑ. ඔහු මරා දමන  ඕනෑම අයකුට මුදල් ත්‍යාගයක් පිරිනමන්න මා සූදානම්. මා තලේබාන් සහ අල්කයිඩා මුස්ලිම් සොහොයුරන්ගෙන් ද එම ඉල්ලීම කරන්න කැමැතියි ” යැයි ඇමැතිවරයා කියා සිටියේ පෙරේදා (22) ඉස්ලාමාබාද් නුවර මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය. ඇමැතිවරයාගේ එම ප‍්‍රකාශය රජයේ ස්ථාවරය නොවන බව පාකිස්තාන රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නබි නායකතුමාටත් ඉස්ලාම් දහමටත් නිගරු වන අන්දමින් ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ යන නමින් සිනමාපටයක් නිර්මාණය කළේ නකූලා බැසලේ නමැති 56 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයාය. ඔහු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචිකරුවකු වන අතර ඊජිප්තු ජාතිකයකු වන ඔහු ඇමෙරිකාවට සංක‍්‍රමණය වී ඇත්තේ 1990 දශකයේදීය. නකූලාගේ චිත‍්‍රපටයට ඇමෙරිකාවේ     මුස්ලිම්වරුන්ගේත් එරට සුදු ජාතිකයන්ගේත් විරෝධය එල්ල වී ඇත. එම නිසා නකූලා සහ පවුලේ අයට ඇමෙරිකාව තුළින් ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි ඇමෙරිකා ආරක්ෂක අංශ බිය පළ අතර ඔවුන් ආරක්ෂිතව රහස් ස්ථානයනට ගෙන යෑමට ද ඇමෙරිකානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ චිත‍්‍රපටය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තමන් එය දැඩි ලෙස පිළිකුල් කරන බවත් තරයේ එය හෙළා දකින බවත්ය. ඉකුත් සිකුරාදා දින පාකිස්තානයේ ඉස්ලාමාබාද්, කරච්චි, ලාහෝර් සහ පෙෂවෝර් යන නගරවල ප‍්‍රචණ්ඩකාරී ඇමෙරිකානු විරෝධතා පැවැත්වුණු අතර කලහකාරීව හැසිරුණු පිරිස් කඩ සාප්පුවලට පහර දෙමින් වාහන ගිනිබත් කරන්නට වූහ. කලහකාරී එම පිරිස් මර්දනයට පොලිසිය යෙදවීමට පාකිස්තාන රජයට සිදුවූ අතර පොලිසිය සමඟ ඇතිවුණු ගැටුම්වලින් විරෝධතාකරුවෝ 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ පිරිස 200 කට වැඩි විය. මේ අතර ඉස්ලාමාබාද් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට කඩා වැදීමට පන්සියයකට අධික විරෝධතාකරුවන් පිරිසක් උත්සහ කළ ද එය අසාර්ථක විය.



අදහස් (0)

ඉස්ලාම් දහමට නිග‍්‍රහ කළ ඇමෙරිකානුවා මැරුවොත් පාකිස්තාන ඇමැතිවරයකුගෙන් ඩොලර් ලක්ෂයක්

මොහමඩ් Monday, 24 September 2012 12:41 PM

මමත් යාඥා කරනවා (නි)

:       0       0

ශලනි Tuesday, 25 September 2012 09:24 AM

ඔච්චර විරෝධයක් තියෙනවා නම් ඇයි $ වලින් ගෙවන්නෙ? පාකිස්ථාන් මුදලින්ම ගෙවලා දාන්න තිබුනණේ. (නි)

:       0       0

මධු Wednesday, 26 September 2012 01:35 AM

සොයිසා, මම ඔබ සමගයි. (නි)

:       0       0

රොෂාන් Tuesday, 25 September 2012 09:42 AM

මමත් සල්ලි කීයක්හරි දෙන්නම්. තවත් හදන්න (නි)

:       0       0

නිශාම් Tuesday, 25 September 2012 05:32 PM

සොයිසා, ඔයා නිෂ්පාදකට සල්ලි දෙන්න කලින් ඔයාගේ ගෙදර අයට කන්න තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. (නි)

:       0       0

නිශාමනි Tuesday, 25 September 2012 05:26 PM

ලෝකේ මෙහෙම දේවලුත් වෙනවලු

:       0       0

නිශාන්ත Tuesday, 25 September 2012 05:26 PM

වරදක් කළා වරද පිලි ගත්තා දඩුවම් දුන්නා

:       0       0

නිරන් සෞදි Tuesday, 25 September 2012 02:18 PM

පිරුණු කළේ දිය නොසෙලේ කියලා අපේ පැරැන්නෝ කියලා තියෙනවා..!(නු)

:       0       0

නිශ Tuesday, 25 September 2012 05:26 PM

ආගම් වලට නිගා කලේ මොකටද

:       0       0

නිශ්වන් Tuesday, 25 September 2012 05:26 PM

ලංකාවේ නම් එහෙම වෙයිද

:       0       0

සමන් Tuesday, 25 September 2012 05:26 PM

ජයවේවා

:       0       0

රිස්වාන් Tuesday, 25 September 2012 05:26 PM

අනුමත කරනවා

:       0       0

නිකුම් Tuesday, 25 September 2012 05:26 PM

අන්න වැඩ

:       0       0

සජී Tuesday, 25 September 2012 10:28 AM

නිසල්, මුලින්ම හොදට පුවත කියවලා ඉන්න (නි)

:       0       0

නිශාන්ත Tuesday, 25 September 2012 05:32 PM

නිතියනම් නිතිය

:       0       0

දයා සෞදි Monday, 24 September 2012 03:52 PM

මේ වැඩේ කරන්න ලක්ෂයකින් පුළුවන්ද? (නදී)

:       0       0

නිශාන් Tuesday, 25 September 2012 05:32 PM

මේවා කිරිමට පෙර තමන්ගේ නිවසේ අය ගැන සිතිය යුතුයි (නි)

:       0       0

නිශාම් Tuesday, 25 September 2012 05:32 PM

‍සොයිසා, ඔයා නිශ්පාදකට සල්ලි දෙන්න පළමුව ඔයාගේ ගෙදර අයට කන්න තියෙනවාද කියලා ටිකක් බලන්න.!(නු)

:       0       0

ෂිෆ්රාන් Tuesday, 25 September 2012 02:33 PM

අපේ කට්ටිය හොඳයි නිකරුනේ කියව කියව ඉන්න විතරක් (ස)

:       0       0

අරුණ Tuesday, 25 September 2012 05:35 PM

මෙම කථාවෙන්ම එම චිත්‍රපටයේ කියන දේ ඇත්ත කියලා ඔප්පු කළා. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 25 September 2012 10:39 AM

හොදම වැඩේ

:       0       0

ජනක Tuesday, 25 September 2012 10:55 AM

වැඩේ හරි මම කියන්නේ

:       0       0

කෙනත් Monday, 24 September 2012 10:30 PM

මම ඉන්නේ ලොස් ඇන්ජෙලීස් නුවර. මට ඕනෑ නම් ඔය ඩොලර් ලක්ෂය ලේසියෙන් ගන්න පුළුවන්. නමුත්... තමන්ගේ ආගමේ නාමයෙන් හෝ පර පණක් නැසීම හෝ හිංසා කිරීම නම් වූ අපායගමී අකුසලයෙන් මිදී සිටීම ලක්ෂයක් නොවෙයි ලෝකෙම රත්තරන් කරලා අතට දෙනවා කිවුවත් මම කරන්නේ නැහැ. බඩගින්නේ පාරක් අයිනේ මැරී වැටුනත් මම ඔය වගේ අකුසලයක් කරන්නේ නැහැ. භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් වන අපිව අකුසලයෙන් වැළකී සිටීමට මග කියා දුන්නේ එහෙමයි. නමුත් අන් ඕනෑම අයෙක් කියන්නේ, මිනිස්සු මරන්න එපා නමුත්, දෙවියන්ගේ නාමයෙන් මැරුවොත් පවු නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු වුණත් ඉගියකින් හරි තිරිසනකුගේවත් පණ නැසීමට අනුබලයක් දීමක් පවා භික්ෂුත්වය පවා නැතිවෙන සේම දුගතියට යාමට කර්ම සකස්වෙන බව, එය ලෝක සාධාරණ ධර්මතාවයක්, ආගමකට සීමවෙන්නක් නොවෙන බව හොදට පෙනෙනවා. වෙන අයට එක නීතියකුත් තමන්ගේ යට තව විදිහකටත් සලකන දෙවි කෙනෙක් බුදු දහම තුළ නැතිය. ඇත්තේ විශ්ව සාධාරණ දහමකි. ඔබ වී වැපුරුවොත් සහල් ලැබේ, මුං වපිරුවොත් මුං ලැබේ. (නි) (නි)

:       0       0

කෙනත් Monday, 24 September 2012 10:24 PM

මේ හටගෙන ඇති ක්‍රෝධ ගිනිදැල් නිවී , සියලු මිනිසුන්ට ශාන්තිය උදා වේවා! සිත් පහදවාගෙන මේ මිනිසුන්ගේ සිත් ක්‍රෝධයෙන්, වෛරයෙන් මිදී සුවපත් වේවා! සියල්ලෝම සතුටු සිත් ඇත්තෝ වෙත්වා! සැනසීම ලබත්වා! සමහරවිට ඒ මෛත්‍රී බලයෙන් මේ ලෝකයේ මේ හටගත් ගින්දර නිවිලා යයි. කොහොම නමුත් ලෝකෙට යම් විනාසයක් වෙන්න තිබෙනවානම් අපිට එය නවත්වන්න බැහැ. කවුද දන්නේ 2012 අවසානයේ මේ වෙන්නේ මොකක් හරි එකක මුල කියලා. අපි අප්‍රමාදව ධර්මය දියුණු කොට සුගතිගාමී වෙන්න වීරිය ගමු. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 24 September 2012 10:34 PM

ඇප්ගනිස්ථාන් රටේ තිබූ බූදූ පිළිමේ ශෙල් වෙඩි දමා විනාශ කළා මෙන්ම මීට කලින් කිහිප වතාවකදීම බූදූන් වහන්සේටත් නිගරු වන අන්දමේ සපත්තූ වල සහ ඇදූම් වල වගේම යට ඇදූම් වල පවා බූදූන් වහන්සේගේ රුව යොදා ගනිමින් වෙළද පලට නිකූත් කලද කිසිම රටක බෞද්ධ කිසිවෙකූ නැගී නොසිටීම ඇත්තටම කණගාටූ විය යූතූ කරුණකි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 25 September 2012 11:10 AM

නිර්දෝෂී මුස්ලිම්වරු..(ස)

:       0       0

වසන්ත Tuesday, 25 September 2012 11:31 AM

මොන ආගමකටවත් නිගාකරන්න හොද නැහැ (නි)

:       0       0

චන්දන Monday, 24 September 2012 04:23 PM

මමත් කීයක් හරි දෙනවා.(ස)

:       0       0

ලතිකා Tuesday, 25 September 2012 12:01 PM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

සොයිසා Tuesday, 25 September 2012 12:18 AM

මම කීයක් හරි සල්ලි දානවා. මෙහෙම චිත්‍රපටි තව තවත් වැඩිපුර හදන්න. නිෂ්පාදකට ජය වේවා! (නි)

:       0       0

මධු Tuesday, 25 September 2012 12:39 PM

ඇමරිකාවට අකමැතිනම් ඩොලර් දෙන්නෙ ඇයි.? පකිස්ථාන රුපියල් නැද්ද?(නු)

:       0       0

හසන්ති Tuesday, 25 September 2012 12:41 PM

අපිට මොකද අනේ

:       0       0

හසිත් Monday, 24 September 2012 10:57 AM

මමත් පුළුවන්නම් කීයක් හරි දෙනවා.. (ස)

:       0       0

රිශ්වන් Monday, 24 September 2012 11:04 AM

කොහොමද වැඩේ

:       0       0

කුෂාන්ත Tuesday, 25 September 2012 03:47 PM

පරිස්සමෙන් ගොයියෝ

:       0       0

මොහොමඩ් Tuesday, 25 September 2012 07:29 PM

අනේ හොදයි

:       0       0

සිල්වා Tuesday, 25 September 2012 03:44 AM

බීජ වපුරා හොද අස්වැන්නක් ලබා ගැනීම කොපමණ සතුටක්ද? (නි)

:       0       0

සනත් Tuesday, 25 September 2012 03:58 PM

මෙහෙම අය එහෙනම් එහෙත් ඉන්නවා? (නි)

:       0       0

එරංග Monday, 24 September 2012 06:01 PM

කුරුස යුද්ධය... (නි)

:       0       0

ලසන්ත Tuesday, 25 September 2012 05:29 AM

ඉතින් ඒ චිත්‍රපටියේ තිබෙන්නේ ඔය කියන ආගමේම දේවල්නේ (නි)

:       0       0

සූඩාර් Tuesday, 25 September 2012 09:02 PM

සොයිසා, ඔයාගේ මුලු වත්කම කොපමණද? (නි)

:       0       0

ඉස්මත් Tuesday, 25 September 2012 04:04 PM

ඔක්කෝටම ඉස්සර තමන්ගේ දරුවන්ට කන්නදීල ඉන්න(ස)

:       0       0

සිල්වා Monday, 24 September 2012 02:56 PM

නිදහස් වූ රටක් තුළ නිදහසේ යමක් කරන්න නොහැකි හැටි? (නි)

:       0       0

ලාල් Monday, 24 September 2012 06:27 PM

අපි පුලුවන් තරම් එවන් චිත්‍රපට නිපදවිය යුතුයි. (නි)

:       0       0

නිසල් Tuesday, 25 September 2012 07:43 AM

මට ඒ ෆිල්ම් එක බලන්න ආසයි..කවුරු හරි ඒකේ නම කියනවද ? (ස)

:       0       0

එරංග Tuesday, 25 September 2012 04:14 PM

අයියෝ මොනවායින් මොනවා වෙයිද දන්නේ නැහැ..!

:       0       0

රසික Tuesday, 25 September 2012 10:25 PM

අනේ මන්දා ඉතින්

:       0       0

රශ්මි Tuesday, 25 September 2012 10:25 PM

අයියෝ සල්ලි

:       0       0

ලලිත් Tuesday, 25 September 2012 04:23 PM

අදහස් ප්‍රකාශ කරන්න අයිතිය නැද්ද එතකොට

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 205 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 123 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 109 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 302 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 135 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site