IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හදිසියේම අතුරුදන් වූ චීනයේ දෙවැනි ධනවතා

 

‘ජැක් මා අතුරුදන්.’ පසුගිය දිනවල විදෙස් පුවත් සේවා ඔස්සේ අපට අසන්න ලැබුණු ප්‍රධාන පුවත්වලින් එකක් වූයේ එයයි. ජැක් මා විදෙස් මාධ්‍ය කැළඹුවේ ඇයි? ජැක් මා චීන ජාතිකයෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකි. ජැක් මා ගේ සාර්ථකත්වය පසුපස සිටින්නේ, ‘අලිබාබා’ය. ‘අලිබාබා’ කී සැණින් සිහියට නැගෙන්නේ, අරාබි නිසොල්ලාසයයි. ‘අලිබාබා’ සහ හොරු 40 එහි එන කතාවකි. අලිබාබා දුප්පතෙකි. දුප්පත් වුවත් ඔහු හිත හොඳ අවංක කෙනෙකි. ඔහුට වාසනාව උදා වී ධනවතකු වන්නේ, හොරු 40 ඔවුන්ගේ මහා වස්තු සම්භාරය සැඟවූ ගල් ලෙනට යෑමට හැකියාව ලැබීමත් සමඟය. සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස ජැක් මා ගේ නැගී සිටීම සිදුවූයේත් ‘අලිබාබා’ මෙනි. ජැක් මා ගේ සම දායකත්වයෙන් පිහිට වූ ‘අලිබාබා’ වෙබ් සේවාවකි. අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමේ පුරෝගාමියා ලෙස ‘අලිබාබා’ සැලකිය හැකිය. 


අද වන විට ‘අලිබාබා’ සමූහ ව්‍යාපාරයකි. විවෘත ආර්ථිකය පදනම් වූ වෙළෙඳපොළක් බිහි කිරීමෙහිලා පුරෝගාමී වූ චරිතයක් ලෙස සැලකෙන්නේ ජැක් මා ය. චීන වෙළෙඳපොළේ නිල නොවන මට්ටමින් ‘සන්නාම තානාපති’ ලෙස ද ජැක් මා සැලකෙයි. චීන වෙළෙඳපොළ ලෝකයට පමණක් නොව, නිවෙස්වලට රැගෙන ගියේ ජැක් මා කීවොත් නිවැරදිය. සුප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’ සඟරාවට අනුව, චීනයේ දෙවැනි ධනවතා ජැක් මා වන අතර ලෝකයේ ධනවතුන් අතරින් ජැක් මා සිටින්නේ 21 වැනි ස්ථානයේය. ලොව බලගතු පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 21 වැනියා ජැක් මා ය. තනිවම ව්‍යාපාරයක් ආරම්භ කරන ඕනෑම අයකුගේ පූර්වාදර්ශය ජැක් මා ය. චීනයේත්, අප්‍රිකාවේත්, ආසියාවේත් මැදපෙරදිග කලාපයේත් රටවල් බොහොමයක යටිතල පහසුකම් නංවාලමින්, දිළිඳු වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්, තනිවම නැගී සිටින ආධුනික ව්‍යාපාරිකයන්ට අතහිත දීම ‘අලිබාබා’ සමූහ ව්‍යාපාරය විසින් සිදු කරනු ලබයි. අද වන විට අලිබාබා සමූහයේ විධායක අධ්‍යක්ෂවරයා ඩැනියෙල් සෙන් වන අතර, ජැක් මා වගකීම් බොහොමයකින් ඉවත් වී නිදහස් ජීවිතයක් ගත කරයි. 


ජැක් මා අතුරුදන් යැයි පැවැසුණේ පසුගිය 4 වැනිදාය. 56 හැවිරිදි තිදරු පියකු ද වන ජැක් මා, මාස දෙකක් තිස්සේ අතුරුදන් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය. ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කළේ ජැක් මා චීනයේ බලපෑමට ලක් වී, නිහඬව සැඟවී සිටින බවය. ජැක් මා අවසන්වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, පසුගිය ඔක්තෝබරයේ ෂැංග්හායි නුවර පැවැති වෙළෙඳ සම්මන්ත්‍රණයකට එක් වූ අවස්ථාවේ දීය. 
ජැක් මා චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින අයකු වුවත්, එම සම්මන්ත්‍රණය ඇමතූ අවස්ථාවේ දී, ජැක් මා චීන රජය දැඩි ලෙස විවේචනය කළේය. එය චීන රජයේ අප්‍රසාදයට හේතුවක් වුණු අතර ජැක් මා චීන රජයේ උදහසට ලක් වීම රහසක් නොවෙයි. චීන රජයේ නියාමන ක්‍රමවේදයන් හේතුවෙන් නවෝත්පාදනයට මං අවහිර වී ඇතැයි එම සම්මන්ත්‍රණයේ දී ජැක් මා ප්‍රකාශ කළේය. හොංකොං වැසියන්ට චීනයෙන් එල්ල වන කෙනෙහිලිකම් සම්බන්ධයෙන් ද ජැක් මා ප්‍රසිද්ධියේ චීන රජයට විරෝධය දැක්වීය. වසර 99 ක් මහා බ්‍රිතාන්‍යය හොංකොං පාලන ප්‍රදේශය බද්දට ගෙන තිබුණු අතර, එම බද්දෙන් හොංකොං නිදහස් වෙද්දී යළි චීනයට පවරා දීමක් සිදුවිය. අද හොංකොං පාලන ප්‍රදේශය වෙනුවෙන් වෙනම පාලනයක් ඇති නමුත්, හොංකොං පාලනය කරන විශේෂ පාලක මණ්ඩලයේ සිටින්නේ චීන හිතවාදීන්ය. හොංකොං හි පාලිකාව චීන හිතවාදී කැරී ලෑම්ය. 


‘ජැක් මා ව්‍යාපාරිකයෙක්. දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහුට දේශපාලනය වැඩක් නැහැ. හොංකොං වැසියන්ට චීනයෙන් එල්ල වන බලපෑම සහ කෙනෙහිලිකම් ගැන ඔහු දන්නවා. එය ව්‍යාපාරවලට බාධාවක්. කකුලෙන් ඇදීමක්. ජැක් මා හොංකොං වෙනුවෙන් අදහස් දැක්වීමක් කළේ ඒ නිසයි. චීන රජයෙන් ඔහුට තර්ජන එල්ල වන්න ඇති. පැත්තකට වෙලා ඉන්න කියන්න ඇති. ඔහු නිහඬ වෙන්න ඇත්තේ ඒ නිසයි. ඔහුගේ ජීවිතයට අනතුරක් වුණා යැයි බොහෝ අය බිය පළ කරනවා. ඒත් ඒක එහෙම වෙන්න බැහැ. ඔහු නිහඬව සැඟවී සිටිනවා ඇති.’ යැයි හොංකොං මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්මින් පවසා ඇත. 

 

 

ලුසිත ජයමාන්න 
සී.එන්.එන්. ඇසුරිනි



අදහස් (0)

හදිසියේම අතුරුදන් වූ චීනයේ දෙවැනි ධනවතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site