IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සිංහරාජයේ කෘමීන් සහ ශාක රට ගෙනියන්න හැදූ විදේශිකයෝ

නිලධාරින් විදේශිකයින්ගේ ගමන් මලු පරික්ෂා කරමින්

 

අත්අඩංගුවට ගත් සමනලුන්ගෙන් කොටසක් 

 

අත්අඩංගුවට ගත් සතුන්

 

 

ලෝක උරුම සිංහරාජ වනාන්තරය පිළිබඳව දැන් දැන් අපට අහන්නට දකින්නට ලැබෙන්නේ සුබවාදී දේවල් නම් නොවේ. පසුගිය කාල වකවානුවේ සිංහරාජ  වනාන්තරය පිළිබඳ මාධ්‍යය ඇතුළු බොහෝ පිරිසකගේ උනන්දුව යොමු වී තිබුණේ එම වනාන්තරය හරහා ඉදිකරන මාර්ගයක් සම්බන්ධවය. එම සිද්ධියේ උණුසුම පහව යන්නට පෙර අප වෙත වාර්තා වූයේ සිංහරාජ වනාන්තරයේ මෙතෙක් ඉතිහාසයේ සිදුවූ විශාලතම ජාන සොරකම පිළිබඳය.


ඉකුත් 02 වනදා සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් සිංහරාජ වනාන්තරය තුළ වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් රැසක් කෘමි සතුන්, ශාක කොටස් ඇතුළු ඒක දේශීය ශාක හා සත්ව කොටස් සිංහරාජයේ කුඹව පිවිසුමින් පිටතට ගෙන යාමට උත්සාහ දැරූ ස්ලෝවැකියානු ජාතිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණ.
ඔවුන් සන්තකයේ තිබී හැකරැල්ලන් වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති අති දුර්ලභ සමනලුන් විශේෂ රැසක්, කුහුඹු වර්ග, කෘමි විශේෂ, පත්තෑයන්, කිරි ගෝනුස්සා ඇතුළු ගෝනුසු විශේෂ රැසක්, දුර්ලභ මකුළු විශේෂ, කුරුමිණි වර්ග, බත් කූරන්, සමනලුන්ගේ බීජ සහිත පත්‍ර, කෝෂ, බිත්තර, සතුන් ජීවත්වන කූඩු, ගස්වලින් ලබා ගත් කොටස්, කදුරු මෙන්ම ශාක වර්ගවල බීජ වර්ග, ඇතුළු සිංහරාජ වනාන්තරයෙන් එකතුකරගත් ජීව කොටස් රැසක් හමුවිය.


මෙම සතුන් හා ශාක කොටස් ලබා ගැනීමට භාවිත කළ නවීන අධිතාක්ෂණික උපකරණ රැසක්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට ඔවුන් සන්තකයේ තිබී හමුවී තිබේ. නයිට් විෂන් කැමරා, ඩ්‍රෝනා කැමරා, සතුන් ඇල්ලීමට යොදා ගන්නා, සියුම් උපකරණ අධි බලැති විදුලි පන්දම්, කියත්, කෙටේරි, නියන්, සතුන් හා ශාක ගෙන යාම සඳහා අවශ්‍ය පෙට්ටි මෙන්ම රාත්‍රි කාලයේදී සතුන් වෙත ඔවුන්ට නොදකින ලෙස ළඟා වීමට සැකසූ ඇඳුම් මෙම වැටලීමේදී අත්අඩංගුවට ගනු ලැබීය.


මෙම වැටලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කලවාන අඩවි වන නිලධාරි ආර්.එම්.එල්. රත්නවීර මහතා මෙසේ පැවසීය.


පසුගිය මස 15 වනදා මෙම විදේශිකයන් පස්දෙනා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේදී අපට තහවුරු වුණා. ඔවුන් සිංහරාජය ප්‍රදේශයට පැමිණ ඇත්තේ පසුගිය 28 වනදායි. මොවුන් සිංහරාජය ආශ්‍රිතව හෝටලයක නවාතැන් ගෙන මෙම කටයුතුවල යෙදිලා තියෙනවා. මෙම විදේශිකයන් රාත්‍රි කාලයේදි කැළයට ඇතුළු වෙලා විවිධ කෘමීන්, සමනලයින්, සලබයන්, ශාඛ කොටස්, විවිධ බීජ වර්ග, වගේ ඒකදේශීය ශාක හා සතුන් එකතු කරලා. මේගොල්ලන් රාත්‍රි කාලයේදී කැලයට ඇතුළු වුණු බවට පැහැදිලි සාක්ෂි අපට ලැබිලා තියෙනවා. මොවුන් සතුව විදුලි පන්දම්, නයිට් විෂන් කැමරා, ඩ්‍රෝන කැමරා (අධිතාක්ෂණික) වැනි උපකරණ අපි අත්අඩංගුවට ගත්තා.


මොවුන් වනාන්තරයට ඇතුළු වී සැලැස්මක් අනුව මෙම ක්‍රියාව සිදු කර තිබෙනවා. පසුගිය 02 වනදා මොවුන් සිංහරාජ වනාන්තරයට දෙවැනි වර පැමිණ ආපසු එන විට උදෑසන 10.00 ට පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. 


අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මොවුන් සන්තකයේ තිබී. ඒ වන විටත් විශාල සතුන් හා ශාක කොටස් රැසක් හම්බ වුණා. මොවුන් සියලුම සතුන් හා ශාක කොටස් තිරකරලා කාලයක් ජීවය සහිතව තබාගත හැකි අාකාරයට තිබුණේ. ඒ සඳහා විශේෂ රසායනික ද්‍රව්‍ය යොදා ගෙන තිබුණා. ඔවුන් සතුව තිබූ සතුන් අතර ජීවය සහිත සතුන්ද ඇතුළත් වෙනවා. ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය පරිසරය එම පෙට්ටි තුළම සකසා තිර කර තිබුණා.


මොවුන් සතුව සතුන් අල්ලා ගැනීමට තාක්ෂණික මෙවලම් හා ශාක කොටස් ලබා ගැනීමට පිහි, නියන් ඇතුළු විවිධ තාක්ෂණික මෙවලම් වගේම කෙටේරි පවා තිබුණා. 
මෙම වනාන්තරය රක්ෂිත වනාන්තරයක්. වන සංරක්ෂණ පනත යටතේ මොවුන් වනාන්තරයට ඇතුළු වීමේ සිට සිදුකර ඇත්තේ වරදක්. වන සත්ව වෘක්ෂ පනත යටතේ මේ සියලුම සතුන් සියයට අනූනමයක්ම රක්ෂිත සතුන් හැටියට නම් කරලා තියෙනවා. මාගේ දැනුමේ හැටියට ලංකාව තුළ අත්අඩංගුවට ගත් විශාලතම ශාක හා සතුන්  ප්‍රමාණය මෙයයි. 


මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පුද්ගලික තොරතුරු සපයන්නන්ගෙන් හා විවිධ පුද්ගලයින් තොරතුරු අපට ලැබුණා. පසුගිය දින කිහිපයේම රාත්‍රි කාලයේ දී අප සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව රැඳී සිටියා මොවුන් විවිධ ස්ථානවලින් සතුන් හා ශාක කොටස් එකතු කර තිබුණා.  අපට එම අවස්ථා වලදී මොවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණත් වනාන්තරයෙන් පිටතට රැගෙන ඒමේදී පරීක්ෂාවට ලක් කරලා අත්අඩංගුවට ගැනීම සිදු කළා යැයි අඩවි වන නිලධාරි ආර්.එම්.එල්. රත්නවීර මහතා පැවසීය.
මෙම වැටලීමට සහාය වූ දිර්ඝ කාලයක් සිංහරාජයේ මාර්ග උපදේශකයකු වන සුනිල් හඳුවල මහතා.


සිංහරාජ වනාන්තරයේ සිදුවුණු ප්‍රථම ජාන හොරකම මෙය නොවෙයි. මෙයට කලිනුත් කීප වතාවක් විවිධ රටවලින් පැමිණි විදේශ ජාතිකයන් මෙම ක්‍රියාවේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළා. මට මතක හැටියට මුලින්ම සිංහරාජ වනාන්තරයේ සමනල්ලු වර්ග එකතු කරලා  අහුවුණේ ජර්මන් ජාතිකයෙක්. අපි ඔහුට නඩු පවරලා ඒ කාලයේ හැටියට රුපියල් 60,000ක දඩ මුදලක් ඔහුට ගෙවන්න සිදුවණා. ඒ ජර්මන් ජාතිකයා ඒ සමනල්ලු අරන් යන්න හදලා තියෙන්නේ එම රටේ තියෙන කොතුකාගාරයකට. ඊට පසුව ඒ වෙනකොටත් ඔහු වරින් වර ලංකාවට ඇවිල්ලා සමනල්ලු වර්ග රැගෙන ගොස් තිබූ බව අධිකරණයේදි හෙළි වුණා.


ඊට පස්සෙ ජපන් ජාතියෙකු අල්ලාගත්තා. මීමන ශාකත් එක්ක. එයත් අධිකරණයට ඉදිරිපත් කරලා දඩයකට යටත් කර ගත්තා. ඒ වගේ පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙවර තමයි විශාලතම සත්තු හා ශාක කොටස් ප්‍රමාණය හසු වුණේ. පසුගිය 02 වනදා කළ වැටලීමේදි හමුවුණු බොහෝ ශාක සිංහරාජයට ආවේණික ඒකදේශික ශාක ඒ වගේම අත්අඩංගුවට ගත් සතුන්, කෘමීන් සමනලුන් අධි ආරක්ෂිත සංරක්ෂණ සතුන්, විදේශිකයකුට තියා ශ්‍රී ලාංකිකයකුටවත් වනාන්තරයෙන් පිටතට කොළයක් වත් රැගෙන ඒමට අවසර නැහැ. සුනිල් හඳුවල මහතා කීය. කෙසේ වෙතත් සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය හා කලවාන අඩවි වන කාර්යාලය මෙවැනි ජාන ජාවාරම් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් සිටින බවත් එවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පැවසීය. එහෙත් නිලධාරීන්ටද හසු නොවී වනාන්තරයෙන් මෙවැනි ජාන සොරකම් සිදු වුවහොත් එය ලංකාවෙන් පිටතට රැගෙන යාම වැළැක්වීමට බලධාරින් පියවරගත යුතු බව අපගේ මතයයි.

 

 


කතාව සහ ඡායාරූප -
උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

සිංහරාජයේ කෘමීන් සහ ශාක රට ගෙනියන්න හැදූ විදේශිකයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30943 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13074 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10934 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 861 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 255 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site