IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ලොග්ගල්ලා ඔයට පාලමක් හදා දුන්නොත් පිනක්

 

සංවර්ධනය වෙනුවෙන් කොතෙක් මුදල් වැය කරන බව කීවද යන්නට එන්නට පාරක් තොටක් නැති ගම්බිම් රැසක් තවමත් වියලුව ආසනය පුරාම දක්නට ඇත.


මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කණුගොල්ල, ගොඩයාගම, උඩවෙල, පල්ලේවෙල ආදී ගම්මානවල පවුල් සිය ගණනක්ද ලොග්ගල්ලා ඔයෙන් එගොඩ මෙගොඩ වීමට පාලමක් නැති කමින් විවිධ දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.


කලකට පෙර මෙම ස්ථානයේ අත්වැල් පාලමක් ඉදිකර තිබුණ ද වසර දහයකට පමණ පෙර පැමිණි මහා ගංවතුරකින් පාලම ගසාගෙන ගිය බව ගමේ වැඩිහිටියෙකු වූ ඩී.එම්. පොඩි අප්පුහාමි මහතා පැවැසීය.


ඔහු මෙසේද කීය.


“මහත්තයෝ පවුල් සිය ගානක මිනිස්සු උදේ හවස මේ තොටුපළින් එගොඩ මෙගොඩ වෙනව. ඒත් පාලම කැඩුණට පස්සේ මේ මිනිස්සු පුදුම දුකක් විඳගෙන තමා ඔයෙන් එහා මෙහා යන්නේ.


ඩී. එම්. කරුණාවතී : “අපේ ගෙවල් තියෙන්නේ මෙහා පැත්තේ. කුඹුරු තියෙන්නේ එහා පැත්තේ. ඒ නිසා දවසකට දෙතුන් සැරයක් අපි මෙතනින් එගොඩ මෙගොඩ වෙන්න ඕනැ. ඒ වගේම අපේ ගම්වල දරුවො පාසල්යාම සඳහාත් මේ ඔය හරහා යන්න ඕනැ.


 අසංග රත්නසිරි :         “මෙතනින් ඉස්සර ඉඳලම මිනිස්සු එහා මෙහා ගියා. කීප දෙනෙකුම මෙතන ගිලිල මිය ගිය නිසා තමා මෙතන අත්වැල් පාලමක් හැදුවේ. ඒත් පාලම හදල ටික කාලයක් යද්දි මහ ගං වතුරක් ඇවිත් ඒක කඩාගෙන ගියා.


  පාලම යළි හදල දෙන්න කියල කියන්න ඕනෑ හැමෝටම කීවත් යළි පාලම හැදුවේ නැහැ.


ඩී. එම්. කිරිබණ්ඩා :  මේ පාලම ඇරුණම ඔය හරහා එගොඩ වෙන්න ළඟපාත වෙන පාලමක් ඇත්තේ නෑ. ඒ නිසා අමාරුවෙන් හරි මෙතනින් එහා මෙහා ගිහින් තමා වැඩ ටික කර ගන්නේ. හැබැයි වැහි කාලෙට මේ පාලමෙන් යන්න බැහැ. එතකොට කරන්නේ ඔය දෙපැත්තේ තියෙන ගස් දෙකකට උණ ගහක් බැඳල ඒක දිගේ ගිහින් එහා ගොඩට යන එකයි.


ඩී. එම්. පුංචිබණ්ඩා :
මෙතන ලොකු අනතුරක් තියෙනව. කලිනුත් තුන් දෙනෙක් මෙතන ගිලිල මැරුණා. ඒ නිසා පරණ පාලමේ ඉතිරිවෙලා තියෙන කොටස් ටිකත් එකතු කරගෙන ආයෙත් පාලම හදල දෙන්න කියල අපි රජයෙන් වගේම ඌව පළාත් මහ ඇමැතිතුමන්ගෙනුත් ඉල්ලා හිටිනව.



අදහස් (0)

ලොග්ගල්ලා ඔයට පාලමක් හදා දුන්නොත් පිනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site