යහපාලන ආණ්ඩුවේ තුවාල හා භගන්ධරවලට කපුටන් කොටා ඉහඳ දමා දුගඳ හමන නිසා, නිමල්කාගේ “ජන්දය දුන් 62 ක් ලක්ෂයකගේ” මොකක්දෝ එකක් වෙනුවෙන් අගනුවර සත්‍යග්‍රහය පැවැත්වුණේ (2017.08.14) “කොටියා’’ (Tiger) ලෙස විරුදාවලිලත් යැංකි පොප් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ උපන් දිනයට පෙර දිනයේය.
දිනපතා ප්‍රමාද වන “ජනවාරි 08 ජයග්‍රහණයේ” යුක්තිය හා පොරොන්දු ගැන කුපිතව පැවති මේ ජන ඝෝෂාවේදී කතා කරමින් මනෝ ගනේෂන්ද “උදා කර ගත් මැතිවරණ ජයග්‍රහණය ලබන්නට දෙමළ ජනතාවද විශාල වශයෙන් සහයෝගය හා සහභාගිත්වය දුන්” බවද කීවේය.
මීට වසර 50කට පෙරදීත්, දෙමළ ජනතාව මෙවැනිම කුපිත වූ වටාපිටාවකින් සංවිධානය වෙමින් කොළඹ පාලනයෙන් ඉල්ලා සිටියේද මෙවැනිම සාධාරණත්වයකි. අද තරම් එදා නවීන - සුක්ෂම - හීතල පල් හොරු නොසිටියද පෝක් සමුද්‍ර සන්ධි හරහා විශේෂඥ වූ දෙමළ අණ්ඩපාලයෝ වූහ.
පසුකාලයකදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ හිත්ගත් කුට්ටමනී ඒ අතරින් ප්‍රධානය.
ප්‍රවීණ දේශපාලනඥයකු වීමට ප්‍රථම චෞර ක්‍රියාවල කෙළ පැමිණි විශේෂඥ සොර දෙටුවකු වීමට ප්රජත්රාන්ත්රික දේශපාලනයේ අත්‍යාවශ්‍ය සුදුසුකමක් බව දකුණේ පමණක් නොව උතුරේ දේශපාලන රංගපීඨය තුළ ද සනාථ වී ඇත.
ජ.වි.පෙ. ද මිල කළ නොහැකි ලංකා පුත්‍රයන් අමු-අමුවේ මරා දැමූවද, මිනීමරු ප්රභාකරන් නාසි පාලකයකු සේ ලේ, පිපාසිත රකුසෙකු සේ, ලංකා ධරණී තලය පාප ධර්මයෙන් සලිත කළේ ද මේ ඒකපාක්ෂික දෘෂ්ටිකෝණයේ වරදිනි.
බුදුරජාණන්වහන්සේගේ යුගයේදී නිගණ්ටනාථපුත්රගේ ගෝළයෙකු වූ උපාලි පැමිණ උන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියවිට, එතුමා “ඉන්ස්ටන්ට්” පැවිද්ද වූ “ඒකභික්ෂුභාවය” තිබියදීත්, “ඒහි ඵස්සික” යැයි කීහ.
උපාලි ද “ඇවිත් බැලූවේය”!
නමුත් දකුණේද, උතුරේද දේශපාලනය කර, දියවන්නාවේ ‘පිස්සු බංගලාව’ තරණය කර මහා සිටුවරුවීමේ චේතනාව ඇති කිසිවකු ‘ඇවිත් බලා’ නැත.!
එබැවින් දකුණට ‘විජේවීර’ වීරයෙකි! උතුරට ‘ප්රභාකරන්’ වීරයෙකි!! තමිල්නාඩුවට ලංකාවේ-බෝම්බ ඔස්තාද් ‘කුට්ටිමනි’ වීරයෙකි.!!!
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පෙළන දුක්-පීඩා ගැන කම්පා වීමටත්, ඊට එරෙහි අවි ආයුධ මුවහත් කිරීමටත්, ජාතිවාදී කම්හලේ ඇති තරම් ගින්දර ඇවිළෙයි. කුට්ටිමනී එළිපිට මං පහරන්නෙකු, මිනීමරුවෙකු වුවද, ඔහු තමිල්නාඩුවට - නිදහස් සටනේ අභීත අමිල සෙන්පතියෙකි.
අන්ත-අසරණ දුප්පත් දිස්ත්‍රික්කයක් වූ මඩකලපුවේ, ජනතා මාසික ආදායම අද රු. 6270 වුවද, මිනිසෙකු ණයට ගන්නා මුදලේ පොලිය 28% වුවද, එයින් පෙළෙන අහිංසක ජනතාවගේ දරිද්‍රතාව යහපාලනයේ සිංහල ආණ්ඩුවට පෙනෙනවා දැයි ද්‍රවිඩ ජනතාවට නොපෙනේ.
ඒ වෙනුවට පෙනෙන්නේ, හරි-හම්බ කරගැනීමට දියවන්නාවට රිංගා, ලොකුකම් ලබාගෙන, ඉන්නට ගෙයක් ගන්නට රුපියල් මිලියන 165ක් ගෙවන දේශපාළුවන්ගේ පැටිකිරියය. මෙම ශෝචනීය ප්රවණතා, උතුරේ දේශපාලනය සමඟ එහි චණ්ඩි මඩකලපුවටත්, මඩකලපුව සිට ත්‍රිකුණාමලයටත් ගමන් කරන්නට මරුවා අත වනයි.
උතුරේ දේශපාලන අම්බරයේ අද සිටින බහුතරයක් දේශපාලනඥයන්, දෙමළ ඩයස්පෝරාවේ රක්ෂණයෙන් චිත්ත ශක්තිය මොළවා ගත්, කල්ලතෝනි අත්දැකීම් මගින් පෙළපොත් කියවූ, කුට්ටිමනිවාදී දහරාවක ත්‍රාඩ පෝතකයන්ය.
ඔවුන් ජාත්‍යන්තර මුහුදු තීරයේ බෝම්බ ප්‍රවාහනයට සම්බන්ධ වූයේ, මීට වසර 45ට පෙර 1973 දීය.
ආදිවාසී වැද්දන් මී-පැණිවලට ආයුධ හුවමාරු කළා සේ, ලාංකිකයකු වූ කුට්ටිමනී ලංකා රිදීවලට, තන්ජාවූර් හිදී බෝම්බ තොග පිටින් ලබා ගත්තේය.
1973.11.18 දින, මදුරාසියේ අපරාධ පරීක්ෂක ප්‍රධානී විසින් කොළඹට මෙසේ දන්වනු ලැබ තිබිණි.
කුට්ටිමනීව ඉන්දීය පුපුරන ද්‍රව්‍ය පනත හා ආගමන-විගමන පනත යටතේ අත්අඩංගුවට පත්විය. අනෙක් දෙදෙනා SI ඊස්වරලිංගම් නොහොත් කුට්ටිමන් හා S. චන්ද්‍රලිංගම් නොහොත් චන්ද්රිය.
මේ පිළිබඳව තවදුරටත් කරුණු ගවේෂණය කිරීමට හා විභාග කිරීම සඳහා එවකට රජයේ පොලිස් ප්‍රධානියා වූ ටිරල් ගුණතිලකටද ඉන්දියාවට එන්නට ඉඩ සලසා තිබිණි.
එපමණක් නොව සහකාර පොලිස් අධිකාරී P.V.W. ද සිල්වා හා (පසුකලෙක කොටි අතින්ම ඝාතනය වී වන්නි කැලෑවක කුණු වූ පොලිස් පරීක්ෂක T. බැස්ටියන් පිල්ලේ ද, මාංචු පිටින් කොළඹට ගෙනෙනු ලැබූ කුට්ටිමනී සමඟ වූහ.)
ඉමහත් වෙහෙස ගෙන, ජාතික ධනය, පොලිස් වාහන, පොලිස් මෙහෙයුම්වලට යටකර වියදම් කර මේ සියලු ‘හපන්කම්’ කළත්, “හදිසි නීතිය” යටතේ බැඳ තැබූ මේ අපරාධකරුවෝ 1977 මැතිවරණයේදී (හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟම) නිදහස් වූහ.!
නැවත-නැවත සිර ගෙදරටම එන උපන් නැකතකින් බිහි වී සිටි නිසාදෝ, කුට්ටිමනී යළිත් වතාවක් පොලිස් නිලධාරියකුගේ ඝාතනයක් හා බැංකු මංකොල්ලයක් සම්බන්ධව ජීවිත කාලයටම සිරගෙට නියම වුවත්, ඔහුගේ ලිපි ලේඛන ඇතුළු වාර්තා සියල්ල ඒ වනවිට අතුරුදන්ව තිබිණි.
අපරාධකරුවන් ජාතික වීරයන් බවට පත් කිරීමේ නොනිල යාන්ත්‍රණය වසන් කරන්නට එකල ඉන්දීය පොලිස්පති වූ මෝහන්දාස් මහතා ‘අපට වෙනත් දේශපාලනයක් ඉව වැටෙන්නේ නෑ. අප කරන්නේ අපගේ රාජකාරිය යි.” - ප්‍රකාශ කර තිබුණත්, ලංකාවෙන් ඉන්දියාවට ගිය එවකට ලංකා-පොලිස්පති වූ (වැල නොකැඩී දුම් පානය කරන) රුද්‍රා රාජසිංහම්, (තවත් ද්‍රවිඩයකු වුවත්) මෙසේ කීය.
“අපේ හාදයෝ අපට ඕනේ! - අත් අඩංගුවට ගන්නවා. ආයෙත් පැනල මූද පීනල ඉන්දියාවට යනවා. මේ සූදුව හරියන්නේ නෑ. මම ආවෙත් කෙළින්ම අපේ අතටම මේ හාදයො ටික අරගෙන යන්න යි” රුද්‍රා රාජසිංහ කීය. (ඒ වනවිටත්, ප්රභාකරන් මනුෂ්‍ය ඝාතන 18කට උවමනා වී, රුපියල් ලක්ෂ 10ක බැංකු මංකොල්ලයකටද පොලිසියට උවමනා වී සිටි අතර, මුකුන්දන් නොහොත් උමා මහේෂ්වරන් ලක්ෂ 270ක මහා මංකොල්ලයකට පොලිසියට උවමනා ව තිබිණි.)
වැලිකඩ සිරකරුවන්ගේ ඛේදවාචකයට කලින් දවසේ අගනුවර ගිනි තැබීම් හා මංකොල්ලකෑම් මහා පරිමාණයෙන් සිදු විය.
“මට ඊයේ මොහොතක්වත් නින්ද ගියේ නෑ.” ඊට පසු දින ජේ.ආර්. ජයවර්ධන අමිර්තලිංගම්ට කීය.
“ජනවාර්ගික සටන් පවතින විට එංගලන්තය අයිරිෂ් වැසියන්ට කිසිම හානියක් කළේ නෑ.” අමිර්තලිංගම් අමනාපයෙන් පැවසුවේය.
“යුද්ධ හමුදාව නීති පිළිපදින්නට කම්මැළියි වාගේ ....” ඊට ප්‍රතිපිළිතුරු දෙමින් ෙජ්.ආර්. ද නොක්කාඩුවෙන් පවසා තිබුණි.
ජූලි මස 25 වනදා පෙරවරුවේ පටන් සූදානම් වී (ලලිත් ඇතුලත්මුදලි හා තොණ්ඩමාන්ගේ බලවත් ඇවිටිලි කිරීම් නිසා) සවස 4ට ඇඳිරිනීතිය ක්‍රියාත්මක විය.
නමුත් ඒ වනවිට ජෝගි හමාරය. වැලිකඩ සිරගෙදර සිරකරුවන් 52ක් ඝාතනය වී, 17 දෙනෙකුට පොරොවෙන් කොටා මරා තිබිණි.
“තංගදුරෙයිට මොකවත් වෙලා නැහැ නේද?” ලැබුණු අල්ල පනල්ලක ජේ.ආර්. ලහි ලහියේ ඇසීය.
TELO සංවිධානයේ දෙවනියාව සිටි තංගදුරෙයි ඒ වන විට කුට්ටිමනිට වඩා ඉක්මනින් JR විසින් හීලෑ කර ගනු ලැබ තිබිණි. ද්‍රවිඩ සටන්කරුවන්ට කරුණු කීයාදී - සාමාකාමී වීමට හා සටන නතර කරන්නට ඔහුව යොදාගන්නට JRගේ සැලැසුම විය. ඊට තංගදුරෙයිද යාප්පුවෙන් තෙපුල් දුන්නේය.
ඒ අතර අමිර්තලිංගම්, කුට්ටිමනීව දැලේ දා ගත් අතර, ඔහුව TULF පාර්ලිමේන්තු වරප්‍රසාද හරහා මැතිසබයට ගෙන ඒමට කුමන්ත්‍රණය කර තිබිණි.
නමුත්, නීතිය හා සාමය’ වල් වැදී, බුර-බුරා නගින ගිනි මැළයක් වෙමින් තිබිණි. “සිරකරුවන් - සිරකරුවන් අතින්ම ඝාතනය වුණු බව” ආණ්ඩුවේ තරඟ ප්‍රතිඵලය වුවද TULF එය පිළිගත්තේ නැත!
තංගදුරෙයි හා (JR වෙනුවෙන්) රහසිගත කුමන්ත්‍රණය මෙහෙය වූ තැනැත්තා පසු කලෙක පුවත්පත් කොමිසමේ සභාපති විය.
කුමන්ත්‍රණය සාර්ථක විණි නම්, කුට්ටිමනි මැතිසබයට ඒමට නියමිතව තිබිණි. නමුත්, ඒ වෙනුවට (ඔහුගේ අභාවය මත) අවස්ථාව උදා කර ගත්තේ පිළිගත් බුද්ධිමතකු හා කීර්තිමත් නීතිඥයෙකු වූ නීලන් තිරුචෙල්වම්ය.
රවී ප්‍රසාද් හේරත් විසිනි
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
රිදී මිලට බෝම්බ 20,000 ක් සාගර දියවැලට යටින් ගෙනා ජේ.ආර්.ගේ ගජයා කුට්ටිමනී