IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩුබායි පාලක ෂෙයික්ගේ 6 වැනි බිරියට කෝටි ගාණක දික්කසාද වන්දියක්

 

ඩුබායි පාලක, ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් සහ ඔහුගේ බිරිඳ හයා බින්ට් අල් හුසේන් කුමරියගේ දික්කසාදය පෞද්ගලික කරුණක් වුවත්, එය ලෝක අවධානයට ලක්විය. 

 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයේ විශාලතම වන්දියක් තීන්දු වූ නඩු කටයුත්ත එය බවය. බ්‍රිතාන්‍ය අධිකරණය, පසුගිය 22 වැනිදා නියෝග කළේ ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් වන්දි ලෙස හයා බින්ට් අල් හුසේන් කුමරියට පවුම් මිලියන 550 ක් ලබා දීම කළ යුතු බවය. පුවත් මැවීමට හේතුවක් වූයේ එම නඩු තීන්දුවය. 


ඩුබායි පාලක 72 හැවිරිදි ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් ට බිරියන් 6 දෙනකු සිටින අතර, ඒ අතරින් ළාබාලතම බිරිඳ 47 හැවිරිදි හයා බින්ට් අල් හුසේන් කුමරියයි. ඇය 2019 වසරේ සිට ලන්ඩන් නුවර රැඳී සිටින්නේ දරු දෙදෙනා සමඟ ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් කුමරුට බියෙන් යැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා පෙන්වා දෙයි. 


හයා බින්ට් අල් හුසේන් කුමරිය, ජෝර්දානයේ හිටපු හුසේන් රජුගේ සහ අලීයා රැජිනගේ දියණියයි. ඇය වර්තමානයේ ජෝර්දානයේ අබ්දුල්ලා රජුගේ අඩ සොහොයුරියයි. ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම්ගේ විවාහය සිදුවූයේ 2004 වසරේදීය. එය අවසන් වූයේ 2019 දීය. 


තමන්ට සැමියා ගැන බියක් ඇති බවත්, තවදුරටත් බියෙන් සිටීමට නොහැකි බවත් පවසමින්, කුමරිය දරු දෙදෙනා වන ජලයිලා සහ සයාද් ද සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පලා ආවාය. ඇය සහ දරු දෙදෙනා නතර වූයේ ලන්ඩන් නුවරය. 


ජෝර්දානයේ උපත ලැබූවත්, කුමරියට ලන්ඩනය ඇගේ දෙවැනි නිවස වෙයි. කුමරිය දරු දෙදෙනා ද සමඟ ලන්ඩනයට පලා ආවේ සැමියා ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම්ගේ තාඩන පීඩන ඉවසා සිටිය නොහැකි වූ බැවින් යැයි ඕපාදූප පුවත් වෙබ් අඩවිය පළ කළේය. කුමරියගේ අනියම් සබඳතා ගැන ද කසුකුසු නිර්මාණය විය. 

 


දරු දෙදෙනා සමඟ කුමරිය ලන්ඩනයට පැමිණීමෙන් පසු 2019 මැයි 14 වැනිදා දරු දෙදෙනා ආපසු එමිරේට්ස් රාජ්‍යයට බාර දෙන මෙන් ඉල්ලා මක්ටෝම් කුමරු එංගලන්ත මහාධිකරණයේ සහාය පැතුවේය. එම අවස්ථාවේ කුමරිය, කුමරුන්ට එරෙහිව ලන්ඩන් අධිකරණයක දික්කසාද නඩුවක් ගොනු කළාය. දික්කසාදය නිරවුල් කිරීම සඳහා ඩුබායි පාලකයා, හයා කුමරිය හා දරුවන් දෙදෙනාට පවුම් මිලියන 550 ක පමණ මුදලක් ගෙවිය යුතු බවට ලන්ඩන් අධිකරණය නියෝග කළේ ඒ අනුවය. 


එම මුදලින් වැඩි ප්‍රමාණයක් යෙදවෙනු ඇත්තේ, ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම්ගෙන් අනාගතයේ එල්ල වීමට නියමිත තර්ජන හමුවේ කුමරිය සහ දරු දෙදෙනාට ආරක්ෂිතව ජීවත් වීමට බවත් නඩු තීන්දුව ලබා දුන් විනිසුරු ෆිලිප් මෝර් පැහැදිලි කළේය. 


හයා කුමරිය උපත ලැබුවේ 1974 මැයි 3 වැනිදාය. ඇය ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිනියකි. කුඩා කල සිට අසු පැදීමේ ක්‍රීඩාවට හපනියකි. 2000 වසරේ ජෝර්දානය නියෝජනය කරමින් අසුපිට යෑමේ ක්‍රීඩාව සඳහා ඕස්ට්‍රේලියාවේ පැවැති ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ ද ඇයයි. ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනයේ සභාපතිවරිය ලෙස ද කුමරිය කටයුතු කර තිබේ. දරු දෙදෙනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක් හෙයින්, එය පෞද්ගලිකව පැවැත්වුණු නමුත්, ඊට සැලකිය යුතු අන්දමින් මාධ්‍ය අවධානය යොමු විය. 


බීබීසී ඇසුරිනි 

 

ලු‍සිත ජයමාන්න  



අදහස් (0)

ඩුබායි පාලක ෂෙයික්ගේ 6 වැනි බිරියට කෝටි ගාණක දික්කසාද වන්දියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site