IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගර්භාෂ බිත්තියේ සුවිශේෂී සැත්කමක්

 

 

වසර කිහිපයකට ඉහතදී විවාහක කාන්තාවන්ගේ ගර්භාෂය බිත්තියෙන් පිටත හටගෙන තිබූ සති විසිහයක දරුගැබකට සමාන කිලෝග්‍රෑමයකට අධික බරින් යුතු විශාල ගෙඩියක් උදරය කැපුමකින් විවර නොකරමින් කුඩා සිදුරු පහක් විද ඉවතට ගැනීමේ විස්මිත ශල්‍යකර්මයක් (ලැපරස්කොපික් මයෝමෙක්ටමී) රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අජිත් කුමාර දිසානායක මහතා විසින් සිදු කෙරිණි.   


අධි තාක්ෂණය උපයෝගීකර ගනිමින් 3D තාක්ෂණය ඔස්සේ උදරය අභ්‍යන්තරය නිරීක්ෂණය කරමින් මහාචාර්ය ඒකකයේ ශල්‍යාගාරයක් තුළදී මෙම විස්මිත සැත්කම සිදුකර තිබුණු අතර මීට පෙර මෙවැනි සැත්කම් 33ක ප්‍රමාණයක් විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකර තිබුණත් එදින ඉවත්කරනු ලැබූ ගෙඩිය (ෆ්‍රයිබොයිඩ්) රෝගී කාන්තා උදරයකින් හමුවූ වැඩිම බරෙන් යුතු ගෙඩියකි. එහි බර ග්‍රෑම් 1100 කට අධික වන අතර එය සති 26ක දරු ගැබකට සමාන එකකි.   


වසර දහයක පමණ දීර්ඝ පුහුණුවක් ලැබීමෙන් අනතුරුව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් කුමාර දිසානායක මහතා මීට පෙර ලැපරස්කොපි තාක්ෂණය යොදා ගනිමින් ගර්භාෂ ඉවත් කිරීම් ගර්භාෂ ගෙඩි ඉවත්කිරීම් 33ක් හා පැලෝපීය නාල පරීක්ෂා කිරීම් 200 කට අධික ප්‍රමාණයක් සිදුකර තිබුණි. පසුගිය කාලය වන විට පැය දෙකකට ආසන්න කාලයකදී එක් සැත්කමක් සිදුකර අවසන් කිරීමට ඒ මහතා දක්ෂතාව දක්වා තිබුණත් අති විශාල ගෙඩිය උදරයෙන් පිටතට ගැනීමට ඒ මහතාට පැය හතරක පමණ කාලයක් ගත වී තිබුණි.   


ශල්‍යකර්මයට භාජනය වූ 42 හැවිරිදි විවාහක කාන්තාව ඇගේ උදරයේ විශාල ගෙඩියක් තිබෙන බවට අනුමාන කර ගැනීමෙන් පසුව විශේෂඥ වෛද්‍යවරයා හමුවට පැමිණ තිබෙන අතර සිදුකළ මූලික පරීක්ෂණවලදී ගර්භාෂයෙන් පිටත විශාල ගෙඩියක් හටගෙන තිබෙන බව තහවුරු කරගෙන තිබේ. අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ පිහිටි රජරට විශ්වවිද්‍යාල මහාචාර්ය ඒකකයේ පිහිටි අති නවීන ශල්‍යාගාරයකදී ශල්‍යකර්මය සිදුකර තිබේ. කාන්තාවගේ උදරයේ මිලි මීටර් පහ බැගින් වූ කුඩා සිදුරු හතරක් හා මිලිමීටර් 12ක කුඩා කැපුමක් මගින් ගස්ලබු ගෙඩියකට සමාන සති 26ක් පමණ වන දරු ගැබක් වැනි ගෙඩිය ඉවතට ගෙන තිබේ.   


අධි තාක්ෂණික තියුණු කැපුම් උපකරණයක් වන මොසිලේටරය නමැති උපකරණය උදරය තුළට ඇතුළු කිරීමෙන් පසුව ඉතා ආරක්ෂාකාරීව උදරය අභ්‍යන්තරයේ පිහිටි ගර්භාෂය හෝ වෙනත් අවයවයන්ට කිසිදු හානියක් සිදුනොවන අයුරින් ගෙඩිය කොටස්කර පිටතට ගැනීම සිදුකර තිබුණි. වෛද්‍යවරයා විසින් කුඩා කැමරාවෙන් ලැබෙන උදර අභ්‍යන්තර රූප රාමු රූපවාහීනි තිරය මගින් නරඹමින් ශල්‍යකර්මය සිදුකිරීම විශේෂත්වයකි.   


උදරය අභ්‍යන්තරයේ තිබූ විශාලතම ගෙඩියක් ඉවත් කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් කුමාර දිසානායක මහතා මෙසේ පැවැසීය. රෝගියාට සිදුකළ ශල්‍යකර්මය තමයි මා විසින් සිදුකළ විශාලතම ශල්‍යකර්මය. පැය හතරක පමණ කාලයක් ගතවුණා එම කටයුත්ත අවසන් කරන්න. ඇයගේ ගර්භාෂ බිත්තියට පිටතින් ඇලී තිබුණු ගෙඩිය සති 26ක දරු ගැබකට සමානයි. මේ නිසා ඇගේ උදරය ඉතා විශාල තත්ත්වයක තිබුණේ.   


මුලින්ම රෝගියාට ඇගේ තත්ත්වය හා අවදානම පිළිබඳව අවබෝධ කරලා ශල්‍යකර්මය ආරම්භ කළා. අභ්‍යන්තර රුධිර වහනය අවම කරන වැසෝප්‍රසීන් (Vasopresin) හෝමෝනය ලබාදුන්නා. නැත්නම් රුධිරය මිලිලීටර් 500-1000 අතර ප්‍රමාණයක් වහනය වීමේ අවදානමක් ඇති වෙනවා. නමුත් රුධිරය මිලිලීටර් 300ක් පමණ තමයි වහනය වුණේ. ඒ වගේම ශල්‍යකර්මයෙන් දිනක් ගතවෙද්දී ඇයට සාමාන්‍ය පරිදි ඇඳෙන් බහින්න පුළුවන් වුණා.   


විශාල කැපුමක් යොදලා මේ ශල්‍යකර්මය සිදුකළානම් ඇයට දින 90ක් පමණ විවේකීව ඉන්න සිද්ධවෙනවා. ඒ වගේම කාන්තාවක වන ඇයගේ උදරයේ විශාල කැලලක් ඉතිරිවනවා යනුවෙන්ද ඒ මහතා පැවැසුවේය.   


ශල්‍යකර්මයට භාජනය වූ 42 හැවිරිදි විවාහක කාන්තාව වෛද්‍යවරයා විසින් සිදුකළ විස්මිත සැත්කම සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය.   


මට හිතාගන්නත් බෑ එතුමා මේ තරම් විශාල ගෙඩියක් කුඩා කැපුම් සිදුරු තුළින් පිටතට ගත් ආකාරය පිළිබඳව. එතුමා ඉතාම දක්ෂයි. අභියෝගයන් බාරගෙන කටයුතු කිරීමේ හැකියාවක් තියනවා කියලා මට හැඟුණා. මාව ශල්‍යගාරයට ගත්ත වෙලාවේ ඉඳන් මගේ හිතේ තිබුණු බිය සැක නැති කරලා ඉතා සුහදශීලීව මගේ රෝගයට ප්‍රතිකාර සිදුකළා. මෙවැනි වෛද්‍යවරුන් අපට සම්පතක්. එතුමාට නිරෝගී සුව පතනවා යනුවෙන් රෝගී කාන්තාව පැවැසුවාය.   


මෙම ශල්‍යකර්මය සිදුකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අජිත් කුමාර දිසානායක මහතාට නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු වෛද්‍යවරුන් සිවුදෙනෙක්, හෙද කාර්ය මණ්ඩලයේ නිලධාරිනියන් දෙදෙනෙකු හා තාක්ෂණ නිලධාරින් දෙදෙනෙක් සහය දක්වා තිබුණි.   

 


අනුරාධපුර දයාරත්න ඇඹෝගම



අදහස් (0)

ගර්භාෂ බිත්තියේ සුවිශේෂී සැත්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31335 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13550 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 948 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site