IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


කොරෝනා ලොව පුරා පැතිරෙයි

 

 

  • වසර 40 කට පෙර පොතක පළවූ කතාව
  • ප්‍රංශ සංස්කෘතික ඇමැතිටත් හැදිලා
  • ඉතාලියේ මරණ 827 ක්

 

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්තවීම ඇරැඹුණු ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට ඇන්ටාක්ටිකා මහද්වීපය හැර, සෙසු සෑම මහද්වීපයකම පැතිර ගොස් අවසන්ය. වයිරසය පැතිර ගොස් ඇති රටවල් ගණන 100 කට වැඩිය. වයිරස ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවා ඇත. දැන් දැන් ‘කෝවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අප කා අතරේත් චකිතයක් ඇති වෙමින් පවතී.

වයිරසය හේතුවෙන් චීනයේ ‘මේඩ් ඉන් චයිනා’ භාණ්ඩවලින් යැපෙන ලෝකය අඩපණ වීමට පටන්ගෙන ඇත. රටවල් රැසක දෛනික කටයුතු අඩපණ වී ඇති අතර, ලොව රටවල් රැසක (විශේෂයෙන් ආසියානු රටවල) කොටස් වෙළෙඳපොළ කඩා වැටීම්වලට ලක් වී අවසන්ය. වයිරසය හේතුවෙන් වසර 29 කට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද වාර්තාගත අන්දමින් පහත වැටුණි. ‘කෝවිඩ් 19’ වයිරසය චීනයෙන් හිස එසවූයේ පසුගිය දෙසැම්බරයේය. එදා සිට අද වනවිට, මාස 3 කට ආසන්න කාලයක් ගතවෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 12 වැනිදා නිවේදනය කළේ වයිරසය හේතුවෙන් ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන බවය.   


‘කෝවිඩ් 19’ නව කොරෝනා වයිරසයත් ලොව කලඹද්දී, ඇමෙරිකන් ලේඛක ඩීන් කෲන්ට්ස් විසින් රචිත ‘අයිස් ඔෆ් ඩාර්ක්නස්’ නවකතාව ලොව කාගේත් කතාබහට ලක්විය. ඩීන් කෲන්ට්ස් අතිශය ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ නවකතා කරුවෙකි. කෲන්ට්ස්, ත්‍රාසය කුතුහලය පිරි කතා කීමට දක්ෂයෙකි. කෲන්ට්ස්, ‘අයිස් ඔෆ් ඩාර්ක්නස්’ නවකතාව පළමුවරට පළ කළේ මීට වසර 39 කට පෙර 1981 වසරේය. නවකතාවට පාදක වන්නේ චීනයේ රසායනාගාරයකින් මුදා හැරෙන මාරක වයිරසයකි. මෙම වයිරසය ජීව අවියකි. වයිරසය ආසාදනය වුවහොත් මරණය නියත ය. නිව්මෝනියා ආසාදනය ඇතිවීමෙන් මරණය සිදුවෙයි. ඒ අනුව, ‘අයිස් ඔෆ් ඩාර්ක්නස්’ නවකතාවෙන් කියවෙන වයිරසය ‘කෝවිඩ් 19’ වයිරසයට පුදුමාකාර ආකාරයකින් සමානය.   


1981 වසරේ පළකළ ‘අයිස් ඔෆ් ඩාර්ක්නස්’ නවකතාවේ සඳහන් වන ආකාරයට වයිරසයේ නම ‘ගෝර්කි 400’ ය. ‘ගෝර්කි 400’ වයිරසය සෝවියට්වරුන්ගේ නිර්මාණයකි. ‘ගෝර්කි’ රුසියන් නගරයකි. නවකතාවේ දැක්වෙන ආකාරයට එදාමෙදා නිර්මාණය කළ බිහිසුණුම ජීව අවිය මෙම වයිරසයයි. නිරවි යුද්ධය අවසන් කාලයේ, 1989 දී ‘අයිස් ඔෆ් ඩාර්ක්නස්’ නවකතාව යළි මුද්‍රණය විය. ඒ, සංශෝධන සහිතවය. 1989 මුද්‍රණයේ, වයිරසයේ නම වෙනස් විය. ඒ ‘වූහාන් 4000’ ලෙසිනි. වයිරසය නිර්මාණය කෙරුණේ චීනයේ වූහාන් නුවරට ඔබ්බෙන් පිහිටි රසායනාගාරයකය. ලොකුම පුදුමය මෙයයි. ඩීන් කෲන්ට්ස් මීට වසර ගණනාවකට පෙර, ඔහුගේ නවකතාව හරහා පෙන්වා දී ඇත්තේ ‘කෝවිඩ් 19’ නව කොරෝනා වයිරසය නොවේදැයි බොහෝ දෙනා විමසයි. ‘අයිස් ඔෆ් ඩාර්ක්නස්’ ලොව කාගේත් කතාබහට ලක්වූයේ එහෙයිනි.   

 

 


කොරෝනා වයිරස යනු සතුන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ වන වයිරස විශේෂයකි. මනුෂ්‍යයන්ට ආසාදනය වන කොරෝනා වයිරස හතකි. එයින් හතරක්, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරයි. ‘කෝවිඩ් 19’ වයිරසයේ සුලමුල තවමත් තහවුරු කරගෙන නැත. කෙසේ නමුත් වයිරසයේ ජානමය ව්‍යුහය අනුව, එය වවුලන්ගේ සිට අතරමැදි සතකු (මෙම සතා කබල්ලෑවා යැයි සැක කෙරේ) හරහා මනුෂ්‍යයන්ට බෝ වන බවත්, දැන් මනුෂ්‍යයන් අතරේ එය විකෘතිකරණය වී, පැතිර යන බවත් වෛද්‍යවරුන්ගේ අදහස ය. ‘කෝවිඩ් 19’ වයිරසය ආසාදනය වන සියයට 80 කට එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණි. වයිරසයේ පොදු රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, සිරුරේ වේදනාව, උගුරේ වේදනාව ය. ඇතැමුන්ට පාචනය ඇතිවිය හැකිය. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ද නැද්ද යන්න කල්වේලා ඇතිව හඳුනාගැනීම ඉතා වැදගත්ය. චීනයේ බොහෝ මරණ වාර්තා වූයේ වයිරසය ‘කෝවිඩ් 19’ බව කල්තියා හඳුනා නොගත් බැවිනි. ‘කෝවිඩ් 19’ වයිරසය පැතිරෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වී තිබේ. කෙසේ නමුත් වෙනත් කොරෝනා වයිරස සමඟ බලද්දී, ආසාදිතයකුගෙන් පිටවන කෙළ බිඳිති හරහා තව කෙනකුට වයිරසය අසාදානය වෙයි. එම ආකාරයට වයිරසය ආසාදනය වීමට නම් ඔබ වයිරස ආසාදිතයකු අසල සිටිය යුතුය. මීටරයක ප්‍රමාණයකට වයිරසය මෙසේ පැතිරෙයි. වෙනත් කොරෝනා වයිරස (සර්ස්, මර්ස් වැනි) සසදද්දී, උෂ්ණත්වය අඩු පරිසරයකදී, වයිරස විෂ බීජ දිගු කාලයක් තැම්පත් වී තිබිය හැකි යැයි පැවසෙයි. උණුසුම් කාලගුණයක් පවතින්නේ නම් ‘කෝවිඩ් 19’ වයිරස විෂ බීජ මියයයි. මේ වනවිට ලොව පුරා කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්තවී ඇත්තේ සීත කාලගුණයක් පවතින රටවල ය. මේ දිනවල ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ පහළ අගයක් ගනී.   
‘කෝවිඩ් 19’ වයිරසය සෘජුව කිසිදු බෙහෙතක් නැත. කිසිදු ඖෂධයක් නිර්දේශ කර නැත. කෙසේ නමුත් චීනයේ ‘කෝවිඩ් 19’ ආසාදිතයන්ට ඖෂධ වර්ග කීපයක් ලබා දෙයි. එච්.අයි.වී. ආසාදිතයන්ට, මැලේරියාවට සහ ආතරයිටිස් සඳහා ලබා දෙන ඖෂධ කෝවිඩ් 19 රෝගීන්ට ලබාදෙන බව පැවසෙයි. මාරාන්තික තත්ත්වය මඟහරවා ගැනීමට ඒ අනුව හැකිවී තිබේ. ඊට අමතරව ඉබෝලා වයිරසය මර්දනයට නිපදවා ඇති පර්යේෂණ මට්ටමේ ඔසුවක් ද ‘කෝවිඩ් 19’ රෝගීන්ට ලබාදෙයි. අවුරුදු 60 වැඩි, වෙනත් රෝගී තත්ත්වයන් ඇති අයට ‘කෝවිඩ් 19’ වයිරසය මාරක විය හැකිය. පෙනහලු දුර්වල අයට, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳින අයට ‘කෝවිඩ් 19’ මාරක විය හැකිය. ‘කෝවිඩ් 19’ වයිරසය කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩියෙන් ආසාදනය වෙයි. ඊට හේතුව බෝ නොවන රෝග වැඩියෙන් පිරිමින් අතරේ පැතිරීමය. ඊට අමතරව පිරිමින්ට වඩා රෝගවලට ඔරොත්තු දීමට කාන්තාවන්ට ඇති හැකියාව වැඩි වීමය.   


මුහුණු ආවරණ පැලදීමෙන් ‘කෝවිඩ් 19’ වයිරසයෙන් බේරීමට පුළුවන් බව වෛද්‍ය මතයයි. ඔබ කොරෝනා වයිරස ආසාදිතයකුගේ සුව දුක් විමසීමට ඔහු හෝ ඇය අසලට යන්නේ නම් හෝ ඔබ රෝහලකට යන්නේ නම් හෝ මුහුණු ආවරණ ඔබ ආරක්ෂා කරනු ඇත. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැලඳ සිටීමෙන් පමණක්, කොරෝනා වයිරසයෙන් බේරීමට නොහැකි බවය. ‘කෝවිඩ් 19’ වයිරසයක් බැවින්, ප්‍රතිජීවක ඖෂධවලින් එය මර්දනය කළ නොහැකිය. චීනයෙන් හෝ වෙනත් කොරෝනා වයිරසය පැතිරෙන රටකින්, ඔබට ලිපියක් හෝ පාර්සලයක් ලැබුණොත්, එයින් කොරෝනා ආසාදනය විය හැකිද යන්න බොහෝ දෙනා අසන පැනයකි. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එසේ කොරෝනා වයිරසය ආසාදනය විය නොහැකි බවය. කොරෝනා වයිරසය මනුෂ්‍යයන්ට ආසාදනය වූයේ සතුන්ගෙනි. මනුෂ්‍යයන්ගෙන් වයිරසය ගෙදර දොර සුරතල් සතුන්ට ආසාදනය විය හැකිදැයි යන්න සැකයක් පවතී. ඒ, හොංකොං හි කොරෝනා වයිරස ආසාදිත කාන්තාවගේ බලු සුරතලකු රුධිර සාම්පල පරීක්ෂා කරද්දී බලු සුරතලාට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟය.   

 

 


චීනයේ පැතිරුණු ආකාරයට වඩා ඉතා දරුණු ආකාරයට, ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට ඉතාලියේ පැතිරෙයි. ඉතාලියෙන් හමුවුණු ‘කෝවිඩ් 19’ ආසාදිතයන් ගණන 12,000 ඉක්මවා අවසන්ය. වයිරස මරණ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා වනවිට 827 ක් විය. වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණින්, මුළු ඉතාලියම නිරෝධායනය කිරීමට (වෙන් කර තැබීම) ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ ප්‍රමුඛ රජය ගත් තීරණය හේතුවෙන් එරට මිලියන 16 කට ආසන්න වැසියන් මහත් සේ පීඩාවට පත්වුණු බව වාර්තා විය. අත්‍යාවශ්‍ය රාජකාරියකට හැර නිවෙස්වලින් පිටවීම හෝ නගරයකින් නගරයකට යෑම ඉතාලි වැසියන්ට තහනම්ය. ඉතාලිය යුරෝපා සංගමයේ සාමාජිකයෙකි. යුරෝපා සංගමයට අයත් රටවල් රැසක් පුරා මේ වනවිට වයිරසය ව්‍යාප්ත වී ගොසිනි. වයිරස ව්‍යාප්තිය දේශපාලනික වශයෙන් ද බලපෑම් එල්ල කිරීමට සමත්වී අවසන්ය. පසුගිය දා යුරෝපා සංගමය හදිසි සැසියක් පැවැත්වීය. ඒ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර යුරෝපා සංගමයේ මූලස්ථානයේදීය. යුරෝපා සංගමයේ සාමාජිකයන් සියල්ල ප්‍රතිඥා දුන්නේ කොරෝනා වයිරසය මැඬලීමට හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවටය. බ්‍රසල්ස් හි පැවැති එම විශේෂ සැසියට යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල සෞඛ්‍ය ඇමැතිවරු, මුදල් ඇමැතිවරු සහ නියෝජිතයෝ සහභාගි වූහ.   


ප්‍රංශය යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකි. ප්‍රංශයේ සංස්කෘතික ඇමැති ෆ්රැන්ක් රියෙස්තර් ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ඔහු නිරෝධායනය කළ බවත් පසුගිය 10 වැනිදා වාර්තා විය. ප්‍රංශ ඇමැති මණ්ඩලයේ සිටින වඩාත් ජනතාව අතර ගැවසෙන ඇමැතිවරයා බව පැවසෙන්නේ 46 හැවිරිදි ෆ්රැන්ක් රියෙස්තර් ය. මීට අමතරව, ප්‍රංශ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් පස් දෙ​නෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. පසුගිය 11 වැනිදා වනවිට ප්‍රංශයෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 1,412 කි. ප්‍රංශයෙන් හමුවුණු කොරෝනා මරණ සංඛ්‍යාව 20 කි.   


යුරෝපා සංගමයේ තවත් ප්‍රබල සාමාජික රටක් වන්නේ ජර්මනියයි. ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් පසුගිය දා මාධ්‍ය හමුවේ කියා සිටියේ කොරෝනා වයිරසය ජර්මන් වැසියන්ගෙන් සියයට 70 කට ආසාදනය වනු ඇතැයි බිය පළකරන බවය. චාන්සල්වරිය මෙසේ කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තා උපුටා දක්වමිණි. ජර්මනියෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 1,139 කි. මේ අතර යුරෝපා සංගමයේ පරිපාලන කටයුතු බාර යුරෝපා කොමිසම ප්‍රකාශ කළේ යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් කොරෝනා මැඬලීම වෙනුවෙන් යූරෝ බිලියන 25 (ඇමෙරිකන් ඩොලර් බිලියන 28) ක මුදලක් වෙන් කළ බවය. යුරෝපා කොමිසම මෙම තීරණය ගත්තේ යුරෝපා සංගමයේ සාමාජික රටවල සියලු රාජ්‍ය නායකයන් අතරේ පැවැති හමුවකින් පසුවය. රාජ්‍ය නායකයන් අතරේ එම හමුව පැවැත්වූයේ වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේය. සියලු කටයුතු මෙහෙයවීම සිදුකරනු ලැබුවේ යුරෝපා කොමිසමේ සභාපතිනිය උර්සුලා වොන් දෙර් ලියෙන් විසිනි.   

 

 


යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වුණු මහා බ්‍රිතාන්‍යයට ද කොරෝනා තර්ජනයකි. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනිය 62 හැවිරිදි නඩීන් ඩොරිස්ට ද ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ පසුගිය 10 වැනිදා ය. රෝගී වීමට පෙර, සෞඛ්‍ය ඇමැතිනිය බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හමුවී ඇතැයි ද පැවැසෙයි. පසුගිය සති කිහිපය පුරා බ්‍රිතාන්‍යයේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට ක්‍රියාවට නැංවූ සියලු සෞඛ්‍ය වැඩසටහන්, නඩීන් ඩොරිස්ගේ අධීක්ෂණයට ලක්විය. ඇය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු සමඟ සමීපව කටයුතු කර තිබේ. මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 400 ට ආසන්නය. වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මියගිය ගණන 6 කි.   


මේ වනවිට චීනයේ කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ ගණන වේගයෙන් අඩු වෙමින් පවතී. වූහාන් නුවර කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ලහිලහියේ එකලැස් කරමින් ඉදිකළ විශේෂ රෝහල් සියල්ල ගලවා ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත. චීනයේ වයිරසය මර්දනය වූ බව ඒ අනුව පෙනෙයි. චීනයෙන් මර්දනය වුවත් කොරෝනා වයිරසය ඉරානය කලඹා අවසන්ය. පසුගිය 10 වැනිදා වනවිට ඉරානයෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,042 කි. කොරෝනා මරණ සංඛ්‍යාව 291 කි. ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකයන් කිහිප දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඉරාන පාර්ලිමේන්තුවෙන් සියයට 8 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් පල්ලිවල පැවැත්වෙන දේව මෙහෙයයන් නැවැත්වීමට ඉරාන රජය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි පැවැසෙයි. එහෙයින්, වයිරසය වේගයෙන් පැතිරෙනවා යැයි ඉරාන රජයට චෝදනා එල්ල වී තිබේ. මෙසේ චෝදනා එල්ල වන්නේ ඉරාන රජයේ දැඩි මර්දනයට ලක්වුණු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලිනි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කර ඇත්තේ ඉරානයේ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බවත්, ඉරාන රජය එය වසං කරන බවත්ය. වයිරසය වේගයෙන් ව්‍යාප්තවීමත් සමඟ ඉරානයේ දෛනික කටයුතු අඩපණ වී අවසන් යැයි ද පැවැසෙයි. පසුගිය පෙබරවාරි 23 වැනිදා සිට ඉරානයේ පාසල්, විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනික ආයතන සියල්ල වසා දමා තිබේ. ඊට අමතරව සිනමා ශාලා සහ සංස්කෘතික මධ්‍යස්ථාන ද වසා දැමීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබේ. පොදු බස්රථ, බස්රථ නැවැතුම්පොළ, දුම්රිය සහ දුම්රිය නැවැතුම්පෙළෙ, කුලී රථ ආදිය දෛනිකව සනීපාරක්ෂක දියර යොදා පිරිසුදු කරන බව පැවැසෙයි. සෞඛ්‍ය බලධාරීන්ගේ සහායට ඉරාන රජය හමුදාව යොදවා ඇත. පිරිසිදුව සිටින ලෙසත් නිතරම දෑත් පිරිසිදුව තබා ගන්නා ලෙසත් ඉරාන අයතුල්ලා අලී කොමේනී ඉරාන වැසියන්ට උපදෙස් දී ඇත.  

 

 

ලුසිත ජයමාන්න   
රොයිටර්/ඒ.එෆ්.පී.   



අදහස් (3)

කොරෝනා ලොව පුරා පැතිරෙයි

bandula Friday, 27 March 2020 06:27 AM

වෛරස් පැතිරෙම සැඟවීම චීනයේ අලුත් දෙයක් නොවේ. (සාර්ස්, කුරුළු උන 2002) . 2019 දෙසැම්බර් මාසයේ පටන් ගත් කොරෝනා වෛරස් මෙය පාලකයින් විසින් අනාවරණය කළ ‌ෙ‌ෛවෛද්‍යවරයා හිර කර යටපත් කළේය. සංක්‍රමණය නවත්වන නියෝග කල් ට්‍රම්ප්ට දොස් කීවාය. .රටේ හැම කෙනාම ගැන පුද්ලික තොරතුරු දත්ත දන්නා එකම රට චීනයි . දෙැම්බෙර් මාසයේ ජනතාව රටින් යාම නවතුවනම් මෙය මෙතරම් දුර යන්නේ නැත.

:       0       0

L H විජේරත්න Sunday, 29 March 2020 05:12 AM

දැන් පවතින ඇදිරි නීතිය අනුව ජනතාවට ආහාර නැතුව බඩගින්නෙ ඉන්න සිද්ධ වෙලාතියෙන නිසයි මම මේ යෝජනාව කරන්න අදහස් කලේ වයස අවුරුදු 50 ඉහල අයටවත් තමන්ට අවශ්‍ය දේවල් ගැනීමට එලියට යන්න අවසර දුන්නානම් හොදයි නේද?

:       0       0

ඇල් එච් විජේරත්න Sunday, 29 March 2020 05:17 AM

වයස අවුරුදු 50 පැනපු අයට ඇදිරි නීතිය ඉවත් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4728 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 159 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 875 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 265 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 46 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 850 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site