IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


“උෟට වයර් මාරු වෙලා”

අලුත් පරපුරේ කතාබහ 

 

කෝටුමස් කරනවා 


යුද හමුදා සෙබළුන් වැරදි ක්‍රියා කළ විට ඒවා විභාග කර දඬුවම් පැමිණවීම සිදුකරන්නේ කෝට් මාෂල් මගිනි. “කෝටුමස් කරනවා” යන්න එම ඉංග්‍රීසි භාවිතය ඇසුරින් සිංහලයා සකස් කරගෙන ඇති අපූරු ව්‍යවහාරයකි. කෙනෙකු තවත් අයෙකු ගැන කෝපයෙන් කතා කරන විට හෝ දඬුවම් කරන අටියෙන් යමක් ප්‍රකාශ කරන විටෙක හෝ මෙය සුලභව යොදා ගැනෙයි. 


“මම ඕකව අද කෝටුමස් කරනවා” 


වයර් මාරුවීම 


වයර් තිබෙන්නේ විද්‍යුත් උපකරණවලය. ඒවා නිසි පරිදි නිසි තැන්වල සවි වී නොතිබුණහොත් එම විද්‍යුත් උපකරණ ක්‍රියා කරන්නේ නැත. එසේම මනුෂ්‍යයාගේ මනස ද නිරවුල්ව නොතිබුණහොත් ඇතිවන්නේ අවුල් සහගත තත්ත්වයකි. නිරවුල් නොවූ මනසින් යුත් මිනිසුන් හා මනුෂ්‍ය ක්‍රියාකාරකම් හැඳින්වීමට සිංහලයේදී “වයර් මාරු වෙලා” යන ව්‍යවහාරය ද නිතරම භාවිත වෙයි. 


“උෟට වයර් මාරු වෙලා” 


රෝන්ග් සයිඩ් යෑම 


රෝන්ග් සයිඩ් (Wrong Side) යන ඉංග්‍රීසි ව්‍යවහාරයේ තේරුම වැරැදි පැත්ත හෝ වැරැදි දිශාව යනුයි. නූතන සිංහල ව්‍යවහාරයේදී එම ඉංග්‍රීසි භාවිතය එලෙසම යොදා ගන්නා ආකාරයක් දැකිය හැකිය. විශේෂයෙන්ම වැරැදි ආකාරයට ජීවත්වන පුද්ගලයන් හැඳින්වීමට මෙය යොදා ගැනෙයි. 


“එයා රෝන්ග් සයිඩ් යන්නෙ” 


ඤං පචං 


මේ ව්‍යවහාරය සිංහලයට කෙසේ පැමිණියේ ද යන්න නිශ්චය කරගැනීම උගහටය. කෙසේ වෙතත් මෙය යම් කිසි ක්‍රියාවකින් හෝ කතාවකින් හෝ පරිභවයට හා සවුත්තුවට පත්වන අවස්ථා හැඳින්වීමට යෙදෙයි. 


චාටර් වෙනවා 


විශේෂයෙන්ම නූතන තරුණ ප්‍රජාව අතරේ සුලභව භාවිත වන යෙදුමකි. සවුත්තු වෙනවා යන අර්ථය එහි ගැබ්ව තිබෙයි. 


ගහනවා යන ක්‍රියා පදය ආශ්‍රිතව නිර්මාණය වූ සුවිශේෂ ව්‍යවහාර කිහිපයක් ද නූතන සිංහල ව්‍යවහාරය පිරික්සීමේදී දැකගත හැකිය. 


කාඩ් ගහනවා 


යම් කෙනෙකු තවත් අයෙකු අපහසුතාවට පත්වන අයුරින් හැසිරෙන අවස්ථා හැඳින්වීමට මෙය යෙදෙයි. 


කප් ගහනවා 


යම් ක්‍ෂේත්‍රයක විශේෂ දක්ෂතා සහිත අය හැඳින්වීමේදී මෙය යෙදෙයි. 


පගා ගහනවා 


අල්ලස් ගැනීම සම්බන්ධයෙන් නම ගිය නිලධාරීන් හැඳින්වීමට යෙදෙයි. 


ඩෝං යනවා 


කෙනෙකුට තරහා යන අවස්ථා හැඳින්වීමට සුලභව භාවිත වෙයි. 


“අද බොසාට ඩෝං ගිහින්” 


අතේ රෝල් 


“අතේ රෝල්” යන ව්‍යවහාරය භාවිත වන්නේ කිසිදු සත්‍යයක් පදනමක් නැති පුවත් හා තොරතුරු හැඳින්වීමටය. මෙවදන වැඩි වශයෙන්ම යෙදෙන්නේ ජනමාධ්‍යයේය. ප්‍රවෘත්ති නැති වූ විට ඇතැම් මාධ්‍යවේදීහු ව්‍යාජ පුවත් නිර්මාණය කරති. 


“අතේ රෝලක්නෙ ගහලා තියෙන්නෙ” 


මැන්ටල් 


සිහි කල්පනාවෙන් අඩු පුද්ගලයන් හැඳින්වීමට මෙන්ම මරණාසන්න අය හැඳින්වීමට ද මෙය භාවිත වෙයි. 


බේබි කපනවා 


මෙය සූදුවෙහි නිරත වීම, බූරුවා ගැසීම හැඳින්වීම සඳහා ව්‍යවහාර වෙයි. 


තුරුම්පු අදිනවා 


බූරුවා ගැසීමේදී අන්තිමට භාවිත කරන කාඩ්පතට තුරුම්පුව යැයි කියයි. මෙය ප්‍රායෝගික දේශපාලනයේදී ද නිතර භාවිත වන්නකි. බලය ලබාගැනීමේදී කළ හැකි සියලුම දේ කර අවසානයට කළ හැකි දේ ගැන කීමේදී “තුරුම්පු ගසනවා” යැයි කියයි. 


“අන්තිමට ඒ තුරුම්පුවත් ඇදලා බලනවා”


දෙකේ කොළේ 


බූරුවා ගැසීමට යොදා ගන්නා කාඩ් කුට්ටමේ ඇති වටිනාකමින් අඩු කාඩ්පත්ය. එසේම මෙය කෙනෙකු පහත් කොට සලකන අවස්ථා ගැන කීමට ද යොදා ගැනෙයි. 


“එයා මාව දෙකේ කොළේට දාලා කතා කළා” 


කොළේ වහලා ගහනවා 


කෙනෙක් තවත් අයෙකු රවට්ටමින් කටයුතු කරන අවස්ථා හැඳින්වීමට භාවිත වෙයි. 


අපභ්‍රංස 


“අපභ්‍රංස” යනු ඉන්දියාවේ තිබෙන භාෂාවකි. තොටගමුවේ සිරි රාහුල හිමියන් ෂඩ් භාෂා පරමේශ්වර ලෙස ගෞරව බහුමානයට පාත්‍ර වන්නේ උන්වහන්සේ භාෂා හයක් ප්‍රගුණ කර තිබුණු නිසාය. ඒ අතර එක් භාෂාවක් වූයේ අපභ්‍රංස ය. මේ භාෂාවේ ව්‍යාකරණ විධි සංකීර්ණ නිසා ඒවා අවුල් සහගතය. අර්ථය නිශ්චිතවම වටහා ගැනීම අපහසුය. 


යමෙකු කියන දෙයක් තවත් කෙනෙකුට නොතේරෙන විට හා එම ප්‍රකාශනය ව්‍යාකූල බවින් යුතු වනවිට එය හැඳින්වීමට මේ “අපභ්‍රංස” යන්න යෙදෙයි. 


“මොන අපභ්‍රංසයක් කියනවා ද මන්දා”

 

 

උපුල් වික්‍රමසිංහ 



අදහස් (0)

“උෟට වයර් මාරු වෙලා”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 169 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1026 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site