IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


අසුපිනි ඇල්ලට බිලිවුණු තවත් යොවුන් ජීවිතයක්

 

සබරගමුව හා මධ්‍යම පළාත වෙන් වෙන මායිමෙන් කඩාහැළෙන සුන්දර අසුපිනි ඇල්ලට පසුගිය 14 වැනිදා පස්වරුවේ තවත් තරුණ ජීවිතයක් බිලි විය. මිතුරන් සමග විනෝද චාරිකාවක ගොස් ජායාරූප ලබා ගැනීමට අසුපිනි ඇල්ලේ මිනිසුන් ලිස්සා යන ගල්තලාවක් මත නැගීමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මෙම තරුණයා මුහුණ පා තිබෙනවා. ඒ අනුව අසුපිනි ඇල්ලට මෙලෙස බිලි වූයේ අරණායක 32 හැවිරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය අවසන් කිරීමට සිටි සිසුවෙකි. මේ වන තෙක් අසුපිනි ඇල්ලට වැටී පුද්ගලයන් 14 දෙනෙකු බිලි වී ඇති අතර 15 වැනි තරුණයාද මෙසේ ඇල්ලට බිලි වූ හෙයින් හෙට දිනයේ මෙම සුන්දර අසුපිනි ඇල්ල නැරඹීමට යන සංචාරකයන් අතර සිටින තරුණ පිරිස්වලින් අප ඉල්ලා සිටින්නේ මෙම සුන්දර දිය ඇල්ලේ අවදානමක් ඇති නිසා ඉතා පරෙස්සමින් අසුපිනි ඇල්ල නැරඹීමට යෑමේදී කටයුතු කරන ලෙසයි. 


මෙලෙස මියගියේ අරණායක, කාල්වාන පදිංචි වයස අවුරුදු 32 ක් වන ධම්මික සම්පත් කුරුවිට යන අයයි. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන උපාධි අපේක්ෂක සිසුවෙකු වන මෙම තරුණයා එම විශ්වවිද්‍යාලයේ යාළුවන් තිදෙනෙකු සමග පසුගිය 14 වැනිදා මොරිස් මයිනර් කාර් රථයකින් අරණායක හොරේවල හරහා දෙයියන්වල අසුපිනි ඇල්ල මාර්ගයේ පැමිණ කිලෝමීටර් 2 ක් පමණ පා ගමනින් ගොස් ඇල්ල නැරඹීම සඳහා ගොස් තිබෙනවා. එහි විනෝද වී අසුපිනි ඇල්ලේ ජායාරූප ද ඒ අවට ජායාරූපද ලබාගෙන තමන්ගේ ජායාරූපක් ලබා ගැනීමට ඇල්ල ආසන්නයට යෑමේදී මෙම අනතුර සිදු වී තිබෙනවා. ගල් තලාවේදී දෙපා ලිස්සා යෑමෙන් තම මිත්‍රයා අතුරුදන් වූ බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ගම්පොළ කුරුඳුවත්ත පොලිසියට කට උත්තර ලබා ගැනීමේදී ඔහුගේ මිතුරකු පවසා තිබුණි.   


අසුපිනි ඇල්ල පහතට කඩාහැලෙන ස්ථානය අසල ගල් තලාවක් මතට ගොස් මෙම තරුණයා සිටගත්තේ අසුපිනි ඇල්ලට පිටුපාමිනි. එහි සිට ගත් ඔහු තමන් සමග පැමිණි යාළුවෙකුට සිය ජංගම දුරකථනය ලබා දී පවසා ඇත්තේ තමන්ගේ ජායාරූපයක් අසුපිනි ඇල්ලේ පහත සුන්දරත්වය පෙනෙන අයුරින් ලබා ගන්නා ලෙසයි. එහෙත් ක්ෂණයකින් ඔහුගේ එක් පාදයක් ලිස්සා ගොස් ඇති අතර ඒ සමගම අනික් පාදයද ලිස්සා ගොස් තත්පර ගණනකදී මිතුරන් බලා සිටියදීම උසින් මීටර් සියයක් පමණ වන අසුපිනි ඇල්ලෙන් පහතට ලිස්සා වැටී අතුරුදන් වී ඇත. එම අවාසනාවන්ත අවස්ථාවේ ඔහුගේ ජංගම දුරකථනයේ සටහන් වූ ජායාරූප පෙළක්ද ඇතත් එහි ස්වයංක්‍රීය කී පුවරුව වැසී යෑම නිසා එය ලබා ගැනීමට අප කළ උත්සාහය ව්‍යාර්ථ විය.   


ලිස්සා වැටී සුළු මොහොතකින් තරුණයා සොයා ඇල්ලේ පහළ කොටසේද ප්‍රදේශවාසීන් සෝදිසි කර බලා ඇති මුත් අතුරුදන් වූ තරුණයා සොයා ගැනීමට ඔවුන් කිසිවෙකුටත් නොහැකි වී ඇත. මෙම සිද්ධිය සැලවීමෙන් පසුව අසුපිනි ඇල්ල පිහිටි ප්‍රදේශය අයිති මධ්‍යම පළාතේ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් පැමිණ එම දිනයේ රාත්‍රී 8 පමණ වන තෙක් අතුරුදන් වූ තරුණයා සමග පැමිණි අනිකුත් තරුණයන් තිදෙනාගෙන් අතුරුදහන් වූ අයගේ පියාගෙන් සාක්සි ලබා ගැනීම සිදු කරන ලදී.    


ප්‍රාදේශවාසීන් පවසන්නේ මෙලෙස ඇල්ලෙන් පහළට ලෙස්සා ගොස් මීට පෙර 14 දෙනෙකු මිය ගිය බවයි. ඇල්ලෙන් පහළට වැටුණු පසු පහළ කොටසේ ඇති ගල් කුහරයක් සහිත ජල අාවාටයක් මෙන් කැරකෙන ස්ථානයකට ලිස්සා යන අය වැටෙන බවද කියයි. එයට වැටුණු අයෙකු මීට පෙරද සොයා ගත්තේ දින දෙක තුනක් කල් ගත වූවායින් පසුව බවද පවසයි. ඒ සඳහා නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් මෙන්ම ප්‍රාදේශවාසීන්ගේ සහාය ලැබුණත් එම වැටුණු අයගේ මළ කඳන් සියල්ල ගොඩට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම ජීවත් වන 74 හැවිරිදි රාජපක්ෂ ගෙදර අබේරත්න විසිනි. ඔහු සැබෑ දක්ෂයෙක් වුවත් මේ කටයුත්තට මෙවර ඔහුට මේ සඳහා යෑමට දරුවන්ගෙන් කිසිදු අවසරයක් නොලැබිණි.  


අතුරුදන් වූ අයගේ පියා වන කුරුවිටගේ මහින්ද දාස (63)   


“මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මේ අතුරුදන් වේලා තියෙන්නේ බාලයා. මම හීනයකින්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් පුතාට වෙයි කියලා. ගොඩාක් අපහසුයි කථා කරන්න. අද දවල් ගෙදර ඉඳන් විශ්වවිද්‍යාලයේ යාළුවොත් එක්ක ඇවිත් තියෙන්නේ. මම ඒ වේලාවේ ගෙදර හිටියෙත් නැහැ, පුතා ඇල්ලට එන වේලාවේ. පොලිසියට මෙයාගේ යාළුවෝ දුන්න කට උත්තරය විදිහට මෙයා ඇල්ලෙන් වැටිලා තියෙන්නේ ඇල්ලේ උඩු කොටසෙන් අත පය සෝදා ගෙන අසුපිනි ඇල්ල වැටෙන ස්ථානයෙන් අනික් පසට ගිහින් ගලක් උඩ හිටගෙන අනික් අයට ජංගම දුරකථනය දීලා මෙයාගේ ජායාරූපයක් ගහන්න කියලා තියෙනවා. ඊට පස්සේ පුතා ලිස්සා ගිහින් තියෙනවා. එක යාළුවෙක් මෙයා අල්ලා ගන්න ගිහින් තියෙනවා. එයාත් ගල උඩ ලිස්සා වැටී තියෙනවා. පුතා ලිස්සා ගිහින් වතුරට වැටිලා ඇල්ලෙන් පල්​ෙලහට ගිහින් අනික් අය බලා සිටියදි පහළට ගියා කියලා තමයි ඒ පුතාලා කියන්නේ යැයි පැවසූ ඔහු මෙවැනි දෙවල් ගැන අනිකුත් තරුණයන්ද සිතා බලා කටයුතු කරන්නේ නම් අනතුරු වළක්වා ගත හැකි බවද පවසනවා. පුතා මේ ප්‍රදේශය ගැන හොඳින් දන්න කෙනෙක්. අසුපිනි ඇල්ලට බිලි ගන්නවා කියලාත් දන්නවා. හැමදාම පරිස්සමින් වැඩ කරපු පුතා මේ පාර එයාගේ වේලාවට එයා අපිට අහිමි වුණා.   


අතුරුදන් වූ අයගේ වැඩිමහල් සොයුරු ජයන්ත චමින්ද බණ්ඩාර (33)   


අසුපිනි ඇල්ලට වැටී මේ අනතුරට ලක්වෙලා තියෙන්නේ මාගේ මල්ලී. පොඩි දේ ගැන නොසැලකිල්ල නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ. මේක හොඳ පාඩමක්. හිතට කොයි තරම් ධෛර්යය තිබුණත් හැම කෙනෙක්ම හිතන්න ඕනෑ අවදානම් සහගත දේවල් සිදු කරද්දී මීට වඩා පරිසමින් වැඩ කරන්න. මේ ජීවිතය අහිමි වන එක රටට කොයි තරම් පාඩුවක්ද කියලා බලන්නකෝ. මේවාගේ ෆොටෝ ගහන්න ගිහින් රටට ජීවිත කීයක් නම් අහිමි වුණාද කියලා හිතලා බලන්න අනික් අයටත් හොඳ පාඩමක්.   


අසුපිනි ඇල්ල කඩාහැලෙන උඩුවැල්ල ප්‍රදේශයේ ජීවත් වන ඇල්ලට වැටී මිය ගිය මිනී 14 ක් ගොඩ ගත් 74 හැවිරිදි රාජපක්ෂ ගෙදර අබේරත්න මහතා.   


අපි මේ ඇල්ල සම්බන්ධයෙන් කොයි තරම් කථා කරලා තියෙනවාද? එහෙත් අපි සහ මේ ප්‍රදේශයේ ජීවත් වන අය කියන දේවල් පිටින් එන තරුණයන් අහන්නේ නැහැ. ඊටත් මේ දවස්වල වැස්ස වැඩියි. මේ ස්ථානයට යෑම සුදුසු නැහැ. මේ තරුණයන් එම ස්ථානයට ගියේ මොකටද කියලා මම දන්නේ නැහැ.


අසුපිනි ඇල්ල බිලි ගන්නවා කියලා කියනවා. අසුපිනි ඇල්ල බිලි ගන්නේ නැහැ. නොසැලකිල්ල නිසා වෙන දේවල් තමයි මේ වෙන්නේ. මීට කලින් 14 දෙනෙක් වැටිලා මිය ගියා. දැනට අවුරුදු 8 කට විතර කලින් වැටුනාට පස්සේ තමයි මේ තරුණයා වැටුණේ. එක දවසින් ගන්න ටිකක් අමාරුයි.   


මෙම තරුණයා විසින් මීට පෙරද අවස්ථා ගණනාවකදී අවදානම් ස්ථානවල ජායාරූප ලබා ගෙන සිය ෆේස් බුක් ගිණුමේ දමා තිබියදි අපට හමු වූ අතර එම ජායාරූප කිහිපයක්ද අප පහත දක්වා ඇත. එමෙන්ම අප මීට පෙරත් මේ ප්‍රදේශයේ සංචාරය කරන ලද අවස්ථා ගණනාවකදීම රජයේ නිවාඩු දිනවල තරුණයන් පැමිණ ඇල්ල කඩා හැලෙන ස්ථානයේ අවදානම් සහගත ලෙස සිදුකරන හැසිරීම් මෙන්ම අසුපිනි ඇල්ලේ මත්පැන් සාද පවත්වමින් හැසිරෙන අයුරු නිරීක්ෂණය වී තිබෙනවා. එසේ හෙයින් මෙවන් අන්තරාදායක කටයුතු සඳහා අවසානයේ සමහර දෙනා පෙලඹෙන අතර ඒ වෙනුවෙන් හෙට දවසේ ඔබගේ අවධානය යොමු කිරීම මගින් මෙවැනි අවාසනාවන්ත සිදු වීම් අපට අසන්නට සිදු නොවනු ඇත.   


මෙම අනතුර සම්බන්ධයෙන් ගම්පොළ කුරුඳුවත්ත පොලිස් ස්ථානයෙහි පොලිස් පරීක්ෂක ඩී.එල්.පී. සිරිකාන්ත, උපපොලිස් පරීක්ෂක මාරසිංහ යන මත්වරුන් ඇතුළු නිලධාරීන් පරීක්ෂණ සිදු කරයි. 

 

 

 

 

 

 

 


ඡායාරූප හා සටහන මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර



අදහස් (0)

අසුපිනි ඇල්ලට බිලිවුණු තවත් යොවුන් ජීවිතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1393 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site