IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අධික පිරිසිදු භාවය ද ග්‍රස්ථියේ රෝග ලක්ෂණයක්

කායිකව රෝගී වූ කල අත් බෙහෙතේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා ප්‍රතිකාර ක්‍රම සොයා ගියද මානසිකව රෝගී වූ කල නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමට ඍජු දැනුමක් අපට ඇත්තේ නැත. එයට ප්‍රධානම හේතුව නම් මානසික රෝග සහ එහි ස්වභාවය අප දැන නොසිටීමය.   


​කෙසේ නමුත් මේ වනවිට ලොව පුරා මිලියන 450ක් පමණ මිනිසුන් මානසික ව්‍යාකූලතාවයන්ට ගොදුරු වී සිටින බව හඳුනාගෙන ඇත.   


ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බවය.   


​දෛනික ජීවිතයට ඍජු බලපෑමක් එල්ල කරනා, ග්‍රස්ථිය නම් මානසික රෝගය පිළිබඳව අපි අද කතා කරමු. පිරිමි පාර්ශ්වය අතර වැඩි රෝගීන් පිරිසක් වාර්තා වෙන ග්‍රස්ථියට ​ගොදුරු වූ සංඛ්‍යාව මේ වනවිට සියයට 8ක් පමණ සිටිනා බව ඇස්තමේන්තු කර ඇත.   


ග්‍රස්ථිය නම් මානසික රෝගය ඇතිවීමට මූලිකම හේතූව ලෙස හඳුනාගෙන ඇත්තේ ජානමය හේතූන්ය. ඊට අමතරව කුඩා කාලයේදී මොළයට ඇති වන ආසාදිත තත්ත්වයන් ද පසුකාලීනව ග්‍රස්ථිය ඇතිවීමට බලපා හැකිය.   


​රෝග ලක්ෂණ -   


 එකම කාර්යයක් නිතර නිතර කිරීමට පෙළඹීම.   

නිශ්ඵල සිතුවිලි නිතර නිතර සිතට ඇතුළු වීම.   


තම සිතට නැගෙන සිතුවිලි ප්‍රියජනක නොවුවද ඒවා ඉවත් කර ගන්නට රෝගියාට හැකියාවක් නොමැති වීම. 

 
අැතැම් රෝගීන්ට පුද්ගලයෙකු දුටු විට ඔහුගේ හෝ ඇයගේ ලිංගික අවයවයන් මැවී පෙනීම.   


අවිනිශ්චිත සිතුවිලි නිතර සිතට ඇතුළු වීම උදාහරණයක් ලෙසට නිවසින් පිටවීමට පෙර වරක් දෙවරක් නොව වඩා වැඩි වාර ගණනක් දොර වසා ඇද්දැයි සොයා බැලීම, විදුලි ස්ත්‍රික්කය ක්‍රියා විරහිතව ඇති විට දී පවා කිහිප වරක්ම ඒවා විදුලි පද්ධතියෙන් වෙන්කර ඇද්දැයි සොයා බැලීම.   


වාහනයක ගමන් ගන්නා විට තමා වාහනයෙන් ඉදිරියට පනී කියා සිතට දැනීම.   


ආගමික ස්ථානයකට ගිය විට ආගමික විරෝධී අදහස් පහළ වීම.   


පිහියක් හෝ තියුණු ආයුධයක් දුටු විට එම ආයුධයෙන් තමා තමාටම ඇනගනී යැයි සිතන රෝගීන් එවැනි ආයුධ දුටු විගස සඟවා තැබීම.   


අධික පිරිසිදුභාවය ද ග්‍රස්ථිය රෝගීන්ගෙන් දැකගත හැකි සුලභ දසුනකි.   


නෑමට පෙර සබන් කැබැල්ල කුඩා කැබැලි කිහිපයකට කපා ගන්නා රෝගයෙන් පෙළෙන්නෝ සබන් කැබලි සියල්ල අවසන් වන තෙක්ම ස්නානය කරති.   


ශරීරයේ එක්​ කොටසකට ආලේප කළ සබන් කැබැල්ලක් ශරීරයේ වෙනස් කොටසක ගැල්වීමට ප්‍රියතාවක් නොදක්වයි. එසේ කළ හොත් ශරීරයේ එක් කොටසක තිබූ විෂබීජ තවත් කොටසකට යයි කියා බියක් ඇති කර ගනී.   


අවම වශයෙන් ග්‍රස්ථියෙන් පෙළෙනා රෝගියෙකු පැය දෙක තුනක් නෑම සඳහා වැය කිරීම සාමාන්‍ය පුරුද්දකි.   


තමාගේ ශරීරයට විෂබීජ ඇතුළු වේ යැයි අධික බියකින් පසුවන මොවුන් තමාගේ ඇඳුම් අන් අයගේ ඇඳුම් සමග සේදීමට අකමැතිය. හොර රහසේම සෝදා ගන්නා යට ඇඳුම් තද අව්වේ වියළා ගැනීමට වැළක හෝ වෙනයම් තැනකට දැමීමට ඔවුන් දැඩි සේ අකමැතිය. විෂ බීජ ශරීරගත වේ යැයි සිතනා ඔවුන් සෝදා ගන්නා යට ඇඳුම් මිරිකා නැවත ඇඳ ගැනීමට පෙළඹේ.   


එකම වර්ණයක එකම හැඩතලයකට ඇඳුම් අඳිනට ප්‍රියතාවක් දක්වන මොවුන් අතැම් විට එකම ඇඳුම සෝද සෝදා ඇඳීම ද සිරිත වේ.   


තමා කරනා කාර්යය නිවැරදි ද යන්න නිතර නිතර සොයා බලන නිසාම සෑම දෙයක්ම කිරීමට විශාල පමාවක් ඇතිකර ගනී. එම නිසාම අසාර්ථක චරිත බවට පත් වේ.   
කැම බීම ගැනීම, නිදා ගැනීම, ඉඳුම් හිටුම් ආදී සෑම කාර්යයකදීම සියල්ල මොවුන්ට අකුරට තිබිය යුතුය.   


කන පිඟාන, බොන කෝප්පය හෝ වීදුරුව නියමිත තැන නොමැතිව වෙන තැනක තිබෙනවා දැකීම, ඇඳ ඇතිරිලි තමා සිතනා ආකාරයෙන් නොවීම ආදී පුංචි පුංචි දේවලදී පවා අධික ලෙස ආවේගශීලීව කටයුතු කිරීමට යාමෙන් කාගේත් අප්‍රසාදයට ලක්වෙති.   


දරු ප්‍රසූතියෙන් පසු ග්‍රස්ථිය මවකට ඇතිවුවහොත් ඒ මවට නිතරම තම දරුවාට විෂ බීජ ඇතුළු වෙයි, දරුණු ලෙඩක් හැදෙයි කියා බියක් ඇති වේ. විෂ බීජ දරුවාගේ ශරීරයට යයි කියා සිතන මොවුන්, දරුවා නිතර නිතර සෝදන්නට පෙළඹෙන අතර, බාහිර කිසිවෙකුත් අල්ලනවාට එතරම් ප්‍රියතාවක් නොදක්වයි. 

 
පාසල් යන වසසේදී ග්‍රස්ථිය රෝගයට ගොදුරු වූ දරුවන්ගෙන් බොහෝ විට දකින්නට ලැබෙන්නේ නිතර නිතර පිරිසිදු වීමට උත්සාහ දැරීම, තමාට හුරු එකම අංකයක් නිතර භාවිත කිරීම, වාක්‍යයක් ලිවීමේදී තමා කැමති අකුර ඉතා විශාලව ලියනා මෙවැනි දරුවන්, තමා කැමති අකුර හෝ ඉලක්කම වටා කිහිප වරක් ලිවීමට ද හුරුවෙයි. අනිත් අකුරු කෙරෙහි දක්වන්නේ අඩු සැලකිල්ලකි. පසුව මොවුන් ලිවීම ප්‍රතික්ෂේප කළ හැකි අතර ඇතැම් විට අධ්‍යාපන කටයුතුවලට ද මැළිකමක් දැක්වීමට පුළුවන.   


මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ග්‍රස්ථිය රෝගියෙකුගෙන් දැකිය හැකි අතර මෙවැනි රෝග ලක්ෂණ තිබීම දෛනික ජීවිතයට ද බලපෑමක් එල්ල වන බැවින් රෝගය නිවැරදිව හඳුනාගෙන සුදුසු ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතාම වැදගත්ය. ග්‍රස්ථිය යනු නිවැරදිව හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර කිරීමෙන් සම්පූර්ණයෙන් සුවපත් කළ හැකි රෝගි තත්ත්වයකි. එහෙයින් නොපමාව ඒ සඳහා ක්‍රියාත්මක වන්න.   


ප්‍රතිකාර -  උපදේශනය චර්යාත්මක වෙනස්කම්, ඖෂධීය ප්‍රතිකාර, මනෝ චිකිත්සක ප්‍රතිකාර, වෘත්තිමය වශයෙන් කළ හැකි සරල ප්‍රතිකාර ක්‍රමය.

 

 

සටහන
අසුන්තා එදිරිසූරිය



අදහස් (0)

අධික පිරිසිදු භාවය ද ග්‍රස්ථියේ රෝග ලක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site