ෆෙඩරල් තීන්දුවකින් රට දෙකඩ වෙන කතාව වැරදියි
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ෆෙඩරල් තීන්දුවකින් රට දෙකඩ වෙන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය පදනම් විරහිත බව දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
‘මුලින්ම ෆෙඩරල් විසඳුමක් පිළිබඳ ප්‍රකාශ කළේ අගමැතිවරයාගේ පක්ෂයේ නායකයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බව මතක් කර දිය යුතුයි.’
ෆෙඩරල් යෝජනාව මගින් කිසිසේත් සිංහල ජනතාවට අයහපතක් නොවන අතර තම සන්ධානයට අවශ්‍ය ෆෙඩරල් යෝජනාව’ බව ඔහු සඳහන් කරයි.
දෙමළ සන්ධානය හා ජාතික සමගි බලවේගය අතර කිසිදු ප්‍රතිපත්ති ප්‍රකාශවල එකඟතාවක් නැති බවත් අගමැතිවරයා කරන ප්‍රකාශය පදනම් විරහිත බවත් හෙතෙම පෙන්වා දෙයි.
13 වැනි සංශෝධනයට එහා ගිය බලයක් ලබා දෙන බවට තුන්වතාවක් ඉන්දියාවට පොරොන්දු වූයේ මහින්ද රාජපක්ෂ මහතා බවත් සුමන්තිරන් මහතා මතක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අවශ්‍ය වූවාට මේ රටේ නියම උරුමකරුවන් වන අති බහුතර ජනතාවට ෆෙඩරල් අවශ්‍ය නැත. යහපාලනය හෝ ප්‍රේමදාස නඩය හෝ ඒ සඳහා පොරොන්දු දී ඇතත් රාජපක්ෂවරු තමාට ඡන්දය දුන් බහුතර ජනතාවට බොරුකර නැත. බොරු කරන්නේද නැති බව විශ්වාසය. රාජපක්ෂවරු ජාතිවාදී බෙදුම්වාදී ත්‍රස්ත හිතෛෂී පුද්ගලයන්ගේ පදයට නොනටන බව 30 වසරක ත්රස්තවාදයක් අවසන් කර මහජනතාවට නොබියව ජීවත්වීමට පරිසරය සකස්කර දී ඇත. විදෙස් රටවලට කුමක් කීවද එලෙස නොකරන බැවින් අපට කම් නැත.