(දයාසීලි ලියනගේ)
රුපියල් කෝටි 70ක හිඟ බදු මුදල් ගෙවීමට ඇති ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට අදාළ දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර නිකුත් කර ඇතත්, පහළ නිලධාරීන් ආයතනය සීල් තබා නිෂ්‍පාදන කටයුතු අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුට සම්බන්ධ මෙම ව්‍යාපාරිකයා දේශපාලන හිතවත්කම් මත බලපත්‍රය ලබා ගෙන ඇති බව කියති. සෑම මාසයකම පාහේ බදු ගෙවීමට පෙර බලපත්‍රය ලබා ගන්නා මොහු ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන ගොස් ඇත.
මෙවර බලපත්‍රය ලබා දී ඇතත් පහළ නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා සතු ආයතන දෙකම සීල් තබා නිෂ්‍පාදන කටයුතු අත්හිටුවා ඇත.
දැනට සතියක කාලයක් තිස්සේ මෙහි නිෂ්‍පාදන කටයුතු මුළුමනින්ම නතරවී ඇති අතර, පහළ නිලධාරීන් ලවා සීල් තැබීම ඉවත් කර යළි නිෂ්‍පාදන ආරම්භ කිරීමට අදාළ ව්‍යාපාරිකයා බලපෑමට උත්සාහ ගන්නා බව ද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd