
(දයාසීලි ලියනගේ)
රටපුරා සියලුම ආසන සඳහා එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණෙන් 10 දෙනා බැගින් වූ කණ්ඩායම් පත් කිරීමට තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරි පළාත් සභා ඡන්දය මූලික කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන බව යොවුන් පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කීය.
එක් මාසයකට දිස්ත්‍රික්ක දෙකක් තෝරා ගෙන ආසන මට්ටමින් දස දෙනා බැගින් තෝරා ගැනෙන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මෙම වැඩපිළිවෙළ මුලින්ම ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ද කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පක්ෂයේ ප්‍රතිපත්ති හඳුන්වාදීම, තරුණ කණ්ඩායම් ඉලක්ක කරගත් වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම ද මෙහිදී සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd