(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් කොළඹ වොක්ෂෝල් වීදියේ ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එහි ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍යවරයකු මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට දැඩි ලෙස පෙනී සිටින ඉමිටියාස් බාකීර් මාකර් මහතා පත් කෙරෙනු ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන තිස්ස අත්තානයක මහතාද සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සහාය දැක්වීමට තීරණය කර ඇති බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd