(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් හා ආසන සංවිධායකවරු පිරිසක් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යස්ථ පළාත් සභා මන්ත්‍රීවරු හා ආසන සංවිධායකවරු ගණනාවක් සමඟ දැනටමත් සාකච්ඡාකර ඇති බව දැන ගන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ කළකිරීමට පත්වී සිටින පළාත් සභා මන්ත්‍රීවරු තෝරාගෙන මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත.
පොහොට්ටුව සමඟ සම්බන්ධ නැති මන්ත්‍රීවරු මේ සඳහා තෝරා ගනිමින් සිටින බවද කියති.
පළාත් සභා මන්ත්‍රීවරුනට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා නොදීම පිළිබඳව ඔවුන් දැඩි කළකිරීමට පත්ව සිටින බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd