(නිශාන්ත කුමාර බණ්ඩාර)
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරන්නේද නැද්ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය හෙට (02) රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු පිළිබඳ අධ්‍යයනය කොට මේ සම්බන්ධව තීරණයක් ගන්නා බව දෙමළ සන්ධාන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
මේ සඳහා දෙමළ සන්ධානය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට හෙට (02) පාර්ලිමේන්තුවට රැස්වන ලෙස දැනුම් දී ඇත.
සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් පසු ඒ පිළිබඳව තීරණය කරන බව සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.
මේ අතර දෙමළ සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාසභංගයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර පිල් බෙදීමක් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd