(දයාසීලි ලියනගේ)  

මෙවර තරග වදින දේශපාලනඥයෙක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලිමොසින් වාහනයක් ඇතුළු වාහන 15 ක් යොදවා තිබෙන බව වාර්තා වේ.  


මෙම වාහන බොහොමයක අපේක්ෂකයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් පවතින බව ද සඳහන් වේ. අද‌ාළ ප්‍රදේශය පුරාම මෙම වාහන අද‌ාළ අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදවා තිබෙන බව ද සඳහන් වේ.  

මෙහිදී සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය වීම පිළිබඳව මැතිවරණ කොමිසමේ කිසිදු නියෝජිතයෙක් පියවරක් ගෙන නැති බවට පැමිණිලි ඇත.