(අජන්ත කුමාර අගලකඩ)
විදේශ කටයුතු අමාත්‍යංශයට පවරා ඇති ලොතරැයි මණ්ඩල දෙක මුදල් අමාත්‍යංශය වෙත නැවත පවරා දීමේ ගැසට් නිවේදනය ඉකුත් සිකුරාදා නිකුත් විය.
විදේශ කටයුතු අමාත්‍යංශයේ විෂය පථයට අදාළ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් සිකුරාදා නිකුත් කළ අතර ඒ යටතේ ලොතරැයි මණ්ඩල දෙකද පවරා තිබේ.
මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉකුත් මැයි මාසයේ දී සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමග විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරිණි.
විදේශ කටයුතු ඇමැති ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා පසුගියදා එම ධුරයෙන් ඉවත් වූ අතර, නව විදේශ ඇමැති ලෙස තිලක් මාරපන මහතා ඉකුත් දා දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd