(නාලක සංජීව දහනායක)
මෙම වසර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන වෙනුවෙන් රුපියල් මිලියන 2,250ක මුදලක් වෙන්කර ඇති අතර ඉන් රුපියල් මිලියන 1,623ක් මේ වනවිටත්
නිදහස් කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
විමධ්‍යගත ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ යෝජනා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාරදිය යුතු අතර එම යෝජනා අමාත්‍යංශයට ලැබුණු පසු මුදල් වෙන් කෙරෙන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිෙරා්ෂන් පෙරේරා මහතා පැවැසීය. එහෙත් මේ වනතුරුත් විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා යෝජනා ලබා නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව රුපියල් ලක්ෂ 50ක්ව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 100 දක්වා ඉහළ දැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd