(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගත තත්ත්වය නිසා රජයේ සේවක වැටුපෙන් ණය වාරික හා ණය පොලිය අය කිරීම අත්හිටුවීමට ගත් තීරණය මේ මාසයේ සිට ඉවත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව රජයේ නිලධාරීන්ට අත්තිකාරම් යන ශීර්ෂය යටතේ ලබාදී ඇති ණය වෙනුවෙන් වාරික හා පොළී මුදල් ගෙවීම අත්හිටුවීමට ගත් තීරණය මේ මාසයේ සිට අහෝසි කරනු ලබන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරු පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd