අජන්ත කුමාර අගලකඩ
ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍යධූර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති නම් ලැයිස්තුවේ ඇති කිහිපදෙනකු සම්බන්ධයෙන් පවතින විරෝධය ද මෙම අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ වුවද, රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම හෙට (05) දිනයේ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ.
රාජ්‍ය අමාත්‍යවරුන් තිස්පස් දෙනකු පමණ පත් කිරීමට නියමිත අතර, පොදුජන පෙරමුණෙන් රාජ්‍ය අමාත්‍ය ධුර සඳහා නම් කරන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් එම පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd