(නිමන්ති රණසිංහ)
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් පෙරේදා (20) අධිකරණයට ඉදිරිපත් කර ඇත.
හෙට (23) එම ඉල්ලීම සලකා බලන ලෙසටද එම අයැදුමෙන් ඉල්ලා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 19දා හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත පෙරේදා (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඒ අත්අඩංගුවට ගැනීම කුමන වරදක් මත සිදුකරයිද යන්න පැහැදිලිව පෙත්සමේ සඳහන් කර නොමැති වීම හේතුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd