
(නිශාන්ත කුමාර බණ්ඩාර)
මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය නිසා විනාශ වූ දේපළ හා ලියකියවිලිවල වටිනාකම මෙතෙක් ගණන් බලා නැතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගාරයේ සියලු අංශ සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර මිලියන ගණනක අලාභයක් සිදුවී ඇතැයි සැළකේ.
මිල කළ නොහැකි ලියවිලි රැසක් ද ගින්නෙන් විනාශ විය.
කෙසේ වෙතත් මේ සඳහා තක්සේරු කර වාර්තාවක් සකස් කිරීමට කටයුතු කෙරේ.
ඒ සඳහා අංශ කිහිපයකින් කටයුතු කරන අතර දැනට මහර බන්ධනාගාරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd