(දයාසීලි ලියනගේ)
මේ රජය බලයට පත්වී වසර 2 1/2 ක කාලයක් තුළ ඉතිහාසයේ පළමුවැනි වතාවට මන්ත්‍රීවරු වැඩිම පිරිසක් අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවට පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ලිඛිතව හා වාචිකව පැමිණිලි කිරීමට ඒකාබද්ධ
විපක්ෂය තීරණය කර ඇත. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, බැසිල් රාජපක්ෂ, ප්‍රේමලාල් ජයසේකර, මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, මහින්ද රණවීර, ඩී.වී. චානක යන මන්ත්‍රීවරු හිටපු මන්ත්‍රීවරු විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇති අතර මේවා බොහෝ විට දේශපාලන පළිගැනීම් බව සඳහන් කර ලබන සතිය තුළ ලිඛිතව දන්වා යැවීමට තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.
මීට අමතරව බ්‍රිතාන්‍යයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය මන්ත්‍රී සංසදයේ කාර්යාලය නියෝජිත පිරිසක් යවා අදාළ පැමිණිල්ල වාචිකව ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd