(දයාසීලි ලියනගේ)
මුතුරාජවෙල තෙත්බිම් කලාපය වටා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරනු ලබන සියලුම පරිසර නිලධාරීන් මාරුකර යවා ඇති අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම පියවර ගැනීමට හේතු වී ඇත්තේ මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශය ගොඩකිරීම, අනවසර ඉදිකිරීම් හා විවිධ පුද්ගලයන් එම භූමිය තුළ විවිධාකාර කර්මාන්තශාලා ආරම්භ කිරීම සම්බන්ධයෙන් පරිසර නිලධාරීන් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ඔවුන් වහාම මාරු කර යැවීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.
ඒ අනුව මෙම නිලධාරීන් මරුකර යවා රාජකාරිය හරියාකාරව ඉටු නොකිරීම පිළිබඳව විනය පරීක්ෂණ ගැනීමට ද පියවර ගන්නා ලෙස ඇමැතිවරයා උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd