(අජන්ත කුමාර අගලකඩ) 
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉකුත් අඟහරුවාදා (02) නීතිපතිවරයාට බාරදෙනු ලැබ ඇත.
වාර්තාවෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම වාර්තාව නීතිපතිවරයාට බාරදී තිබේ.
ජනාධිපතිවරයා ඉකුත් බදාදා (03) පස්වරුවේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ අතර එම ප්‍රකාශය කළ දිනට කලින්දාම වාර්තාව නීතිපතිවරයාට බාර දුන් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ බැංකුවේ ඉකුත් 2015-2016 කාලය තුළ සිදුවූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද කොමිෂන් සභාව මාස 10 ක පමණ කාලයක් තිස්සේ කළ පරීක්ෂණයේ වාර්තාව ඉකුත් 30 වැනිදා ජනාධිපතිවරයා වෙත බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd