(දයාසීලි ලියනගේ)
පළමු වටයේ කොරෝනා වසංගතය පැතිරී ගිය අවස්ථාවේ ජීවනෝපාය ගෙන යාම අසීරු වූ පවුල්වලට රුපියල් 5000 බැගින් වූ ආධාර මුදලක් පිරිනැමීමේ වැඩපිළිවෙළට රුපියල් කෝටි 90 ක මුදලක් වැය වී ඇති බව වාර්තා වේ.
ලෝක බැංකුවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආධාර යටතේ මෙම මුදල ගෙවා ඇති බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
වසර 30 කින් මෙම ණය මුදල ගෙවිය යුතු වේ. කොරෝනා වසංගත තත්ත්වය නිසා රට වසා දැමීමෙන් රැකියා අහිමි වූ පිරිස් සඳහා පසුගිය අප්‍රේල්, මැයි මාසවලදී රුපියල් 5000 බැගින් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd