(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් ළඟදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය කිරීමට පෙර සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
පළාත් සභා මැතිවරණයද කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා සීමා නිර්ණයට කමිටුවක් ද පත්කර ඇත.
එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ, පළාත් සභා කොට්ඨාස බල ප්‍රදේශ ලෙස යොදා ගත හැකි බවට ද ඇතැමුන් රජයට යෝජනා කර තිබේ.
එහෙත් ඒ පිළිබඳ තීන්දු ගැනීම සියලු පක්ෂ සමග සාකච්ඡා කර සිදුකිරීම වඩාත් ප්‍රායෝගික බව රජයේ අදහස වී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd