(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් වසර කීපයේදී ගෙන්වන ලද පොහොර වෙනුවෙන් රජය පොහොර සමාගම්වලට රුපියල් කෝටි 600කට වැඩි මුදලක් ගෙවීමට ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හිඟ මුදල් නොගෙවීම නිසා පොහොර සමාගම් පසුගිය කාලයේ පොහොර ගෙන්වීම නතර කර ඇති අතර ඉකුත් සති කිහිපයක් තිස්සෙ පැවැති පොහොර හිඟයට ද එය බලපෑ බව එම ආරංචි මාර්ග පවසයි.
පොහොර සමාගම්වලට ගෙවීමට ඇති රුපියල් කෝටි 600ක පමණ හිඟ මුදල්වලින් කෝටි 200ක් පමණ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය මත ගිය සතියේදී මහා භාණ්ඩාගාරය විසින් අදාළ සමාගම්වලට ගෙවනු ලැබූ බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd